No menu items!
27.2 C
Sri Lanka
28 April,2025
Home Blog Page 612

තාරුණ්‍යය සිප ගෙන නිම්නයට කැඳවීම

0

ලක්ශාන්ත අතුකෝරල

මරණයේ පරිච්ෙඡ්දයෙන් සිත මුදවාගෙන, ජීවිතයේ අගය සහ අපේක්‍ෂාවන් යෙහෙන් වැවෙන නිර්මාණ පෙදෙසක් කරා යන්නට සිතත්ම, හදිසියේ ඇසුණ හුරු පුරුදු ගීතයක් විසින් සිදු කරන ලද්දේ කුමක්ද? ‘‘කලාවේ තාරුණ්‍යය සිප ගත් ‘මරණය’’’ පිළිබඳ සිහින් අදහස් කුඩක් එය විසින් මසිතෙහි තවරා තිබේ.
‘ඇසෙනවා මට බෙර නදේ තාලයට ඔබේ හද ගැස්ම
අවාසනාවට ඔබ මෙහි පැමිණියේ වෙන කෙනෙක් එක්ක
ඉතින් මේ වෙලාවේ ඔබ මගේ දෑත් ගෙන සිටින
උපරිමය ගමු රැුයෙන් යොවුන් වියෙදීම මියෙන්නන් විලස’
ජනපි‍්‍රය ඇමරිකානු ගායිකා Ke$haගයන Die Young නමැති ඒ ගීතය ඔස්සේ සිතුවිලි දිවයන්නේ අමරණීය නිර්මාණ ඉතිරි කර කලින්ම මරණයේ ඉසව්වට පිවිසියවුන් වෙතය. ඔව්, එයද ඉතා දිගු ලැයිස්තුවකි. කිව හැක්කේ කීප දෙනෙකු ගැන පමණක් වුවත් පුදුම වන්නට නොව මරණයේ හදිස්සිකාරකම ගැන සිතන්නට මම ඔබට ඇරියුම් කරමි.
‘මෝටර් සයිකල් ඩයරීස්’ කෘතිය ලියූ සුපතළ මාක්ස්වාදී විප්ලවකරු, අර්නස්ටෝ චේගුවේරා මරා දැමීමට 1967දී බොලීවියානු ජනාධිපති රෙනේ බැරියෙන්ටොස් නියෝගය දුන්නේ ඔහුගේ ජීවිතය තිවසර 38කට සීමා කරමිනි. ඉංගී‍්‍රසි රොමැන්තික කවියේ නියමුවන් වූ ජෝන් කීට්ස්, ෂෙලී සහ ලෝඞ් බයිරන් යන තිදෙනාටම ලැබුණේ පිළිවෙළින් වසර 25ක්, 30ක් සහ 36ක් පමණි. බෲස් ලී වසර 33කින් සමුගත් අතර මොසාට්ට ඊට වඩා දෙවසරක් ලැබිණි. රෙගේ රජු බොබ් මාලේටත්, සරාගි නිළි රැුජින මැරිලීන් මොන්රෝටත් මරණය නියම කළ අංකය 36 වූ අතර වැන් ගෝටත්, රුසියානු මහා කවි පුෂ්කින්ටත් අංක 37 ලැබිණි. ලොව බිහි වූ දක්ෂතම විද්යුත් ගිටාර් වාදකයා ලෙස සැලකුණු ගායන තරුව, ජිමී හෙන්රික්ස් 60-70 දශකවල අඩු වයසින් මියගිය බොහෝ සිනමා-සංගීත තරු සේම මත්ද්‍රව්‍ය අධික මාත‍්‍රාවන් හේතුවෙන් මෙලොව හැර යන විට 27 වැනි වියේ පසු විය.
‘‘අද දවසේ සතුටුදායක අවස්ථා හෙට දවසේ දුක්බර සිතුවිලි බවට පත් වන බව’’ බොබ් මාලේගේ ගීයක කියැවේ. සාහිත්‍ය ලෝකයේ ඉතිරි වූ දුක්බර සටහන් අතර ෆුලිට්සර් ත්‍යාගය දිනූ ඇමරිකානු කිවිඳිය, සිල්වියා ප්ලාත්ගේ අකුරු වරදින්නේ නැත. ඇගේ ලේඛනවල මානසික පීඩාව, කාංසාව සහ මරණය පිළිබිඹු වූ අතර කිහිප වරක් උත්සාහ කිරීමෙන් පසු ඈ 30වැනි වියේදී මරණය සොයා ගත්තාය. ඇගේ මරණින් පසු පළ වූ සුප‍්‍රකට අර්ධචරිතාපදාන නවකතාව ඔයැ ඊැකක න්‍්රහි ඈ මෙසේ ලියයි.
‘‘හිත මත්තේ තණ පත් සැලෙන විට දුඹුරු පාට මෘදු පොළොවේ දිගැදී, නිහඬතාවට සවන් දීමට ලැබෙන – ඊයේ දිනක් හෝ හෙට දිනක් නොමැති කාලය අමතක කර දමා, ජීවිතයට සමාව දී නිවී සැනහෙන්නට ලැබෙන- ඒ මරණයේ නිම්නය බෙහෙවින් සොඳුරු විය යුතුය.’’
ජැක් ලන්ඩන්, ෆ‍්‍රාන්ස් කෆ්කා සේම, ‘බීට්ල්ස්’ ගායක කණ්ඩායමේ ජෝන් ලෙනන් ද 40වැනි වියේදී ලොවින් නික්ම ගියහ. නාසි උමතුවේ ගොදුරක් වීමෙන් පසු තම අනුවේදනීය දිනපොත නිසා ලෝක ප‍්‍රකට වූ යුදෙව් දැරිය, ඈන් ෆ‍්‍රෑන්ක්ට මෙලොව වාසය කරන්නට ලැබුණේ යන්තම් අවුරුදු 15ක් පමණි.
මරණය විසින් මහත් කෝපයකින් හඹා ගිය අසරණ බ්‍රොන්ටේ සොහොයුරියන්ගේ ජීවන සැරිය ගැන සඳහනක් නොමැතිව මෙවන් සටහනක් කෙසේ සම්පූර්ණ වේද? ‘ඇග්නස් ගේ‍්‍ර’ නම් නවකතාව ලියූ ඈන් වයස 29දීද, ‘වදරින් හයිට්ස්’ ලියූ එමිලි වයස 30දීද, ‘ජේන් අයර්’ ලියූ චාලට් වයස 38දීද මිය ගිය අතර, මරණය ඒ තිදෙනා කරාම පැමිණියේ ක්ෂය රෝගයේ වේශයෙනි. මේ සොයුරියන් තිදෙනා බ‍්‍රැන්වෙල් නමැති සොයුරා ද සමග ළමා විය ගත කළේ මහත් සේ පොත් කියවමින්, ලියමින් සහ සිතුවම් අඳිමිනි. බ‍්‍රැන්වෙල් බ්‍රොන්ටේ විසින් 1834දී තමා, සිය සොහොයුරියන් තිදෙනා සමග සිටින’යුරු සිතුවමට නගයි. පසුව තමා නිසා සිතුවම අපිරිසිදු වී ඇති බව පවසමින් ඔහුගේ රුව මකා දමයි. වයස 31න් බ‍්‍රැන්වෙල් ද ලොවින් මැකී ගිය අතර අර ඵෙතිහාසික සිතුවම අදටත් බි‍්‍රතාන්‍යයේ ජාතික ආලේඛ්‍ය කලාගාරයේ තබා ඇත.
මෙම ලිපිය නිමා කරන අතරේ එක්තරා වැදගත් නමක් මම හිතාමතාම සඟවා ගනිමි. ඔහුගේ වසර විසිපහක ජීවිත කාලය එකම යුද්ධයකි. යුද්ධයේ යක්ෂ මුහුණ සහ මරණයේ ජටාව කවියට නැගූ භටයා ඔහුය. යුද්ධය අපටද ආගන්තුක නොවන හෙයින් ඊළඟට ඔහුගේ නිර්මාණ ගැන යමක් ලිවීමට සිතමි. ඉතින් මරණය පසෙක ලා ජීවිතාපේක්ෂණ ලියන්නට වෙන්නේ ඊටත් පසුවය.

විසිපස් වසරකට පෙර ලියැවුණ කවියක දෝංකාරය

0

 

කැත්ලීන් ජයවර්ධන

‘දෝංකාරය – යුදබිමෙන් උපන් කවි’ ලියැවී, සංස්කරණය වී, මුද්‍රණයෙන් පළවී ඇත්තේ අවුරුදු 25කට පෙර ය. එය නොමියෙන නගරයක, නොමියෙන ජීවිත කිහිපයක අභ්‍යන්තර රාවය අපේ සිත් තුළ ධ්වනි නංවනසුලූ ය. අවුරුදු විසිපහකට පෙර පළ වූ මුත් මට කියවන්නට නොලැබුණු ‘දෝංකාරය – යුදබිමෙන් උපන් කවි’ කෘතියේ කවි රස විඳින්නට සිතූ මා මුහුණපෑවේ කම්පනයකට ය. එසේ කියන්නේ එහි කවි රසය අඩාල වූ නිසා නොවේ. උතුරා යන කවි රසය ද සම`ගින් ඒවා අපට සමච්චල් කරන්නාක් මෙන් හැ`ගුණ නිසා ය.
දෙමළ බස කතා කරන්නට හෝ ලියන්නට හෝ කියවන්නට හෝ නොදන්නා අප දෙමළ කවි, කෙටිකතා කියවා නැත්තේ ඒ නොදන්නාකම නිසා යැයි කියමින් ඊට නිදහසට කරුණු ඉදිරිපත් කිරීම සමාව දිය හැකි වරදක් දැයි මට සිතුණේ මෙහි එන ඇතැම් කවි කියවන විට ය. අප, අපේ පාඩුවේ අපේ ම නිර්මාණ සම`ග පමණක් එක්තරා ගනුදෙනුවක යෙදී සිටි ඈත දිනක මේ පොත සංස්කරණය කළ සීතා රංජනී යෙදී සිටින්නට ඇත්තේ කවර ආකාරයේ කාර්යභාරයක ද, එය කෙසේ නම් තක්සේරු කළ යුතු දැයි අනතුරුව මම සිතා බැලූවෙමි. සද්භාවයෙන් හා අවංක චේතනාවෙන් යුතුව මේ කාර්යයේ යෙදුණ හා යෙදෙන තවත් කීපදෙනෙකුගේ ද මෙහෙවර ඉහළින් තක්සේරු කළ යුතුව ඇති බව ද ඒ සම`ගම ලියා තැබීම සුදුසු ය.
එදා සිට අද දක්වා අප සම`ග උරෙනුර ගැටෙමින් ජීවත්වන සහෝදර ජනතාවකගේ බස හැසිරවීමට, උගෙනීමට අප තුළ වූ නුවුවමනාව, ඒ උකටලී බව සාහසික නොවන්නේ දැයි සිත ප‍්‍රශ්න කළේ පොත කියවා නිම වූ පසුව ය. මේ පොතේ සංස්කාරිකා සීතා රංජනී ගැන දැන සිටින සියල්ලෝ ම, ඇය ජීවිතයේ විවිධ කාලවකවානුවලදී විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දෙමින් සිටියදී ද පශ්චාත්තාප නොවී උකටලී ව නොසිට කිසියම් වූ සමාජ මෙහෙවරක නිරතවීම සඳහා තමාගේ දෑතට, සිරුරට හා සිතට අණාඥා පමුණවාගත් කාන්තාවක බව ද දැන සිටිති. සීතා රංජනී විවිධ කාලවකවානුවල විවිධ ආයතන, විවිධ සංවිධාන නියෝජනය කරමින් කටයුතු කළ බව (මාධ්‍යවේදිනියක ද වශයෙන්) ප‍්‍රකට ය. ඒ ඉතිහාසය දෙස ආපසු හැරී බලන අද දවසේදී පෙනීයන්නේ ඇගේ ඒ සියලූ සම්බන්ධතා ගොඩනැගී ඇත්තේ එක් පොදු අරමුණක් අරබයා ම වන බව ය. කවදත් ඇය සංවේදී ව ඇත්තේ කිසිදු භේදයකින් තොරව ඇය නෙත සිත යොමා ඇත්තේ සියලූ වර්ගයේ, සියලූ තරාතිරමේ මනුෂ්‍යයන්ගේ පීඩනය කෙරෙහි ය. මගේ මතකයට අනුව නම් සීතා කිසිදු දේශපාලන පක්ෂයක්, සංවිධානයක් හෝ කඳවුරක් වෙනුවෙන් පෙනී සිට නැත. විශේෂත්වය නම් ඒ ය.
‘බොහෝ දෙයින් ටිකක්…’ යනුවෙන් සීතා මේ කෘතිය සඳහා සපයන පූර්විකාවෙහි මෙසේ ද සඳහන් ය.
‘මේ කවි සමස්තය විමසූවිට පිළිනොගෙන සිටිය නොහැකි සත්‍යයක් ඒ පුරා දිවෙන බව දැනෙනු ඇත. ඒ, මේ කවිවලින් හෙළිවන දෙමළකම නිසා ම අපේ ම මිනිස් කොට්ඨාසයක් මේ සමාජය තුළ විඳින අතොරක් නැති දුක් කම්කටොලූ, මදි පුංචිකම්, අවමාන, අතවරවලින් මේ කවි කිවිඳියන්ගේ සංවේදී හදවත් සසල වී ඇති තරමයි. ඒ සසළ වූ, කම්පා වූ, රිදුණා වූ හදවත් ඒ සසළ වූ හදවත් ම ප‍්‍රතිනිර්මාණය කිරීමෙන් ඔවුන් මේ හ`ඩගා කියන්නේ මිනිසකු ලෙස ජීවත් වීමට ඔවුනට ඇති අයිතිය, ආශාව ගැන නොවේ ද?’ (දෝංකාරය, 5 පිටුව)
අප සියල්ලන් ම මේ ලොව කොතැනක හෝ කවර රටකට, කවර ජාතියකට, කවර වර්ගයකට යටත් ව හෝ උපත ලැබුවේ ජීවත් වන්නට ය. අපගේ දෑස්වල මෙන් ම ඔවුන්ගේ දෙනෙත්වලත් ගැඹුරු පත්ලෙහි සැ`ගව ඇත්තේ ‘ජීවිතයට ඉඩදෙන්න’ යන ආයාචනයයි. මේ ආයාචනය හඳුනා නොගන්නා කිසිවකු මිනිසකු විය හැකි නොවේ.
‘යුදබිමෙන් උපන් කවි’ යැයි කී විට දෙයාකාර සිතුවිලි ජනිත විය හැකි ය. ඒ අනුව කෙනෙකුට සිතෙනු ඇත්තේ මෙහි සංගෘහිතව තිබෙන්නේ රණවිරුවන් ලියූ කවි යැයි කියා ය. යුද්ධ ප‍්‍රකාශකෙරූවන් හෙවත් කැරලිකරුවන් ලියූ කවි යැයි තවත් කෙනකු සිතන්නට ද පු`ඵවන. අනෙක් අතට යුද්ධ ප‍්‍රකාශකෙරූවන් ද නොවන රණවිරුවන් ද නොවන තුන්වැනි පාර්ශ්වයක් ද යුදබිමෙහි සිටී. දෝංකාරයේ යුදබිමෙන් උපන් කවි ඔවුනගේ ය.
‘යුදබිමෙන් උපන් කවි – දෝංකාරය’ නමින් සීතා රංජනී ඒවා සංස්කරණය කරද්දී ඇය ද සම`ග ින් මේ කවි (දෙමළ බසින්) සිංහලට නගා ඇත්තේ මනෝරංජන්, එස්. සිවගුරුනාදන්, එස්. බාලක‍්‍රිෂ්ණන්, එස්.කේ. වික්නේස්වරන්, ඉබ්නු අසුමත් හා එන්. මුරුගදාස් ය. මේ සියලූ පරිවර්තකයන් සොයායමින් ඔවුන් ඒකරාශි කරගනිමින් මේ බාර¥ර කර්තව්‍යයේ වැඩිමනත් වූ බර දරා ඇත්තේ සීතා රංජනී ය.
‘දෝංකාරය’ පොත අතට ගෙන එහි කංචුක චිත‍්‍රයේ පටන් පොත නරඹමින්, කියවමින්, වින්දනය කරමින් ගත කළ කාලය මට දැනුණේ මරණයේ නගරය මැදින් ගිය සිහිකටයුතු පා ගමනක්් සේ ය. මේ අපූරු කවි ලියූ සිවරමණී, සෙල්වි, රාජනී තිරාණගම මෙන් ම කුමාරගුරු කුගමූර්ති ද අද ජීවතුන් අතර නැත. ඔවුනගේ කවි සිංහලට නගමින් ‘දෝංකාරය’ නමින් සංස්කරණය කළ කෘතියට පිටකවරයක් නිර්මාණය කළ ප‍්‍රගීත් එක්නැලිගොඩ ද තවමත් අතුරුදහන්ව සිටී. සිංහල දෙමළ භේදයකින් තොරව මේ සියලූ දෙනා ම මුහුණ පා ඇත්තේ එක ම මරණයට ය. මනුෂ්‍යයාට මනුෂ්‍යත්වය අමතක වීමේ ඛේදය, ඒ භයානකත්වය මුරගා කියන මේ කවි එකතුවේ ‘උපහාර’ පිටුවෙන් සංස්කාරිකා සීතා රංජනී විසින් සෙල්වි, සිවරමණී, රාජනී තිරාණගම හා කුමාරගුරු කුගමූර්ති හඳුන්වා දෙනු ලැබ ඇත්තේ මෙසේ ය.
‘උණ්ඩයේ බලය වෙනුවෙන් නොව මිනිස් ජීවිතයේ බලය හා අයිතිය වෙනුවෙන් පෙනීසිටීමේ වරදට 1991 අගෝස්තු 26දා එල්.ටී.ටී.ඊ. අත්අඩංගුවට පත් ව ඔවුන්ගේ වදකාග  ාරවල වද විඳ 1993 මැයි 01දා ඔවුන්ගේ උණ්ඩයේ බලය නොව මිනිස් ජීවිතයේ බලය ම පිළිගත් හෙයින් මරා දමනු ලැබූ ‘සෙල්වි’.
‘උතුරේ පවතින බිහිසුණු සමාජ වාතාවරණය දරාගත නො හැකිව, එම සමාජය වෙනුවෙන් ආත්මය පරාජය කර ජීවත්වීමට වඩා (මරණය හොඳ යැයි සිතා) මරණය තෝරා ගෙන 1991 මැයි 18දා අපෙන් සමුගෙන ගිය, ජවබලයෙන් පිරිපුන්, කවි නිර්මාතෘවරියක වූ තරුණ කිවිඳිය ‘සිවරමණී’.’
‘යාපනය විශ්වවිද්‍යාලයේ කායව්‍යවච්ෙඡ්ද අංශයේ ප‍්‍රධානියාව සිටි, මිනිස් ජීවිතයේ අයිතිය වෙනුවෙන් මානව හිමිකම් පිළිබඳ විශ්වවිද්‍යාල ආචර්යවරුන්ගේ සංගමය සම`ග දිවි දෙවැනි කොට සේවය කරමින් අභීත ව සිය පෑන මෙහෙය වූ, එල්.ටී.ටී.ඊ. රුදුරු වෙඩි උණ්ඩයට බිලිවී 1989 සැප්. 21 දින ඝාතනයට ලක් වූ ‘රාජනී තිරාණගම.’
‘ද්‍රවිඩ බසින් ලියැවුණු කවි, කෙටිකතා පොත් කිහිපයක් ම ගෙනැවිත් දෙමින් සිංහල පාඨකයාට හඳුන්වා දෙන්නැයි ආරාධනා කර, උපකාරී වූ කොළඹ ශ‍්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සේවය කරමින් සිටිය දී 1990 සැප්තැම්බර් 16 දින පැහැර ගෙන යන ලදුව අදට ද ආරංචියක් නැති ‘කුමාරගුරු කුගමූර්ති’. (3 පිටුව)
‘දෝංකාරය’ කියවාගෙන යද්දී සිත තුළ දෝංකාර නැංවූයේ සිංහලකම හෝ දෙමළකම අපගේ ආත්මීය වුවමනාවක් ද, සාංසාරික අවශ්‍යතාවක් ද යන ප‍්‍රශ්නයයි. අපි සිංහල වී උපදින්නට (උපතට පෙර)ප‍්‍රාර්ථනා කළෝ වෙමු ද? කිසිවෙක් දෙමළ ජාතිකයකු වන්නට පූරුවේ සිට පතාගෙන ආවේ ද?
‘මුහුණ අහිමි වූවෝ’ නමින් මීට ඇතුළත් වන කවි කිහිපය උපුටාගනු ලැබ ඇත්තේ ‘මරණය තුළ ජීවත්වෙමු’ (මරණත්තුල් වාල්වෝම්* නම් වූ කාව්‍ය සංග‍්‍රහයෙනි. මෛත‍්‍රී විසින් ලියන ලද මේ කවි අමතන්නේ කවන්ධ රූපවලට ය.
නගරය යාන්ත‍්‍රීකරණය වූ නිසාවෙන්
මුහුණු අහිමි වී ගිය
මිනිසුන් නොවෙති ඔවුහු.
පාරේ ගිය වරදට
ගෙදර සිටි වරදට
කෙටියෙන් ම කිවහොත්
මේ බිමේ ඉපදීමෙන් ලැබූ වාසනාවට
වෙඩි උණ්ඩයෙන් ම සම්මාන ලැබූවෝ වෙති
ඔව්හු.
ගිනිජාලා පොරෝණයෙන් වසා,
ගෞරව දැක්වූ නිසාවෙන්
මුහුණු වසං වී ගිය අයවෙති ඔවුහු.
මිනී කාමරයේ
හඳුනා නොගත් මළ සිරුරු
ඥාතීන් විසින්
වැදුමව් විසින්
හඳුනා ගත් පසුවත්
නොහඳුනන මළ සිරුරුම වූවෝ ය, ඔවුහු. (64 පිටුව*
සිවරමණී නම් වූ ප‍්‍රතිභාපූර්ණ කිවිදිය ජීවිතයෙන් සමුගන්නට පෙර ලියූ කවියක් නම් කර ඇත්තේ ‘ජීවිතය පුපුරා යන රාත‍්‍රියක සිහින’ ලෙස ය. මේ එහි පද කිහිපයකි.
ලාම්පු දැල්ලට පොරකා
මෙරු එකා පස්සෙ එකා වැටී
සිය දිවි නසා ගනිති
කුමක් ගැන සිතීම ද
වඩා ඥානවන්ත විය හැක්කේ?
මෙරු ගැන ද?
මළගියවුන් ගේ ඇස් මෙන්
පැහැදිලි නැති අර්ථයක් කියාපාන
තාරකාවන් ගැන ද?
සත්‍යය නම් මට නොතේරේ
බොරුව අඳුනා ගැනීම ද
මේ අන්ධකාරයේ පහසුවක් නම් නොවේ.
නමුත්,
විභාගයට පොත් පාඩම් කරන
මගේ නංගීට
ඇගේ ගතිගුණවල
අර්ථය සොයාපන් යැයි කියන්නට
මට නො හැක.
පත‍්‍රිකාවකින් මෙන්
විශ්වාසයයි නිගමනයි දිය හැකි
වචන මා ළ`ග නැත.
රාත‍්‍රිය,
රාත‍්‍රියේ අණ ලැබූ දහවල!
හෙට උදෑසන හිරු උදාවේද කියාවත්
සැකයෙන් සිටින මා ළ`ග
සිහින,
තමන්ගේ නැතිවුණු අර්ථයන් සම`ගම.
මෙම සමාජයේ පෙකණිවැළටත්
අවි අමෝරා තිබියදී
එක සිනිඳු මල් පෙත්තක
වාඩි වීමට හැකි
සමනලයකුගේ සිහිනය
මට සම්බන්ධ නැති එකම එක සිද්ධියක් පමණයි.
මම
මනුෂ්‍යයෙකු ලෙස ජීවත් වීමට කළ
උත්සාහයේදී
මල්වලට මල් ගස්වල ම බැබලෙන්න ඉඩ දෙන්න සිතුවෙමි.
මට
දහවල විසින් ගොඩ නැගූ ලස්සන රාත‍්‍රියක් ගැන
සිහිනයක් ඇත. (11-12 පිටු)
ගර්භාෂයේ සිට මරණය දක්වා විලංගු ලා සිටින වතු කම්කරුවකුගේ ජීවිතය කවියට නගා ඇත්තේ එස්. මුරලිදරන් ය. මේ කවිය උපුටා ගෙන ඇත්තේ ඔහුගේ එක් කාව්‍ය සංග‍්‍රහයකිනි.
පලනි අප්පා,
මේ මහා පොළෙවෙන්
නුඹ වඳ කිරීමට කළ
අවසාන කප්පාදුව ද මේ…?
දස මසක් ගර්භාෂ සිපිරි ගේ සිර වී සිටින
දරු ම`ඩුව නම් සිර ගෙයි
පාසල නම් ද`ග ගෙයි
දෑත් දෙපා බැඳ දා සිට
වහා ම ‘වැටුප්’ නම් විලංගුව ලා
සීතල කඳුකරයේ දිනෙක අත් හළ නුඹ!
ඩං… ඩං…
ඩන්කු ඩ`ගුටු…
එදා සිට නුඹ,
‘පලනි අප්පා’ නම් වූ යන්ත‍්‍රය
ක‍්‍රියාකාරී විය නොකඩවා.
අඩි අටේ කාමරය අස්සට
‘කරුපායි’ නම් ලද
ළමයි වදනා යන්ත‍්‍රය ද ඈඳා ගෙන
යන්ත‍්‍රයක් සේ ම වී
තව තවත් යන්ත‍්‍ර ම නිපද වූ නුඹ!
ඩං… ඩං…
ඩන්කු ඩ`ගුටු…
නුඹෙ සෙවණැල්ල යට
වෘත්තීය සමිතියට වැජඹෙන්න ඉඩ දුන්නු නුඹ,
විදුලි, අකුණු, වැසි, සුළං දෙස
බලා සිටියා සේ ම
මැතිවරණයෙන් මැතිවරණය
ඇතිවී නැතිවී යන සැටි
බලා සිටි නුඹ!
ඩං… ඩං… ඩං…
ඩන්කු ඩ`ගුටු…
නිරුවත් කඳුකරයට
අනගි ස`ඵපිළි පළඳවන්නට
මු`ඵ ජීවිතයම ගෙවා දැමුවා යැයි
නෑසෙන්නට නමුත්
කාගෙ හෝ දෙතොලක්
සෙළවුණේ ද නුඹ ගැන?
නුඹ සේම ජීවිතය කැප කරපු
සියල්ලන් වෙනුවෙන්
ස්මාරක හැදුවොත් හෙම
තේ ගස් කොහේ සිටුවන්න ද? (55-56 පිටු*x

රණවිරුවා සහ ත්‍රස්තවාදියා

0

 

රණවිරුවා සහ ත්‍රස්තවාදියා අතර වෙනස හඳුනා ගන්නට අපේ ආණ්ඩුවේ දේශපාලනඥයන්ට පවා බැරි වී ඇතැZයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියන්නට පෙර කළ යුතු ව තිබුණේ මඳක් පසුපසට හැරී, තමා පිටුපස සිටි යුද හමුදාපතිවරයාගෙන් ඒ දෙක අතර වෙනස කුමක්දැයි ඇසීම ය.

යුද හමුදාපතිධුරයට පත් වුණ දිනයේ ම, මාධ්‍ය අමතමින් යුද හමුදාපතිවරයා කීවේ, රණවිරුවා සහ අපරාධකාරයා (ඔහු යෙදූ වචනය මිනීමරුවා ය) අතර වෙනස තමා හොඳින් හඳුනන බව ය. මිනීමරුවන්ට රණවිරුවන් විය නොහැකි බවත්, රණවිරුවන්ට මිනීමරුවන් විය නොහැකි බවත් එදා හමුදාපතිවරයා කීවේ ය. ඔහු යුද බිමේදී දක‍ෂ සොල්දාදුවකු හැටියට ප්‍රකට ය. එවැනි යුද බිමේ අත්දැකීම් ඇති සොල්දාදුවකු, රණවිරුවන් හා මිනීමරුවන් අතර වෙනසක් ඇති බව දකිද්දී ජනාධිපතිවරයාට, තවමත් ඒ ගැන හරි අදහසක් නොවීම කනගාටුදායක ය.

එහෙත්, ජනාධිපතිවරයා රණවිරුවන් හා ත්‍රස්තවාදීන් අතර වෙනසක් තිඛෙන නොදැන ඉන්නට කිසි ම ඉඩක් නැත. රණවිරු වේශයෙන් සිටියත්, ත්‍රස්ත වැඩ කරන, අපරාධ කරන, මිනී මරන අය සිටින බව ජනාධිපතිවරයා හොඳින් දනියි. එහෙත්, ඒ දන්නා දෙයට වඩා වෙනස් දෙයක් ඔහු කියන්නේ, ඉදිරියේ දී තමා ලබා යුතු ඡන්ද ටික ගැන සිතා විය හැකි ය.

වර්තමාන ආණ්ඩුව මුහුණ දී තිඛෙන එක් ඛේදවාචකයක් නම්, ඡන්දය බලා ගෙන යුක්තිය ඉෂ්ට කිරීම පැහැර හැරීම ය. උදාහරණයක් හැටියට, කප්පම් ගැනීම සඳහා තරුණ ශිෂ්‍යයන් පස්දෙනකු ඇතුළු එකොළොස් දෙනකු පැහැර ගෙන ගොස්, නාවුක හමුදා කඳවුරක රඳවා තබා ගෙන සිට පසුව ඔවුන් ඝාතනය කොට, මළසිරුරු මුහුදට විසි කිරීම ගැන චෝදනා ලබා ඇත්තෝ නාවුක හමුදා නිලධාරීහු ය. ඒ චෝදනාව මත, හිටපු නාවුක හමුදාපති වසන්ත කරන්නා ගොඩ ද අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය වුණත්, ඒ අත්අඩංගුවට ගැනීම ගැන තමාගේ සතුටක් නැති බව කියා, එය වළක්වා ගෙන ඉන්නේ ජනාධිපතිවරයා ය. ඔහු සිතනවා ඇත්තේ, එවැනි ඉහළ හමුදා නායකයකු අත්අඩංගුවට ගැනීමෙන් තමාට අනාගතයේ දී හමුදා පවුල්වලින් ලබා ගත හැකි ඡන්ද ලක‍ෂ දහයක් පමණ අහිමි වී යා හැකි බව ය. ජනාධිපතිවරයා සිය ඡන්ද ලක‍ෂ දහයක් ගැන සිතයි. තම දරුවන් කප්පම්කාරයන්ගේ අතින් පැහැර ගැනීමට ලක් වුණු අම්මලා, තාත්තලා ඒ දරුවන් වෙනුවෙන් යුක්තිය අහිමි ව මුළු ජීවිතය ම අඳුරේ ගත කරති.

එබැවින්, රණවිරුවා හා ත්‍රස්තවාදියා අතර, වෙනස ඕනෑකමින් ම අමතක කර ඇත්තේ ජනාධිපතිවරයා ය.

ලංකාවේ හමුදාවල අය යුද අපරාධ කර නැති බවට ද එදා ජනාධිපතිවරයා සහතිකයක් නිකුත් කළේ ය. ඒ ද ඡන්දය ගැන හිතා කී දෙයකි. එහෙත් ඇත්ත නම් කුමක් ද? ඕනෑ ම යුද්ධයක දී මෙන් ම, මේ යුද්ධයේදී ද නීතියෙන් පිට අපරාධ සිදු වුණ බව ය. ඒවා ගැන සාක‍ෂි සහිත චෝදනා ඕනෑ තරම් තිබේ. අත්අඩංගුවට ගෙන ඝාතනය කළ ප්‍රභාකරන්ගේ ළාබාල දරුවා ඇතුළු දහස් ගණනකගේ මරණ සම්බන්ධයෙන් ලංකාවේ හමුදාවලට එල්ල වන චෝදනා තිබේ. ජනාධිපතිවරයකු නැතැයි කී පමණින් ඒ චෝදනා වාෂ්ප වී යන්නේ නැත. එවැනි චෝදනා වැරදි නම්, එය ඔප්පු කළ හැක්කේ ඒ ගැන පවත්වන සාධාරණ පරීක‍ෂණයක් මත පමණකි. සිරිසේන ජනාධිපතිවරයා එවැනි පරීක‍ෂණයකට ද විරුද්ධ ය.

එහෙම හිතන විට, මෛත්‍රීපාල සිරිසේන මහතා 1971 වන විට අගමැති ධුරයේ සිටියේ නම්, ප්‍රේමවතී මනම්පේරි සිද්ධිය සම්බන්ධයෙන් නඩු විභාගයක් පැවැත්වෙන්නේ නැත. 1989 වන විට ඔහු ජනාධිපති ධුරයේ සිටියේ නම්, රෝහණ විෙජ්වීර ඇතුළු ජවිපෙ නායකයන්ගේ තිරිසන් ඝාතන කට පුරා සාධාරණය කරනවා ද ඇත.

රණවිරුවන්ට මුදුනත් දී වැන්දාට කමක් නැත. එහෙත්, අපරාධකරුවන් අපරාධකරුවන් හැටියට දකින්නට අසාරෙච අසාර දස්සිනො පිළිවෙත හුරු කර තිබිය යුතු ය. •

බස් ගාස්තු ඉහළ ගියත් මගීන්ට සේවාවක් නැති පොදු ප‍්‍රවාහනය

0

 

හංසි මානවඩු

බස් සංගම් විසින් මේ වන විට තෙල් මිල වැඩිවෙද්දී බස් ගාස්තු වැඩිකිරීම සඳහා ආණ්ඩුවට තියෙන වගකීම සිහිකරලා දෙන්න පටන් අරගෙන තියෙනවා. වසරකට සැරයක් බස් ගාස්තු සංවාදය මතුවෙනවා. අඩුම තරමේ වසර දෙකකට වතාවක් වත් බස් මිල වැඩිවෙනවා. යහපාලන ආණ්ඩුව ආ විගස බස් ගාස්තුවේ යම් අඩුවක් වුණත් කෙටි කාලයකින් බස් ගාස්තුව යළි වැඩි වුණේ වාර්ෂිකව බස් ගාස්තුව පිළිබඳ සාකච්ඡුා කිරීමේ ප‍්‍රතිපත්තිය නිසා. තෙල් මිල වැඩිවුණ අවස්ථාවේ බස් ගාස්තුව වැඩිවූ ප‍්‍රමාණය මදි කියලා බස් සංගම් විරෝධතාව දැක්වුවේ බස් වර්ජනයකට යන බව තර්ජනය කරමින්. ඔවුන්ට ඒ සඳහා පැහැදිලි අයිතියක් තියෙනවා. බස් කර්මාන්තය මහා ලාභ ලබන ව්‍යාපාරයක් නොවන බවත් අපි දන්නවා. බස් ගාස්තුවේ 12.5ක වැඩිවීමක් වෙලා තියෙන්නේ ඔය සියල්ලම අනුව.
තෙල් මිල වැඩි වෙද්දී බස් ගාස්තු වැඩිවෙන්න ඕනෑ බව බස් සංගම් නිවැරදිවම ආණ්ඩුවට මතක් කරනවා. ඒක ඇත්ත. එහෙත් තෙල්මිල අඩු වුණොත් බස් ගාස්තු අඩුවෙන්නේ නැහැ. ඒ වෙද්දී වෙනත් අමතර උපකරණවල මිල වැඩිවීම වගේ හේතුවක් එක්ක බස් ගාස්තුවත් ඒ මට්ටමෙන්ම පවතිනවා. ඒ සියලූ‍ කාරණා පසෙක තිබියදී අප සොයාබැලිය යුතු කාරණයක් තියෙනවා. පෞද්ගලික බස් සේවාවේ ගුණාත්මකභාවය මොනවගේද කියන එක. එහි වෙනසක් සිදුවෙලාද.
2015 දී ලංකාවේ තිබුණු පෞද්ගලික බස් ප‍්‍රමාණය 19,000ක් පමණ වෙනවා. ඒ බස් සම්බන්ධයෙන් ආ පැමිණිලි ප‍්‍රමාණය 3,400ක්. මේ ප‍්‍රමාණය එදිනෙදා බස් සේවයේදී සිදුවෙන නොකටයුතුකම්වලින් සීයට එකක්වත් නියෝ්ජනය නොකරන බව බස් පාරිභෝගිකයන්ගේ එදිනෙදා අත්දැකීම. සාමාන්‍යයෙන් මෙවැනි සිදුවීමක් නිහඬවම විඳදරා ගැනීම තමයි පාරිභෝගිකයන්ගේ සිරිත.
ලංකාවේ එස්.එල්.ටී.බී. බස්වලට කිසිසේත්ම ප‍්‍රවාහන අවශ්‍යතාව සම්පූර්ණ කරන්න බැහැ. ඉතින්, ප‍්‍රවාහන අවශ්‍යතාව තියෙන්නේ පෞද්ගලික බස් සේවයේ අධිකාරිය යටතේ්. ඒ නිසාම රජයට පෞද්ගලික බස් සංගම්වල යෝජනාවලට ඇහුම්කන් දෙන්න සිද්ධවෙනවා. ඒ වගේ්ම මඟීනුත් බස් රථයේ නීතිවලට අනුගත වෙන්නට හුරුවෙලා. බස් රථයක් මහපාරේ දුවන්නේ පොදු ජනතාවට අයිති ගමන් කාලය පාවිච්චි කරමින්, කොන්දේසි බොහොමයකට එකඟ වෙමින් බව මඟීන්ට සහ රජයටත් අමතක වෙලා. සමහර විට මේ පාර්ශ්වයන් දෙකම ඒ බව නොදන්නවා වෙන්න ඇති.
බස් රථයේ රියැදුරාට හෝ කොන්දොස්තරවරයාට බස් රිය තමන්ගේ පෞද්ගලික දේපලක් ලෙස සැලකීමේ අයිතියක් නැහැ. බස් පර්මිට් එකක් හෙවත් ප‍්‍රවාහන බලපත‍්‍රයක් ලබාගෙන බස් රථයක් මහාමාර්ගයට යොදවද්දී මඟීන්ට ලැබෙන අයිතීන් රැුසක් තියෙනවා. බස් හිමියා බලපත‍්‍රය ලබාගනිද්දී කොන්දේසි විදියට ඒ අයිතීන්ට එකඟ වෙනවා. මේ සටහන ලියැවෙන්නේ ලියුම්කාරිය සහ ලියුම්කාරියගේ සමීපතමයන් මුහුණදුන් සැබෑ සිදුවීම් එකතුවක් සමඟ. මේ සිදුවීම් එදිනෙදා දහස් ගණනකට මුහුණදෙන්නට සිදුවෙන අත්දැකීම්.

ටිකට් පත
‘‘රාත‍්‍රී එකොළහට කොට්ටාවේ සිට කොටුවට බස් රියක් ගමන් කරනවා. ඒ බස් රියට නැෙ`ගන මගීන්ගෙන් රුපියල් 50 බැගින් අය කරන්නේ සාමාන්‍ය බස් ගාස්තු ඉක්මවා යමින්. මගීන් දෙදෙනෙක් ඉල්ලා සිටිනවා තමන්ගෙන් අය කරපු මුදලට ටිකට්පතක්. කොන්දොස්තරවරයා කරන්නේ රියැදුරු ලවා බස් රිය නවත්වා ටිකට්පත් ඉල්ලූ මගීන්ව බැස්සීම.’’
එහෙත් ඉහතින් කිව්ව කොන්දේසි අනුව මගීන්ට ලැබෙන පළමුවැනිම අයිතියක් තමයි බස් මගියෙකුට බස් රියක ගමන ආරම්භයේදී ටිකට් පතක් ලබාගැනීමට තියෙන අයිතිය. බස් රියක් බස් නැවතුමෙන් පිටවෙන්නට පෙරම ටිකට්පත ඉල්ලන්න පුළුවන්.
‘‘138 බස්රියකට කොට්ටාවෙන් නඟින මගියෙක් විජේරාම හන්දියට ටිකට් ගන්නවා. ඔහුට දෙනවා ලෑල්ලක අමුණා තිබුණු මුද්‍රිත ටිකට්පත් අතරින් එකක්. ටිකට්පතේ මිල පමණක් එහි සඳහන් වෙනවා.’’
බස් රියට නැෙ`ගන තැන, බැස යන තැන, ගමන්ගත් දිනය සහ බස් රථයේ අංකය බස් රියෙහි සටහන්ව තිබිය යුතුයි. එසේ නැති වුවහොත් එසේ සඳහන් වූ ටිකට්පතක් ඉල්ලා සිටීමට අයිතිය බස් මගියෙකුට තියෙනවා.

මගින් නැවතීම
රාත‍්‍රි අටට පමණ කොට්ටාවෙන් 336 බස්රියකට මඟින් පිරිසක් නඟිනවා. බස්රියේ ගමනාන්තය මාලබේ. බදුල්ලේ සිට පැමිණි මගියෙක් මාලබේ තියෙන නිවසට යන්නට බෑග් එල්ලාගෙන මේ බස්රියට ගොඩවෙනවා. මගියා මාලබේට ටිකට්පතකුත් ගන්නවා. බස්රියෙහි සිටින්නේ පස්දෙනෙක් පමණයි.
එහෙත් මේ බස්රිය විද්‍යාල හන්දියට පමණක් ගමන් ගන්නා බව කොන්දොස්තරවරයා කියනවා. මේ මගියාගේ ටිකට්පතෙන් විද්‍යාල හන්දියට අදාළ මුදල තබාගෙන ඉතිරි මුදල් කොන්දොස්තරවරයා දෙනවා. මගියා සම්පූර්ණ ගමනාන්තයට යා යුතු බව තර්ක කරද්දී කොන්දොස්තරවරයා කියන්නේ තෙල් වියදමවත් ගමනෙන් ‘කවර් කරගන්නට’ නොහැකි බව. අන්තිමේ වාදය ඇවිස්සී මගියාට කොන්දොස්තරවරයා පහරදෙනවා.
ඉහත සිදුවීම ටික කලෙකට පෙර සිදුවූ සැබෑ සිද්ධියක්. බොහෝ බස් මෙලෙස මගදී ගමන නවත්වනවා. තමන් බලාපොරොත්තු වන මගී ප‍්‍රමාණය නැති නිසා. රුක්මල්ගම, මත්තෙගොඩ, බොරැුල්ල – කොට්ටාව, පැලවත්ත – කොටුව, කඩවත – කොල්ලූ‍පිටිය වැනි බස් රථ මෙලෙස මගදී නැවැත්වීම ගැන අත්දැකීම් ලියුම්කාරියට පෞද්ගලිකවම තියෙනවා.
එහෙත් බස් රිය කැඞී යෑමකදී මිස එහෙම බස්රිය මගදී නැවැත්වීමේ අයිතියක් කිසිසේත්ම රියැදුරුට නැහැ. ටිකට් පත ගෙවීමට අදාල දුර ආරක්ෂිතව ගමන් කිරීමට මගියෙකුට අයිතියක් තියෙනවා. ‘‘බස්රිය කැඞීයෑම නිසා මඟදී බස් රිය නවත්වන්නේ නම් මගියා එතෙක් පැමිණි දුර වෙනුවෙන් නොව, සම්පූර්ණ ගමන සඳහා ලබාගත් ටිකට්පතට අදාල මුදල ගෙවිය යුතුය.’’ කියන කොන්දේසියට බස් හිමියා එකඟ විය යුතුයි.

රේස්
මොනරාගල කොළඹ බස් රියකට අප පුවත්පතේ මාධ්‍යවේදියෙක් ගොඩවුණේ රත්නපුරය දක්වා ගමන් ගන්නට. මේ බස්රිය අධික වේගයෙන් පාර පුරාවට ගමන් ගත්තේ බස් මගීන්ගේ ජීවිත අනතුරේ හෙළමින්. මේ ගැන කිහිප විටක් අප මාධ්‍යවේදියා විරුද්ධ වුණත් බස් රියැදුරා එය ගණන් නොගෙන සුපුරුදු අවදානම් වේගයෙන් ගමන් ගත්තා. අන්තිමේදී මාධ්‍යවේදියා කළේ රත්නපුර පොලීසියට දුරකථන ඇමතුමක් දී මේ බව පැවසීම. පොලීසියෙන් බස් රිය නවත්වා මේ ගැන ප‍්‍රශ්න කළත් මගීන් නිහඬව සිටියා පමණයි. අන්තිමේ අප මාධ්‍යවේදියා රත්නපුරයෙන් බැහැගත්තා. බස්රිය සුපුරුදු අවදානමෙන්ම කොළඹ බලා පිටත් වුණා.
මගීන්ගේ ජීවිත ආරක්ෂාව ගැන රියැදුරාට දැඩි වගකීමක් තියෙනවා. මගී අයිතීන්වල ඊළඟ වගන්තිය මඟීන්ගේ ජීවිත ආරක්ෂාව ගැන.. ‘‘ආරක්ෂාව පිළිබඳ සැකයක් ඇතිවෙන ආකාරයට බස් රිය රැුගෙන යෑමට බස් රියැදුරුට අයිතියක් නොමැති අතර එවැනි පැදවීමකට විරුද්ධ වීමේ අයිතිය මගීන්ට ඇත. රියැදුරා ජංගම දුරකථන පාවිච්චි කළහොත් එයට විරුද්ධ වීමේ අයිතිය ඇත. අධික වේගයට, මාර්ග නීති උල්ලංඝනය කිරීමට විරුද්ධ වීමේ අයිතිය ඇත.’’

ගෞරවය
මෑත දිනයක කොට්ටාවෙන් 138 බස්රියකට මඟී කාන්තාවක් ගොඩවුණේ කිරුළපනට යෑමට. ටිකට් කිරුළපනට ගත්තත් හදිසියේ ඇයට ඊළඟ නැවතුමෙන් බහින්නට සිදුවුණා. ඒ නැවතුමට බස් ගාස්තුව රුපියල් පහකින් පමණ වැඩිවෙනවා. එහෙත් කොන්දොස්තරවරයා කිරුළපන සිට ඊළඟ නැවතුම සඳහා අලූ‍ත් ගාස්තුවක් ලෙස රුපියල් දහයක් ඉල්ලා සිටියා. එයට එකඟ නොවී බස් රියෙන් බැසගත් ඇයට කොන්දොස්තරවරයා බැණවැදුණේ ලිංගික අපහාසය මුසු වූ අසභ්‍ය වචන රැුසක් සමඟ.
මගියෙක් කොන්දොස්තරවරයාගෙන් ප‍්‍රශ්න ඇසීම නිසා පහරකෑ බවත් ඉහළ සටහන් වුණා. එපමණක් නෙවෙයි බස්වල සේවය කරන්නන් මඟීන්ට ඉදිරියට හා පසුපසට යන්නට අණ දීම, අණ පිළිනොපදින මඟීන්ට බැණවැදීම, බස්රිය මැදින් මඟීන්ව තල්ලූ‍කරමින් ගමන් කිරීම, විශේෂයෙන් කාන්තාවන්ව අපහසුතාවට පත්වන අන්දමින් සෙනඟ පිරුණු බස්රථවල ගමන් කිරීම සුපුරුදු සිදුවීම්. එහෙත් එලෙස හැසිරීමේ කිසිදු අයිතියක් ඔවුන්ට නැහැ.
මගියා ආචාර සම්පන්න, විනයානුකූල, ගෞරවනීය, මිත‍්‍රශිලී සැලකීමක් ලැබීමට අයිතිය ඇත්තෙක් බව කොන්දේසිවල පැහැදිලිවම සඳහන්. කොන්දොස්තරවරයෙක් මඟීන්ට රළු ලෙස සැලකීම බරපතළ වැරැුද්දක්.

තවත් අයිතීන්
සුඛෝපභෝගී බස්රියක් නම් බස්රිය ඒ.සී. පහසුකම් ඇති බස් රියක් විය යුතුයි. එවැනි බස් රියක සීට්වල ගමන් ගත හැකි මගීන් ප‍්‍රමාණයට වඩා ගමන් නොකළ යුතුයි. බස් රියක දුම්බීමට විරුද්ධ වීමේ අයිතිය මගීන්ට තියෙනවා. වයස අවුරුදු 12කට අඩු දරුවෙක් අසුනක හිඳගත්තත්, නැතත් එවැනි දරුවෙකුගෙන් අර්ධ ටිකට්පතකට අදාළ මුදල ලබාගත යුතුමයි. අර්ධ ටිකට්පතක් ගත් පසුව දරුවාට අසුන අහිමිකිරීමට අයිතියක් නැහැ.
ඔබ ගමන් ගන්නා බස්රියට රේඩියෝවක් වැනි හඬ නිකුත් වෙන යන්ත‍්‍රයක් පාවිච්චි කිරීමේ අයිතිය තිබුණත් එවැන්නක හඬ ඩෙසිබල් 80ට අඩු විය යුතුයි. එය ඉක්මවා ගියහොත් එයට විරුද්ධ වීමේ අයිතිය මගී ඔබට තියෙනවා. කර්ණ කඨෝර, පීඩාකාරී සංගීත හඬ මගීන් එදිනෙදා මුහුණදෙන බරපතළ ගැටලූ‍වක්.
ටික කලෙකට ඉහත අවිස්සාවේල්ලේ සිට නුගේගොඩට යන්නට මගියෙක් දුර ගමන් බස් රියකට ගොඩවෙනවා. එය අර්ධ සුඛෝපභෝගී බස් රියක්. ඒ වෙද්දීත් බස් රියෙහි සෙනඟ පිරී තියෙනවා. හිරවී, තෙරපෙමින් මගියාගෙන් අර්ධ සුඛෝපභෝගී ටිකට්පතකට අදාල මිල ඉල්ලා සිිටිනවා.
‘‘මම සෙමි ලක්ෂරි සේවයක් ලබන බව ඔයාට පේනවද? මම තෙරපිලා ගමන් කරන්න සෙමි ලක්ෂරි ටිකට් එකක් ගන්නෙ නැහැ.’’ මගියා තර්ක කරනවා. එහෙත් කොන්දොස්තරවරයා බස්රිය නවත්වා කියන්නේ ඒ මගියා ටිකට්පත ගැනීම හෝ බස්රියෙන් බැසයෑම යන දෙකෙන් එකක් තෝරා නොගත්තොත් බස්රිය ගමන් නොකරන බව.
දුර ගමන් සේවා බස්රථ විසින් අතරමැද නගරවල ගමන් ගන්නා මගීන්ව නංවාගෙන, ඔවුන්ගෙන් අර්ධ සුඛෝපභෝගී ටිකට්පතක මිල අයකොට ඔවුන්ව හිටගෙන ගමන්කරවීම එදිනෙදා දකින්නට ලැබෙන තත්ත්වයක්. එහෙත් අර්ධ සුඛෝපභෝගී බස් පර්මිට් එකක කොන්දේසි අනුව අර්ධ සුඛෝපභෝගී බස් රියකට සීට් ගණනට වඩා මගීන් රැුගෙන යා නොහැකියි. ඔබෙන් ලබාගන්නේ අර්ධ සුඛෝපභෝගී ටිකට්පතක මුදල නම් ඔබට අනිවාර්යයෙන්ම අසුනක් ලැබිය යුතුයි.

පැමිණිලි
බොහෝවිට මෙවැනි සිදුවීම්වලදී මගියකු වාදයට පැටලූ‍ණත්, බස්රියේ අනෙක් මගීන්ගේ සහයෝගය නොලැබීම වැනි හේතු නිසා පහසුවෙන්ම කොන්දොස්තරවරයා වාදය ජයගන්නවා. නැත්නම් කොන්දොස්තරවරයා පහරදීම වැනි බලය පාවිච්චි කිරීමක් කරනවා. තවත් බොහෝ අවස්ථාවල මෙවැනි ‘කරදරකාර මගීන්’ බැස යන තෙක් බස්රිය නවත්වාගෙන සිටිනවා. මේ හේතු නිසා බස් මගීන් නිහඬව ඉන්නවා.
එහෙත් එවැනි අවස්ථාවල බස් රියේ අංකය සමග කොමිසමට පැමිණිලි කිරීමේ අයිතිය මගීන්ට තියෙනවා. පොලීසියට වුව පැමිණිලි කළ හැකියි. මේ යුගයේ තාක්ෂණය දියුණු නිසා වීඩියෝ, සමාජ මාධ්‍ය මෙවැනි අයිතීන් පිළිබඳ සටන්වලට ගුණාත්මකව පාවිච්චි කළ හැකියි. ජනතාව අතරින් එවැනි සිදුවීම්වලට එරෙහිවීමේ ව්‍යාපාරයක් පැනනැඟු‍ණොත් මේ තත්වයන් වෙනස් කිරීම අපහසු නැහැ. වැදගත්ම කාරණය තමන්ගේ අයිතීන් පිළිබඳව මඟීන් දැනුවත් වීමයි.
මේ සියල්ල මෙසේ තිබියදී බස් සේවාව ගුණාත්මක තත්වයට පත් කිරීමේ මූලිකම වගකීම තියෙන්නේ රජයට. මේවා පාලනය කිරීමේ හැකියාව ඇත්තේ රජයටමයි. එහෙත් එය කිසිසේත්ම තමන්ගේ වගකීමක් යැයි රජය සලකන්නේ නැහැ.
බස් සේවාව ගැන සොයාබලද්දී කතාබහට ලක් කළ යුතු වැදගත් ක්ෂේත‍්‍ර ගණනාවක් තියෙනවා. විශේෂයෙන්ම බස් ගාස්තු විෂමතාවන්. ඒ කිසිවක් බස් හිමියන්ගේ සංගම්වල හෝ රජයේ අවධානයට ලක්වෙන්නේ නැහැ. තවමත් බස් මගීන් සංවිධානය වී නැහැ. ඉතින් ඒවා ගැන අප විසින්ම සංවාදයක් ඇති කළ යුතුයි.x

නිරායුද මළසිරුරු අසළ ටී56 ගිනිඅවි දමති

0

 

අරුණ ජයවර්ධන
පසුගිය සතියෙන්

මැගසින් බන්ධනාගාර අධිකාරි එමිල් රංජන් ළමාහේවාගේ මරණ තර්ජනයට ලක්වන මලික් සමීර පෙරේරා හෙවත් කොණ්ඩ අමිලද 2012 නොවැම්බර් 9 වැනිදා රාත‍්‍රියේ ඝාතනය වෙයි.
මේ වන විට හොඳටම එළිය වැටී තිබිණි. වේලාව උදේ 6ට කිට්ටු වන්නට ඇත. වාට්ටුවල සිටි හැම රැුඳවුවෙක්ම වාට්ටුවල ඉදිරිපිට, ඒ කියන්නේ බන්ධනාගාර අධිකාරිගේ කාමරයේ සිට එල් ශාලාව දක්වා දණ ගසාගෙන සිටියෝය. වැලිකඩ සමූහ ඝාතනය ගැන විමර්ශනය කළ කමිටුව ඉදිරියේ දිවුරුම් පිට දී ඇති සාක්‍ෂි අනුව පැහැදිලි වන්නේ, මැගසින් බන්ධනාගාර අධිකාරි එමිල් රංජන්, මැගසින් බන්ධනාගාර හමුදා අනුඛණ්ඩයේ තවත් නිලධාරියකු සමඟ ගොස් දණගසාගෙන සිටි එක් රඳවුවකු නැගිටුවාගත් බවයි. ඒ ආසන්නයේ මැගසින් බන්ධනාගාරයේ ඉහළ ජේලර්වරයෙක්ද සිටියේය.
දණගසා සිටි රඳවුවන් අතුරෙන් එමිල් රංජන් විසින් නැගිටුවාගත්තේ කොණ්ඩ අමිලය.
මලික් සමීර පෙරේරා හෙවත් කොණ්ඩ අමිල, දෙහිවල, කළුබෝවිල, ද සිල්වා පාරේ පදිංචිකරුවෙකි. සිර අංකය කිව්21517ය. හෙරොයින් ජාවාරම්කරුවෙකි. වෙලේ සුදා නම් ප‍්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරුම්කරුවාගේ පාතාල කල්ලියේ සාමාජිකයෙකි. කප්පම් ගැනීම කරන්නෙකි. කොළඹ මහාධිකරණය, වැලිකඩ විශේෂ අධිකරණය, කොළඹ හා ගල්කිස්ස මහේස්ත‍්‍රාත් අධිකරණවල කොණ්ඩ අමිලට එරෙහිව නඩු විභාගවෙමින් පැවතිණ.
වෙලේ සුදා සමඟ ගනුදෙනු තිබුණු කාලයේ අමිලත් වෙලේ සුදාත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වාගේ දේශපාලන වැඩවලට ඉදිරිපෙළ සහායකයන් හැටියට සම්බන්ධ වූවෝය. එක් අවස්ථාවක අමිලත් වෙලේ සුදාත් එකට මැගසින් බන්ධනාගාරයේ සිටියහ. වෙලේ සුදාට පෙර අමිලට ඇප ලැබිණ. ඇප ලැබී එළියේ සිටින විට, දුමින්ද සිල්වාගේ ඡුන්ද වැඩවලට වාහන කුලියට ගැනීම, කෑම බීම ලබාදීම වැනි දෙයින් අමිල සහාය විය. ඒ බන්ධනාගාරය තුළ සිටිමින් වෙලේ සුදා දුන් උපදෙස් අනුවය. ඒ කාලයේ වෙලේ සුදාටත් ඔහුගේ බිරිඳටත්, ‘අයියා අක්කා’ කියා කතාකරන තරමට අමිල සමීපව සිටියේය. එහෙත් 2011දී පමණ ඔහු වෙලේ සුදාගෙන් වෙන්වී කළුබෝවිල රෝහල පිටුපස, පරණ වළව්වක් වැනි නිවසක් කුලියට ගෙන තමන්ගේම ෆිනෑන්ස් කොම්පැනියක් පටන්ගත්තේය. එය විවෘත කරන්නට පැමිණියේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වාය. ෆිනෑන්ස් කොම්පැනියක් කීවාට එයින් කෙරුණේ දවසේ පොලියට සල්ලි දීම, ත‍්‍රීවීල්, මෝටර් සයිකල්, ඉඩම්වල පොත්, ඔප්පු ඇපයට තබාගෙන මුදල් ණයට දීමයි. ඒ සඳහා අවශ්‍ය වන ප‍්‍රාග්ධනය අමිලට තිබිණ. එහෙත්, ඒ සල්ලි කොහෙන් ආවාදැ’යි අමිලගේ පවුලේ අයවත් දන්නේ නැත.
අමිල අත්අඩංගුවට ගන්නේද නාකොටික් රංගජීව විසිනි. ඒ තම බිරිඳගේ නිවසේ අමිල සිටිද්දීය. බන්ධනාගාරය තුළදීද අමිල අත දිග හැර වියදම් කළේය. ඒ නිසා බන්ධනාගාර නිලධාරීහු අමිලට යහමින් උදව් කළෝය. අමිල, බන්ධනාගාර නිලධාරීන් ලවා සමහර ඉරිදා දවස්වලට ෆ‍්‍රයිඞ් රයිස්, කොත්තු රොටි ගෙන්වාගෙන කෑවේය. බියර්, අරක්කු වැනි දේද එලෙසම ගෙන්වා ගන්නා ලදි. අමිලගේ ළඟ කැමරා ෆෝන් එකක් තිබුණි. ඔහුගේ බිරිඳ පුරුද්දක් හැටියට නිවසේ සිට තම කැමරා ෆෝන් එකෙන් බන්ධනාගාරයේ සිටින අමිලගේ කැමරා ෆෝන් එකට රූපය දකිමින්ම කතාකළාය. තමා ඉන්නා සිරකුටියේ හැටි සොබාව අමිල ෆෝන් එක හරහා ගෙදර අයට පෙන්නුවේය.
2011 අවසාන භාගයේදී පමණ මැගසින් බන්ධනාගාරයේ අධිකාරි එමිල් රංජන් හා අමිල අතර ප‍්‍රශ්න ඇතිවිය. මේ නිසා දවසින් දවස එක එක සිරකුටියට මාරු කිරීම, කෑම දීමේදී විවිධ ප‍්‍රශ්න වැනි අවුල් අමිල කෙරෙහි ඇතිකෙරිණි. තමාට තිබෙන ප‍්‍රශ්න නිසා කරදරයක් ඇතිවිය හැකි බැවින් ඒ ගැන මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලෙස අමිල වරෙක මවට කීවේය. ඒ වන විට, වරක් තම නිල කාමරයට අමිල කැඳවූ මැගසින් බන්ධනාගාර අධිකාරි එමිල් රංජන් ඔහුට තර්ජනය කර තිබුණි. මේ තත්ත්වය නිසා අමිලගේ බිරිඳත් මවත් මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළෝය.
බන්ධනාගාර ඝාතනය සිදුවුණු දින රාත‍්‍රී 8ට පමණද, ඒ කියන්නේ එස්ටීඑෆ් නිලධාරීන් වෙඩි තබමින් සිටියදී අමිල ජංගම ¥රකථනයෙන් ගෙදරට කිහිපවරක් කතාකර තිබුණේය. මලික් සමීර නමැති සිරකරුවකු, වෙඩි වැදුණු සිරකරුවන් බන්ධනාගාරයෙන් පිටතට ත‍්‍රීවීලරයකින් ගෙනයන්නට උත්සාහ දැරූ අවස්ථාවේ වෙඩි වැදී මැරුණු බව ඔහු ඒ මොහොතේ මවට කීවේය. එහෙත් තමාට කිසි කරදරයක් නැති බවද, හොඳින් ඉන්නා බවද ඔහු පැහැදිලිවම කීවේය. ‘එළියට එහෙම යන්න එපා. ඇතුළටම වෙලා ඉන්න.’ මව ඔහුට අවවාද කළාය. ‘සුදු අම්මේ මම ආස නැද්ද එළියට ඇවිල්ලා හොඳින් ඉන්න. මම කිසි දේකට එළියට යන්නේ නැහැ.’ ඔහු යළිත් මවට කීයේය. නිවසට කතාකරන එක් අවස්ථාවක අතපත්තුද තමා අසල සිටින බව අමිල මවට කියා තිබුණේය. මව අතපත්තු සමඟද කතාකළාය. එහෙත්, තවත් නොබෝ් වේලාවකින් කොණ්ඩ අමිලගේත් අතපත්තුගේත් ජීවිත අවසන් වන්නට නියමිතව තිබිණ.
එමිල් රංජන් හා හමුදා නිලධාරීන් කිහිප දෙනකු විසින් කොණ්ඩ අමිල වයි ඕ අංශය වෙත ගෙනයන ලදි. අවසානයේ ඔහුගේ ලේ ගලමින් තිබෙන මළසිරුරද දැකගන්නට ලැබිණි.
මේ තමා දුටු දේ බන්ධනාගාර නිලධාරියකුු විස්තර කරන අන්දමයි.
‘මේ වන විට හොඳටම එළිය වැටිලා. වාට්ටුවල සෑම රැුඳවියෙක්ම වාට්ටු ඉස්සරහ දණගහගෙන හිටියේ. බන්ධනාගාර නිලධාරීන්ද ඇතුළේ හිටියා. හමුදාවත් ඇතුළේ හිටියා. මැගසින් බන්ධනාගාරයේ අධිකාරි එමිල් රංජන්, මැගසින් බන්ධනාගාර හමුදා අනුඛණ්්ඩයේ මේජර්වරයා සමග ගොස් දණගසාගෙන සිටි සිරකරුවෙකු නැගිට්ටෙව්වා. උදේ 5.55ට විතර ඇති. ඒ තෝරාගත් පුද්ගලයා කොණ්ඩ අමිලයි. එම සිරකරු එමිල් රංජන් හා තවත් හමුදා නිලධාරීන් කිහිපදෙනෙක් වයි ඕ අංශය පැත්තට අරගෙන ගියා…’

ආයුධ භාරදීම
මේ වනවිට බන්ධනාගාර නිලධාරීන් විසින් රඳවුවන්ගෙන් ලබාගත් ගිනි අවි 28ක් යුද හමුදා සැරයන් තෙන්නකෝන් වෙත භාරදෙනු ලැබ, හමුදා සැරයන්වරයා විසින් ඒවා බන්ධනාගාර අවි අංශයේ නිලධාරියා වන නානායක්කාර වෙත භාරදෙමින් තිබිණ. ඒ ඒ ගිනිඅවියේ අංකය හා වර්ගය විධිමත්ව පොත්වල සඳහන් කරමින් එම භාරදීම ප‍්‍රධාන ගේට්ටුව ආසන්නයේදී සිදුවිය. ගිනිඅවි නිසි ලෙස භාරදුන් හා බාරගත් බවට අදාළ ලේඛනවල හමුදා සැරයන්වරයාද, ගිනි අවි භාර බන්ධනාගාර නිලධාරියාද අත්සන් තැබූහ. මේ කාර්යය නිරීක්‍ෂණය කරමින් තවත් බන්ධනාගාර නියාමකවරු දෙදෙනෙක්ද එතැන සිටියහ. මේ අවස්ථාවේදී එහි පැමිණි, මැගසින් බන්ධනාගාරයේ අධිකාරි එමිල් රංජන්, බලහත්කාරයෙන් මෙන් ගිනි අවි භාරගනිමින් සිටි නිලධාරියාගෙන් ටී56 ගිනිඅවි හතරක් අරගත්තේය. ඉන්පසු ඔහු බන්ධනාගාරය තුළට ගියේය. මේ මොහොතේ එක් බන්ධනාගාර කොමසාරිස්වරයෙක්, තවත් නිලධාරියකු අමතා, ‘වයි ඕ අංශය ළඟ මැරිලා වැටිලා ඉන්න එකෙක් ළඟ ආයුධයක් නැහැ. එකක් ගිහින් දාපන්’ යැයි කීවේය. සිදුවෙමින් තිබුණු බිහිසුණු අපරාධය ගැන විරෝධය පළකරමින් ඒ නිලධාරියා ඒ අණ පිළිපැදීම වහා ප‍්‍රතික්‍ෂෙප කර ඉවත්ව ගියේය.
වාට්ටුව අසළ පාර අයිනේ වැටී තිබුණු ජෝතිපාල හෙවත් පොන්න කපිල, මාලන් සහ මංජුශ‍්‍රී හෙවත් නිලමේගේ මළසිරුරු පසුව ගොඩනැගිල්ල අයිනට ඇද දමා තිබිණි. එහෙත්, ඒ වන විට මේ මළසිරුරු අසළ ටී56 ගිනි අවි දක්නට ලැබිණ. ඊට අමතරව මැරී සිටි ගුණ්ඩු නමැති රඳවුවා අසළ පිහියක්ද දමා තිබිණි. රඳවුවන්ගේ මළසිරුරු ළඟින් සොයාගත් ගිනි අවිවල අංක පරීක්‍ෂා කරද්දී දැනගන්නට ලැබුණේ ඒවා ඊට පෙර හමුදා සැරයන් තෙන්නකෝන් විසින් බන්ධනාගාර අවි භාර නිලධාරි නානායක්කාරට විධිමත්ව බාරදුන් අවි අතර තිබුණු ගිනිඅවි 4ක් බවයි. ටී56 ස්වයංක‍්‍රීය ගිනිඅවි වූ ඒවායේ අංක 33278, 34010, 32857 සහ 58631ය. ඒවා මැගසින් බන්ධනාගාර අධිකාරි එමිල් රංජන්් බලහත්කාරයෙන් මෙන් ඉල්ලාගෙන ගිය ඒවාය. සවස පැමිණි සීඅයිඞී නිලධාරීහු මේ ගිනිඅවි නඩුභාණ්ඩ වශයෙන් භාරගත්තෝය.
ඉතා පැහැදිලි කාරණය නම්, ඝාතනය වුණු රැුඳවුවන් ඝාතනය කැරුණේ් ඔවුන් හමුදාවට වෙඩි තැබීමකදී නොවන බවය. එහෙත්, මේ රැුඳවුවන් හමුදාවට වෙඩි තබන්නට හදන විට ආත්මාරක්‍ෂාව පතා හමුදාව වෙඩිතැබූ බව පෙන්වන්නට කිසිවකුට වුවමනාව තිබෙන්නට ඇත. ඝාතනයවූවන්ගේ සිරුරු අසළ පසුව වුවමනාවෙන්ම ගිනි අවි දමා තිබුණේ ඒ නිසාය. කිසියම් වුවමනාවක් සඳහා නිශ්චිතව තෝරාගෙන ඝාතනය කරන ලද මේ රැුඳවුවන්ගේ ඝාතන ගැන වෙනත් චිත‍්‍රයක් මවන්නට වුවමනා වුණේ ඇයි?
මේ තවත්් බන්ධනාගාර නිලධාරියකු ඇසින් දුටු දේය.
‘මා නිරීක්‍ෂණය කරමින් සිටියා යුද හමුදාවට භාරදෙන ලද ගිනි අවි නැවත බන්ධනාගාර අවි අංශයේ ජේලර් නානායක්කාර වෙත බාරදීමේ කටයුත්ත. රැුඳවියන් ළඟ තිබී බාරගත් ගිනිඅවි 28 හමුදාව පැමිණි පසු හමුදා සැරයන්වරයකුට බාරදුන්නා. එම සැරයන්වරයා මේ 28 අවි බාර ජේලර් නානායක්කාර වෙත බාරදුන් ලේඛනයේ ගිනිඅවිවල වර්ග හා අංක පැහැදිලිව දක්වා තිබෙනවා. ඒ අවස්ථාවේ එතැනට පැමිණි මැගසින් බන්ධනාගාර අධිකාරි එමිල් රංජන් බලෙන් මෙන් ටී56 ගිනිඅවි 4ක් ජේලර් නානායක්කාරගෙන් ගෙන ප‍්‍රධාන ගේට්ටුවේ සිට බන්ධනාගාරය තුළට ගියා. නානායක්කාරගෙන් තුවක්කු ගන්නා විට බන්ධනා ගාර නියාමක සුදසිංහ, විජේරත්නද එතැන හිටියා. පෙර කී මියගිය සිරකරුවන්ගේ සිරුරු එම් වාට්ටුවේ බිත්තිය අයිනට ඒ වන විට දමා තිබුණේ. ගුණ්ඩු නමැති සිරකරුවාගේ සිරුර අසළ පිහියක්ද, අනෙක් අය ළඟ ගිනි අවි හතරක්ද හඳුන්වා දී තිබුණා. ගිනි අවි බාරදෙන ස්ථානයේ සිට ප‍්‍රධාන ජේලර් කාර්යාලය දෙසට එනවිට මට කතා කළ බන්ධනාග ාර කොමසාරිස් කුලතුංග නියෝග කළා වයිඒ අංශය ළඟ මැරිලා ඉන්න සිරකරුවෙක් ළඟ ආයුධයක් නැහැ, ගිහින් දාන්න කියලා. සර් මාව කරත්තවල දාන්න එපා කියලා මම එතැනින් ඉවත්වුණා.
පසුව රැුඳවියන්ගේ මළසිරුරු ළඟින් සොයාගත් ගිනිඅවිවල අංක සැසඳීමේදී එම අවි 4 හමුදා සැරයන්වරයා ජේලර් නානායක්කාරට බාරදුන් අංක සහිත ගිනිඅවි 4ක් බව පැහැදිලිව පෙනෙනවා. එම අවි 4ම ටී56 වර්ගයේ ආයුධ වන අතර ඒවායේ අංක වන්නේ, 33278, 34010, 32857 සහ 58631ය. අදාළ ගිනි අවි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විමර්ශනය සඳහා භාරගත්තා.’
මේ තවත් ජේලර්වරයකු දුටු දේය.
‘පාන්දර 5ට විතර දොරටුව අසළ ජයසිංහ මහතා හා කොඩිප්පිලි මහතා මට උපදෙස් දුන්නා රැුඳවියන් අත තිබුණු ආයුධ එකතුකරගෙන හමුදා නිලධාරීන් භාරදීමට පැමිණෙන නිසා සුදානම් වන ලෙසට. බන්ධනාගාර නිලධාරීන් කිහිප දෙනක් ආයුධ කිහිපයක් බාරදුන්නා. හමුදා නිලධාරීන්ද ආයුධ බාරදුන්නා. එම අවිආයුධ මම ලේඛනගත කරගත්තා. භාරදීම, භාරගැනීම යන දෙකටම අත්සන් ඇතිව කුවිතාන්සි නිකුත්කළා. මේ බාරදීම් උදේ 6-6.30ට පමණ තමයි සිදුවුණේ. සියලූම අවි මා බාරගත්තේ ඒවායේ අංක පරීක්‍ෂා කිරීමෙන් පසුවයි. එම කටයුතු සඳහා විජේරත්න, සුදසිංහ යන නිලධාරීන් සහාය වුණා. භාරගත් අවි දුරකථන ක‍්‍රියාකරුගේ කාමරයේ බිත්තියට හේත්තුවෙන්න තැබුවා. දවල් 12 වන තුරු මේ ආයුධ තිබුණේ මා බාරයේ.
මම රාජකාරි කරන අතර, එම කාමරයට ආ බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් කොඩිප්පිලි මහතාත්, මැගසින් බන්ධනාගාර අධිකාරි එමිල් රංජන් මහතාත් ටී56 ආයුධ 4ක් මගෙන් ඉල්ලා සිටියා. කාර්යභාර නිලධාරී විජේරත්නට මා කිව්වා අංක සටහන් කර ටී56 ආයුධ 4ක් කොඩිප්පිලි මහතාට දෙන ලෙස. කොඩිප්පිලි මහතා, ‘ඉක්මනට දෙනවා අයිසේ’ කියා විජේරත්නට තර්ජනය කළා. ගිනි අවි බාරදුන්නේ ඒවායේ අංක සටහන් කරගෙනයි. ඔවුන් සමග පැමිණි තවත් නිලධාරියෙක් සමග තමයි මේ ආයුධ රැුගෙන ඔවුන් පිටත්ව ගියේ. විජේරත්න අංක 4 සඳහන් කරගත්තේ කොළ කැබැල්ලකයි. ඊට හේතුව කොඩිප්පිලි ඉක්මනට දෙන හැටියට තර්ජනය කිරිමයි. මේවා දුන්නේ පෙරවරු 7ට 7.30ට පමණය…. පසුව සොකෝ නිලධාරීන් විසින් රැුඳවියන්ගේ මළසිරුරු අසළ තිබී හමුවුණායැයි කියා ඔවුන්ගේ බාරයට ගත් ටී56 4ක අංක කුවිතාන්සියක් ලබාදී ඔවුන් භාරයට ගත් බව සටහන්කොට දක්වා සිටියා. ඔවුන් මා වෙත ලබාදුන් කුවිතාන්සියේ ආයුධ අංක හා විජේරත්න විසින් කොළ කැබැල්ලක සටහන් කරගත් ආයුධවල අංක සැසඳුණා. ඒ බව ඒ වන විට ගිනිඅවි සම්බන්ධයෙන් පිළියෙල කර තිබුණු ලේඛනවල මම සටහන් කළා.’

ලබන සතියට.

කොතලාවල විතරක් නෙවෙයි, පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන සියල්ලම පාහේ නීත්‍යනුකූල නැහැ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර

0

 

තරිඳු උඩුවරගෙදර

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ගැන ඉදිරිපත් කර ඇති අලූ‍ත් පනත සම්බන්ධයෙන් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විරෝධය දක්වන්නේ ඇයි?
පහුගිය ආණ්ඩුව සමයේ තමයි සයිටම් ආයතනය පටන්ගත්තේ. උසස් අධ්‍යාපනය පෞද්ගලීකරණය සම්බන්ධයෙන් විරෝධයක සිටි අපි සයිටම් ආයතනයට විරුද්ධව සයිටම් විරෝධී සටන ආරම්භ කළේ ඒ කාලයේ. එතකොට විපක්ෂයේ හිටපු මේ ආණ්ඩුවේ කණ්ඩායම පෞද්ගලික විශ්වවිද්‍යාල අහෝසි කරන බව කීවේ නැහැ. ඔවුන් කීවේ පෞද්ගලික විශ්වවිද්‍යාල නියාමනය කරන්න අලූ‍ත් ව්‍යුහයක් හදනවා කියලා. හැබැයි ඒක කරගන්න බැරිවුණා. එහෙම ආයතනයක් හදනවා කියන්නේ පෞද්ගලික අධ්‍යාපනය පිළිගන්නවා කියන එක. අපි කියන්නේ කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත හරහා ගෙනෙන්නට සූදානම් වෙන්නේ ඒ ව්‍යුහය. කෙළින්ම ඒ වගේ ව්‍යුහයක් ගෙනෙනවා වෙනුවට මේ පනතෙන් වක‍්‍රාකාරව එවැන්නක් නිර්මාණය කරනවා. මේ පනත සම්මත වුණොත් ආරක්ෂක ඇමතිවරයාට හෝ අමාත්‍යාංශ ලේකම්වරයාට පුළුවන් කොහේ හෝ පීඨයක් හෝ ශාඛාවක් විවෘත කරනවාද කියලා තීරණය කරන්න. ඒවායින් උපාධි ලබාදෙනවාද, ඒවාට කොපමණ මුදල් අයකරනවාද කියලා තීරණය කරන්න. මේ විශ්වවිද්‍යාලයට අනුබද්ධිත ආයතන ඕනෑ තරම් කිසිවෙකුගේ අනුමැතියක් හෝ නිරීක්ෂණයක් නැතිව පිහිටුවන්න පනතෙන් බලය ලැබෙනවා.
ඒ විතරක් නෙවෙයි, ඕනෑම විදේශීය හෝ දේශීය විශ්වවිද්‍යාලයක් අනුබද්ධ කරගන්න පුළුවන්. ඒවායේ සිසුන් අනුබද්ධ කරගන්න පුළුවන්. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අනුබද්ධිත කියලා පෞද්ගලික උපාධි කඩ තොග ගණන් බිහිවෙන්න ඉඩ තියෙනවා. විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතියක් ලබලා නැති පෞද්ගලික උපාධිකඩවල උපාධිවලට පිළිග ැනීම ලබාදෙන්න පුළුවන්. ඒ වගේම දැන් සයිටම් අහෝසි කිරීමේ ගැසට් එකක් හරියට නිකුත් කරලා නෑ. ඒ නිසා සයිටම් ආයතනයටම පුළුවන් තව සිසුන් කණ්ඩායමක් බඳවාගන්න. ඉන්පස්සේ ඒ සිසුන්ට අවුරුද්දක විතර පාඨමාලා කාලසීමාවක් අවසන් කරලා මේ විදියටම කොතලාවල විශ්වවිද්‍යාලයට අනුබද්ධ කරන්න පුළුවන්. ඒ විදියට උපාධි ලබාදීමේ ක‍්‍රමයක් හදන්න පුළුවන්. එහෙත් පෞද්ගලික උපාධි කඩවලට අනුමැතිය ලබාදෙන්න හැකියාවක් තියෙන මේ ආයතනය පාලනය කරන්නේ ප‍්‍රමිතියෙන් යුතු අධ්‍යාපනයක් ගැන දැනුමක් තියෙන අධ්‍යාපන විශේෂඥයන් නෙවෙයි. මිලිටරි නායකයන්.
මේ පනත සයිටම් සිසුන්ගේ ප‍්‍රශ්නයට විසඳුමක් විදියට ආ එකක් නෙවෙයිද?
සයිටම් සිසුන් වෙනුවෙන් අපේ යෝජනාව රජයේ වෛද්‍ය පීඨයකට ඔවුන් අනුයුක්ත කරන්න කියන එක. ඒ සිසුන් අතරින් උපාධිය ලබන්නට සුදුසු අය යම් පරීක්ෂණයක් හරහා තෝරාගන්න පුළුවන්. කොතලාවලට වුණත් දැන් තියෙන තත්ත්වය යටතේ බඳවාගන්න පුළුවන්. මොකද මේ වෙද්දීත් එතැනට සිවිල් සිසුන් බඳවාගන්නවා. අනෙක් පැත්තෙන් මේ පනත හරහා අධ්‍යාපනය මිලිටරිකරණයක් සිද්ධවෙනවා. පහුගි ය ආණ්ඩුව සයිටම් ගෙනාවා. හැබැයි සයිටම් එක පවත්වාගෙන යන්න බැරි බාධක තිබුණා. සිසුන්ගේ සටනක් තිබුණා. වෛද්‍ය සභාව, විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව ඇතුළු ආයතනවලට පවා එක්වරම සයිටම් පිළිගන්න බැරිවුණා. ඒ සියල්ල සමඟ සයිටම් අකුලාගත්තා. මේ පනතෙන් කෙරෙන්නේ මෙතෙක් තිබුණු විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව, වෛද්‍ය සභාව වැනි අධ්‍යාපනයට පිළිබඳ බලය ඇති නොයෙකුත් විද්වත් ආයතනවල බලයට යට නොවෙන බලයක් එක් ආයතනයකට ලැබීම. ලොකුම ගැටලූ‍ව ඒ ආයතනය පාලනය කරන්නේ අධ්‍යාපනඥයන් වැනි සුදුසුකම් තියෙන අය නෙවෙයි. මේකට විරුද්ධ වෙන්නත් තහනම්.
ඒ කියන්නේ?
මේ පනතේ එක් වගන්තියක තියෙන විදියට ඇමතිවරයාට පුළුවන් මේ විශ්වවිද්‍යාල ඇතුළේ සිද්දවෙන ඕනෑම දෙයක් රජයේ ප‍්‍රතිපත්තිවලට විරුද්ධ නම්, ජාතික ආරක්ෂාවට තර්ජනයක් කියලා හිතනවා නම් ඒවා නවත්වන්න මිලිටරි බලය යොදවන්න. ඒ කියන්නේ මේ සිසුන්ට දේශපාලනය කිරීම හෝ ස්වාධීන අදහස් දැරීම තහනම්. මේකට විරුද්ධ වෙන්නත් තහනම්. ඒ තහනම් කිරීම මේ පනතෙන්ම කරලා තියෙනවා.
කොතලාවලට සිසුන් බඳවාගන්නේ කොහොමද?
විශ්වවිද්‍යාලවලට ශිෂ්‍යයන් බඳවාගැනීම කරන්නේ විශ්වවිද්‍යාල කොමිෂන් සභාවෙන්. අලූ‍තෙන් එන පනතට අනුව මේ ආයතනය ගැන විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවට කිසි බලයක් නැහැ. 1978 දී විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභා පනතේ 128 වැනි වගන්තියෙන් කියැවෙන්නේ විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය නැතිව විශ්වවිද්‍යාලයකට උපාධි ප‍්‍රදානය කරන්න බැහැ කියලා. හැබැයි මේ පනතේ තියෙනවා, ඒ වගන්තියෙන් කුමක් කියැවුණද ඒක නොසලකා මේ විශ්වවිද්‍යාලය පිහිටුවනවා කියලා.
කොතලාවල විශ්වවිද්‍යාලය මෙතෙක් සිවිල් සිසුන් බඳවාගත්තේත් නීතිවිරෝධී විදියට නේද?
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය පටන් අරන් තිබුණේ මිලිටරි අවශ්‍යතා සඳහා වෘත්තිකයන් නිර්මාණය කිරීමට. පෙර පැවති පනතෙන් ඉඩ ලැබුණේත් ඒ කටයුත්තට විතරයි. එහෙත් අපි දන්නවා, ඒ පනත උල්ලංඝනය කරමින් මෙතෙක් කාලයක් මුදලට මිලිටරි නොවන සිවිල් ශිෂ්‍යයන් බඳවාගෙන උපාධි ලබාදුන්නා. ඒකත් නීති විරෝධීයි. අපේ සටනේ කොතලාවල උපාධි කඩය වසා දමනු කියන සටන්පාඨයත් කාලයක් තිස්සේ තිබුණා. කොතලාවල විතරක් නෙවෙයි, ලංකාවෙ පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන සියල්ලම පාහේ නීත්‍යනුකූල නැහැ. ඒවා උසස් අධ්‍යාපන ආයතන විදියට නෙවෙයි, සමාගම් විදියට සමාගම් පනත යටතේ ලියාපදිංචි වෙලා තමයි ව්‍යාපාර කරන්නේ. අපට ඒ ගැන විරෝධයක් හැමදාම තිබුණා.
පෞද්ගලික විශ්වවිද්‍යාල ක‍්‍රමයට ඔබ විරුද්ධ වුණත් සම්පූර්ණයෙන් රජය හරහා අධ්‍යාපනය ලබාදීම යල් පැනපු ක‍්‍රමයක් බව බොහෝ අය කියනවා නේද?
ලෝකයේ තත්ත්වය ගැන ලංකාවේ අදහස මිථ්‍යාවක්. ලෝකයේ සාර්ථක ලෙස පවතින මුදල් ගෙවිය හැකි විශ්වවිද්‍යාල තියෙන්නේ ලාභ ලැබීමේ අරමුණෙන් නෙවෙයි. ඒවා බොහෝවිට පෞද්ගලික දානපතියන්ගේ අරමුදල්වලින් ආරම්භ කළ විශ්වවිද්‍යාල. ලාභ ලැබීමේ අරමුණෙන් කරන විශ්වවිද්‍යාලවල ගුණාත්මකභාවය පිළිබඳ විශාල ප‍්‍රශ්නයක් තියෙනවා. ඉන්දියාවේ ඒ අර්බුදය ඉහළින්ම තියෙනවා. ඒ විතරක් නෙවෙයි. ලෝකයේ දැන් සටන් කරන්නේ පෞද්ගලික විශ්වවිද්‍යාල නැති කරන්නට. චිලීවල වසර ගණනාවක් තිස්සේ ශිෂ්‍ය සටන් තිබුණේ ගාස්තු අඩු කරන්න කියලා. මේ වෙද්දී ඔවුන් නිදහස් අධ්‍යාපනය ලබාදෙන්න කියලා සටන්කරන්න පටන් අරගෙන තියෙනවා. බටහිර රටවල්වල පවා නිදහස් අධ්‍යාපනය හෝ ගාස්තු අඩු කරන්නැයි ඉල්ලලා ශිෂ්‍ය සටන් ඇතිවෙලා තියෙනවා. ලෝකයේම අධ්‍යාපනය පිළිබඳ සටන් යන්නේ නිදහස් අධ්‍යාපනය දෙසට. රාජ්‍යය විසින් හෝ ලාභ නොලබන රාජ්‍ය නොවන සංවිධානවලින් තමයි එවැනි විශ්වවිද්‍යාල පවත්වන්නේ.
එහෙත් ලංකාවේ අධ්‍යාපන අවශ්‍යතාව රජයට තනිව සම්පූර්ණ කරන්න බැහැ නේද?
පෞද්ගලික අංශයේ බස් සේවාව ආරම්භ කළේ රාජ්‍ය අංශයට අවශ්‍යතාව සම්පූර්ණ කරන්න බැරි බව කියමින්. එතකොට ගුණාත්මක සේවයක් දෙන්න තමයි පෞද්ගලික බස් ආවේ. දැන් තත්වය අපි හැමෝම දන්නවා. ලාභ ලැබීමේ අරමුණෙන් කරන වෙළෙඳපොළේදී නියාමනයක් කරන්න බෑ. ගුණාත්මකභාවය පිළිබඳ කිසිම ප‍්‍රමිතියක් දෙන්න බැහැ. ආණ්ඩුව විශ්වවිද්‍යාල පමණක් ආරම්භ කළ යුතු නැහැ. විවිධ උසස් අධ්‍යාපන ක්ෂේත‍්‍ර තියෙනවා. ගුරු අභ්‍යාස විද්‍යාල, කෘෂි අධ්‍යාපන ආයතන, තාක්ෂණ විද්‍යාල වගේ ආයතන බොහොමයක් තියෙනවා. උසස්පෙළින් අවස්ථාව අහිමිවෙන අයට දැනටත් විවෘත විශ්වවිද්‍යාලය තියෙනවා. මේ ක්ෂේත‍්‍ර එන්න එන්නම දුර්වල කරනවා. ඒ වෙනුවට ඒ ක්ෂේත‍්‍ර පුළුල් කරන්න බැරි ඇයි.
ඒත් ලංකාවේ පෞද්ගලික විශ්වවිද්‍යාල නැතිවුණොත් ලොකුම ධනවතුන් ටික විදේශ විශ්වවිද්‍යාලවලට යාවි. ඒ හරහා විශාල දේශීය ධනයක් පිටරවලට යාවි. ඒ තර්කය ගැන අදහස මොකක්ද?
පිටරට යන එක නවත්වන්න අධ්‍යාපනය බිල්ලට දෙන්නේ ඇයි. ලංකාවට කුළුබඩු ගෙන්වනවා, හාල් ගෙන්වනවා, මාළු ගෙන්වනවා. හැමදේම ආනයනය කරලා පිටරටට යන සල්ලි ගැන කතා නොකර ඇයි අධ්‍යාපනයෙන් පිටරට යන මුදල් ගැන කතාකරන්නේ.
රජය දුෂිතයි. රජය හරහා සම්පූර්ණයෙන්ම උසස් අධ්‍යාපනය ලබාදුන්නොත් දුෂණයටත් එක්ක මහා බදු පිරිවැයක් දරන්නට ජනතාවට සිද්ධවේවි නේද?
දුෂණය කියන්නේ ක‍්‍රමයේ ප‍්‍රශ්නයක්. දුෂණය නිසා අධ්‍යාපනය විකිණීම සාධාරණය කරන්න බැහැ. පෞද්ගලික ආයතන දුෂිත ආයතන නෙවෙයිද?
අන්තරය පාරවල් වහගෙන කරන උද්ඝෝෂණ පිළිබඳව විශාල පිරිසක් නොසතුටෙන් ඉන්නවා නේද?
අපටත් එවැනි ප‍්‍රතිචාර ලැබෙනවා. අපි හැම වෙලාවෙම උත්සාහ කරනවා මොන සටනක් කළත් ජනතාව දැනුවත් කරන්නට. ජනතාව අතරට යා හැකි එකම ක‍්‍රමය ඒක. ජනමාධ්‍ය හරහා අපේ කතාව රැුගෙන යන්න බෑ, අපේ සටන්පාඨ මාධ්‍ය හරහා සමාජගත වෙන්නේ නෑ. පාර වැහෙන එක විතරයි සමාජගත වෙන්නේ. එහෙත් කිසිම කෙනෙකුට පීඩාවක් නොවී සටනක් කරන්න හැකියාවක් නැහැ. යම් පිරිසක් පීඩාවට පත්වෙනවා. අපි ඒක පැහැදිලි කරන්න උත්සාහ කරනවා. අපි පිළිගන්නවා පාරේ ප‍්‍රමාද වෙන එක නිසා ඇතිවෙන ක්ෂණික කෝපය සාධාරණයි.
අන්තරයට ටියුෂන්, පෞද්ගලික වෛද්‍ය සේවාවලට විරුද්ධ නොවී පෞද්ගලික විශ්වවිද්‍යාලවලට පමණක් විරුද්ධ වීම කුහකකමක් කියලා චෝදනාවක් එනවා නේද?
අපි ඔය දෙකටම දැඩිව විරුද්ධයි. අපේ මූලිකම සටන් පාඨය නිදහස් අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවාවන්. එහෙත් අපට ඒකට සටන්පාඨයක් විදියට අරගෙන උද්ඝෝෂණය කරන්න බැහැ. අපට නිශ්චිත සටන්පාඨයක් තියෙන්න ඕනෑ. උසස් අධ්‍යාපනය සහ සයිටම් කියන්නේ ඒ නිශ්චිත සටන්පාඨය. ඒ සටන ජයග‍්‍රහණය කරද්දී අපට පුළුවන් සමාජ මතයක් නිර්මාණය කරන්න. ඒ හරහා එළියේ වාමාංශික ව්‍යාපාර කරන පුළුල් සටනට තල්ලූ‍වක් දෙන්න. සෞඛ්‍යය, පාසල් අධ්‍යාපනය, ප‍්‍රවාහනය ඇතුළු ක්ෂේත‍්‍ර සම්බන්ධයෙන් පුළුල් සංවාදයක් ඇතිවෙන්න ඕනෑ ජාතික තලයේ දේශපාලනයේදී. ඒ සියල්ල සම්බන්ධයෙන් අපට පමණක් සටන් කරන්න බැහැ. ඒකයි අපි නිශ්චිත කාරණයක් සම්බන්ධයෙන් සටන් කරන්නේ.

යහපාලනයට වැරදුණේ කොතැනද? කොහොමද? (5)

 

කෙනෙකු එකිනෙකට පරස්පර අවශ්‍යතා දෙකක් වෙනුවෙන් පෙනී සිටින විට ස්වභාවයෙන්ම ඔහුට දෙපැත්තක් වෙනුවෙන් එක විට කතා කිරීමට සහ එක විට වැඩ කිරීමට සිදුවෙයි. යහපාලන ආණ්ඩුවේ නායකයා වශයෙන් එහි පාර්ශ්වකරුවන්ගේ පැත්තටත්, ඊට ප‍්‍රතිපක්ෂව එම යහපාලන ආණ්ඩුවට වින කැටීමට තතනන තමන්ගේම පක්ෂයේ ඇතැම් කැබිනට් ඇමතිවරුන්ගේ පැත්තටත් බර වීමට විටින් විට ජනාධිපතිවරයා පියවර ගත්තේ සහ ගනිමින් සිටින්නේ එබැවිනි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය කඩා දැම්මේ තමා ය යන චෝදනාවෙන් ගැලවීමට ජනාධිපතිවරයා තම පාක්ෂිකයන්ට ඉදිරිපත් කළ එක් ප‍්‍රධාන තර්කයක් තිබුණි. එනම්, 2015 ජනවාරි 8 වැනි දා ජයග‍්‍රහණය ලත් විගස, එනම් ජනවාරි 9 වැනි දා වැනි දිනයක පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ නම් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අතුගෑවී යාමට තිබුණු බවත්, එක්සත් ජාතික පක්ෂය එහිදී දීප ව්‍යාප්ත ජයග‍්‍රහණයක් ලබා ගත හැකිව තිබුණු බවත් පෙන්වා දීමයි. එදා එසේ නොකිරීමෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය බේරා ගැනීමට තමන්ට හැකි වූ බව ඔහු ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට කීය. ඊළඟට, මහින්ද රාජපක්ෂට අගෝස්තු පාර්ලිමේන්තු මැතිවරණයේදී නාමයෝජනා දීම පිළිබඳ යහපාලන පාර්ශ්වයෙන්, විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් එල්ල වුණු චෝදනාවෙන් ගැලවීමට ඔහු කෙළේ, මහින්ද රාජපක්ෂ කුරුණෑගලින් ජයග‍්‍රහණය කළත් අගමැතිකම ඔහුට නොදෙන බව තමා කල් තියා ප‍්‍රකාශයට පත් කළ නිසා එම පක්ෂයේ, එනම් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජයග‍්‍රහණය තමා විසින් හිතමතා සීමා කළ බවට තර්ක කිරීමයි. ගමේ භාෂාවෙන් මෙය හඳුන්වන්නේ දෙපිටකාට්ටුව කියා ය.

යහපාලනයේ මුළු කාලයෙන් අඩකට වැඩියෙන් දැන් අවසන්ව තිබේ. මේ කාලය තුළ රාජපක්ෂ කඳවුර දිනෙන් දින ශක්තිමත් කළ හැකි සෑම දෙයක්ම මේ ආණ්ඩුව කෙළේය. දුෂිතයන්ට සහ අපරාධකරුවන්ට විවිධ අවසරයන් යටතේ රැුකවරණය සැපයීමට අමතරව, තමන්ගේ නපුංසක චර්යාව හරහා රාජපක්ෂ කඳවුර තුළ තිබූ සෑම බියක් සහ සැකසාංකාවක්ම අත්හැර ගන්නා තත්වයට මේ වන විට ඔවුන් ඔසවා තබා තිබේ.

පරම්පරා ගණනක් දිග්ගැස්සෙතැයි සිතූ රාජපක්ෂවාදී පාලනයක් ආම්බාන් කිරීම එදා පහසු කටයුත්තක් නොවුණි. එසේ වීත්, ඉතිහාසය ලංකාවට තවත් අවස්ථාවක් ලබා දුන්නේය. ඒ, මෛත‍්‍රිපාල සිරිසේන සහ රනිල් වික‍්‍රමසිංහ රාජ්‍යත්වයට පත්කිරීමෙනි. මහින්ද රාජපක්ෂගෙන් මේ දෙන්නා උගත යුතු බොහෝ දේවල් තිබුණි. උදාහරණයක් වශයෙන්, එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් පන්නා හරිනු ලැබූ මුස්ලිම් වැසියන් බැසිල් රාජපක්ෂ විල්පත්තුවේ පදිංචි කැරැුවීය. වෛද්‍ය අධ්‍යාපනය තුළ පෞද්ගලීකරණයට ඉඩ දිය යුතු බවට තීරණය කළ මහින්ද රාජපක්ෂ, සයිටම් විශ්වවිද්‍යාලය ස්ථාපිත කෙළේය. ඔහුගේ ආණ්ඩුවෙන් පදිංචි කැරැවූ ඒ විල්පත්තුවාසී මුස්ලිම් ජනතාව, ජාතිවාදීන්ගෙන් සහ අන්තවාදීන්ගෙන් ආරක්ෂා කර ගැනීමට මේ ආණ්ඩුව අසමත් විය. එසේම, අවුරුදු පහක් තිස්සේ මහින්ද රාජපක්ෂ පවත්වාගෙන ආ සයිටම් විශ්වවිද්‍යාලය ඉදිරියට ගෙනයාමටත් මේ ආණ්ඩුවට නොහැකි වී ඇත. මහින්දගේ කාලයේ පෙට‍්‍රල් ලීටරයක මිල රුපියල් 150ක් විය. එහිදී, හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා එය රුපියල් 100ට අඩු කරන ලෙස නියෝගයක් නිකුත් කෙළේය. එහෙත් ජනාධිපති රාජපක්ෂ එය තුට්ටුවකට මායිම් කෙළේ නැත. අද එම පෙට‍්‍රල් ලීටරයම 138 දක්වා (මහින්දගේ ආදර්ශයට යාම සඳහා තවත් රුපියල් 12කින් ඉහළ දැමිය යුතුව තිබේ) ඉහළ දැමූ විට මේ ආණ්ඩුව ජනතාවට බදු බර පටවන බවට කෑගැසීමට තරම් රාජපක්ෂලා ශක්තිමත් වුණේ කෙසේද?

අවුරුදු තුනක් ඇතුළත රාජපක්ෂ කඳවුර හිස එසැවීම සහ එම කාලය තුළ සිංහල-බෞද්ධ ජාතිවාදයටත් එක විට හිස එසැවීමට හැකි වී තිබීම මගින් කියාපාන්නේ, මේ ආණ්ඩුවේ අසාර්ථකත්වයයි. ජනාධිපතිවරයා සහ අගමැතිවරයා, නීතිය හා සාමය පිළිබඳ කාරණයේදී මෙන්ම, ජාතිවාදය සහ ආගම්වාදය පිළිබඳ කාරණයේදීත් අනුගමනය කෙළේ, මහින්ද රාජපක්ෂ අනුගමනය කළ ප‍්‍රතිපත්තියේම අඩු මාත‍්‍රාවකි. හැකි තාක් ජාතිවාදීන්ට සහ ආගමික අන්තවාදීන්ට අවනත වීම හරහා (උදාහරණයක් වශයෙන්, දළදා මාලිගාව ඉදිරිපිට පාර විවෘත නොකිරීම ආදියෙන්) ඔවුන්ගේ පක්ෂපාතීත්වය තමන්ගේ පැත්තට දිනා ගත හැකිය යන අදහස මේ රාජ්‍ය නායකයන් දෙන්නා තුළම තිබේ. හිටපු රජයේ හොරුන් සහ අපරාධකරුවන් තමාට දේශපාලනික වාසියක් ඇති වැඩපිළිවෙළක් තුළ ආරක්ෂා කර ගනිමින් තමන්ගේ අනාගත දේශපාලනික න්‍යාය පත‍්‍රය එකලස් කර ගැනීමටත්, දෙදෙනා අතර බල අරගලය තුළ එම කාරණය නිවැරදිව ස්ථානගත කර ගැනීමටත්, මේ නායකයෝ දෙදෙනාම උදක්ම යොමු වෙති. මොවුන් දෙන්නාම අදටත්, එම ප‍්‍රතිපත්තියෙන් කිසි වාසියක් තමන්ට ලැබී නැති බව තේරුම් නොගනිති. තෙල්දෙනියේ ගින්නෙන් පසු ජනාධිපතිවරයා නුවර යන්නේ එම ජාතිවාදී ගින්න ඇවිලවීම සඳහා දීර්ඝ කාලීන න්‍යාය පත‍්‍රයක පිහිටා වැඩ කරන ඇල්ලේ ගුණවංශ වැනි භික්ෂූන් පිරිවරාගෙන ය. මෑත අතීතයේ පවා ජාතිවාදයට උඩගෙඩි දුන් තවත් භික්ෂූන් වහන්සේලා පිරිවරාගෙන මාධ්‍ය සාකච්ඡුා පැවැත්වීමට තරම් ජනාධිපතිවරයාගේ දේශපාලනික විනිශ්චයන් මේ කාලය තුළ උඩු යටිකුරු විය.

යහපාලනයට වැරදුණ තැන් බොහොමයක් ඇතත්, ඒ සියල්ල තනි මූලාශ‍්‍රයකින් ව්‍යුත්පන්න වූ බවක් පෙනේ. එනම්, 2015 ජනවාරි 8 ජයග‍්‍රහණයේ සැබෑ ගතිකත්වයන් ගැන මේ නායකයන් දෙන්නා තුළම නිවැරදි තක්සේරුවක් නොතිබීමයි. ඔවුන් දෙන්නාටම එය, ඔඩොක්කුවට වැටුණු යමක් රිසි සේ පරිභෝජනය කිරීමේ භාග්‍යයක් පමණක් විය. මේ නිසා දෙන්නාම, ඊට කලින් රාජපක්ෂ නායකත්වය කළා සේම, ‘ඞීල් දේශපාලනයට’ යොමු වූහ. එම දේශපාලනයේ ‘ආරම්මණය’ වුණේ මහින්ද රාජපක්ෂ ය. ආරම්මණය යනු, භාවනාවකදී, සිත රඳවාගන්නා තනි කේන්ද්‍රයයි. මහින්ද රාජපක්ෂ ආරම්මණයක් වශයෙන් ගැනීමේ වරදක් නැත. මන්ද යත්, පරාජය කළ යුතුව තිබුණේ ඔහු බැවිනි. එහෙත් මේ නායකයන් දෙන්නාටම අනුව, ඔහු 2015 ජනවාරි 8 වැනි දා පරාජය කොට තිබුණි. ඊළඟ ජනාධිපතිවරණයක් එන තෙක්, ඔවුන්ට අනුව, තවත් ඒ සම්බන්ධයෙන් කරන්නට දෙයක් නැත, දේශපාලනික මුග්ධත්වය යනු එයයි. මේ දේශපාලනය තුළ, ජනාධිපති සිරිසේන මහින්ද රාජපක්ෂ ප‍්‍රතික්ෂේප කොට, ඔහුගේ හෝහපුටුවන් භාරගත්තේය. මේ වන විට ගෝඨාභය රාජපක්ෂත් භාරගනිමින් සිටී. රනිල් වික‍්‍රමසිංහ, අර හෝහපුටුවන් ප‍්‍රතික්ෂේප කොට, මහින්ද රාජපක්ෂ භාරගත්තේය. ඒ කෙතෙක්ද යත්, සිරිලිය දුෂණය පිළිබඳ කටඋත්තරයක් ගැනීම සඳහා රාජපක්ෂ ආර්යාව පොලීසියකට ගෙන්වීමත් ‘අනේ අපොයි’ දෙයක් වශයෙන් සලකමින්, කතානායකවරයාගේ නිල නිවසේදී එම කටඋත්තරය ගැනීමට සැලැස්වීමෙනි. මීට අමතරව, විවිධ ආකාරයෙන් පැරණි ආණ්ඩුවේ අක‍්‍රමිකතා දෙස දයාර්ද්‍ර සිතින් බැලීමට අගමැතිවරයා නොයෙක් වර උත්සාහ ගෙන තිබේ. මෙකී හැසිරීම තුළ මොවුන් දෙන්නාම හිතාමතා අමතක කළ මුඛ්‍ය කාරණය වන්නේ, රාජපක්ෂ සංස්කෘතිය තිබෙන්නේ මහින්ද නැමැති පුද්ගලයාගේ ශරීරය තුළ නොව, ඔහුගේ පරිවාරය සහ ඒ පරිවාරය සමග ඈඳුණු විශේෂිත (අව)භාවිතා මාදිලියක් සමග වන බව ය. ඒ සමස්ත (අව)භාවිතය, මේ රටේ නීතියට හා සාමයට කෙලින්ම අදාළ ය. මේ රටේ අධිකරණයට කෙලින්ම අදාළ ය.

අගමැතිවරයා වක‍්‍රාකාරයෙන් මේ දේවල් කරන විට හෝ එසේ කිරීමට වෙනත් පුද්ගලයන්ට ඉඩ හරින විට, ජනාධිපතිවරයා විවිධ අවස්ථාවල නීතියේ ආධිපත්‍යයට සෘජුව අත පෙවූ බවට සාක්ෂි තිබේ. ඇතැම් අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම, පොලිස් නිලධාරීන්ට සෘජුව බලපෑම් කිරීමෙන් ජනාධිපතිවරයා වැළැක්වීය. සජින් වාස් ගුණවර්ධන, මහින්දානන්ද අලූත්ගමගේ වැන්නන්ගේ සිට, හිටපු නාවුක හමුදාපති කරන්නාගොඩ වැන්නන් දක්වා, ජනාධිපතිවරයාගේ ජනාධිපති හස්තය දිග් වූ අවස්ථා තිබේ. ඒ අතර, විමල් වීරවංශ සහ ‘නිලමේලා’ වැනි සිල්ලරකාරයන්ට රක්ෂාවරණය සපයා දුන් අගමැතිවරයා, රාජපක්ෂ ඇතුළු කල්ලියේ මෝරුන්ගේ පරීක්ෂණ කඩිනම් නොකිරීමට, වක‍්‍රාකාරයෙන් වගබලා ගත්තේය. විශේෂ මහාධිකරණ පිහිටුවීමට අවුරුදු තුන හමාරක් ගියේ මේ දෙන්නාගේ ඒ හැසිරීම හේතුවෙනි.

ඔවුන් එසේ හැසිරුණේ ඇයි? අර මහින්ද රාජපක්ෂ නැමැති පුද්ගල ‘ආරම්මණයේ’ අන්ධ වහලූන් වීම නිසා ය. ජනාධිපතිවරයා බැලූවේ, රාජපක්ෂගේ සංස්කෘතිය පරාජය කිරීමෙන් නොව, එය තමන් තුළට අවශෝෂණය කර ගැනීමෙන් හෙවත් උරා ගැනීමෙන් මහින්ද පරාජය කළ හැකි වන බව ය. (එම ආයාසය මේ වන විට නිර්ලජ්ජිත පරාජයකට මුහුණදී ඇතත්* එසේ කිරීමට ඔහු සමත් වුවත්, ඉන් ඇති පලේ කුමක්ද? එයින් අපට අත්වන්නේ, මහින්ද කෙනෙකු වෙනුවට සිරිසේන කෙනෙකු රටට ලැබීමක් පමණි. අනිත් අතට, රනිල් වික‍්‍රමසිංහ, රාජපක්ෂලාගේ කඳවුර හැකි තාක් ජනාධිපතිවරයාගේ කඳවුරෙන් කඩා ගැනීමට හෝ ඈත් කොට තබා ගැනීමට හතර අතේ ‘ඞීල්’ දැම්මේය. එහිදී ජනාධිපතිවරයා මෙන්ම ඔහුත් කෙළේ, රාජපක්ෂ සංස්කෘතිය තමන් තුළට, කැමැත්තෙන් හෝ අකමැත්තෙන්, අවශෝෂණය කර ගැනීමයි. මන්ද යත්, මෙවැනි හැසිරීම් රටාවකට කෙනෙකු යොමු වූ විට, එය හුදෙක් තනි පුද්ගල එකඟතා (ඔයා මට රුපියලක් දෙන්න, මං ඔයාට රුපියල් දෙකක් දෙන්නම්) මත පමණක් නොව, ඒ ඒ පුද්ගලයන්ගේ විශ්වාසයන් සහ හර පද්ධතීන් මතත් තීන්දු වීමට පටන් ගන්නා බැවිනි. එහි අවසාන ප‍්‍රතිඵලය වී ඇත්තේ, එක රාජපක්ෂ කෙනෙකු වෙනුවට දැන් අපට රාජපක්ෂලා තුන් දෙනෙකු ලැබී තිබීමයි. එක් කෙනෙක් ඔරිජිනල් මහින්ද රාජපක්ෂ ය. (ඔහු තවමත් නිරුපද්‍රිත ය). දෙවැන්නා, මෛත‍්‍රීපාල රාජපක්ෂ ය. ඔහු දැන් රටේ ජනාධිපති ය. තෙවැන්නා, රනිල් රාජපක්ෂ ය. ඔහු දැන් රටේ අගමැති ය. හතරවැනි රාජපක්ෂ කෙනෙකුත්, මේ විදිහට ගියොත්, 2020 දී ලැබෙන්නට ඉඩ තිබේ.

2015 ජනවාරියේදී මේ රටේ මිනිසුන්ට අවශ්‍ය කෙළේ එය ද? (ඉතිරිය ඉදිරියට)

විරුවන්ද ද්‍රෝහීන්ද උපදින්නේ එක තැනකින්ය

0

 

ලසන්ත රුහුණගේ

මාතෘකාව අමාත්‍ය රාජිත සේනාරත්න බවට පත්වී ඇත. රාජපක්‍ෂවාදී කළු සල්ලි මාධ්‍යවලට ඊට වඩා වැදගත් වූ තවත් කටගැස්මක් කාලෙකින් හමුවී නැති ගාණය. බැලූ බැල්මට විකුණාගෙන කා හැකි හුදු ජනපි‍්‍රය දෙයක් ලෙස එය පෙනුණද ඇත්ත වශයෙන්ම එහි ඇත්තේ ජාතියද ආගමද මුල්කරගත් නිර්ලජ්ජිත මාධ්‍ය භාවිතයකි. මේ රටේ බහුතරයක් වූ සිංහල ජනතාවගෙන් ඔවුන්ගේ ජාතියේ අභිමානයට කුමක්ද සිදු වූයේ යන ප‍්‍රශ්නය අසන රාජපක්‍ෂවාදී බාල ප‍්‍රචාරණයේ නිමග්නවීමකි.
එදා මැයි මස 16 දින පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප‍්‍රවෘත්ති සාකච්ඡුාවේදී අමාත්‍ය රාජිත සේනාරත්න විසින් සිදුකරනු ලැබූ මහා ජාතිය පාවාදීමේ ප‍්‍රකාශය කුමක්ද? සිය හාම්පුතුන්ගේ කළු සල්ලි න්‍යාය පත‍්‍ර මෙන්ම වෘත්තීය ජනමාධ්‍යවේදියෙකු විසින් අත්‍යන්තයෙන්ම අභ්‍යාස කළ යුතු අපක්ෂපාතීබව පිළිබඳ සළුපිළි ඉරාගත්, මාධ්‍යවේදීන්යැයි හදුන්වාගන්නා කුලීකරුවන් කිහිපදෙනකු විසින් මැයි 18 දින උතුරු පළාත තුළ සිදුවීමට නියමිතව තිබූ සිදුවීමක් පිළිබඳව දිගින් දිගටම සිදුකරනු ලැබූ ගොන් ප‍්‍රශ්න කිරීමය.
එම දිනයේදී උතුරු පළාත් සභාව ජනසංහාර දිනයක් ලෙස නම්කර සැමරුම් පැවැත්වීමට යන බවත් ඒ පිළිබඳව රාජිත සේනාරත්න අමාත්‍යවරයාගේ අදහස කුමක්ද යන්නත් පළමු ප‍්‍රශ්නය විය.
ඊට පිළිතුරු දෙමින් රාජිත සේනාරත්න අමාත්‍යවරයා විසින් ආරම්භයක් ලබා ගනිමින් සිදුකරනු ලැබූ ‘මහා භයානක ප‍්‍රකාශය’ නම්, ‘එය ප‍්‍රශ්නයක් නොවන බවත්, ජවිපෙද විරු සැමරුම් පවත්වන බවත්, උතුරේ මැරුණේ තමිල්නාඩුවේ පිරිසක් නොවන බවත්, මේ පැත්තේ මෙන්ම ඒ පැත්තේද මැරුණේ අපේ දරුවන් බවත්, අප දැන් පෙන්වන්නට යන්නේ පිටරට ආක‍්‍රමණිකයෙකු පැරැුද්දුවා වැනි දෙයක් හැටියට බවත්ය.
විශේෂයෙන්ම ගැටුම් සංවේදී මාතෘකාවක් ගැන කථාකිරීමේදී ජනමාධ්‍යවේදියෙකු තුළ තිබිය යුතුමයැයි කියන අපක්ෂපාතීත්වය මෙහිදී කෙළෙසාගන්නා අපේ ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍ය එම පිළිතුර ආක‍්‍රමණශීලී ආකාරයෙන් ප‍්‍රශ්නකරන්නේ ඉන් අනතුරුවය.
එල්ටීටීඊය ත‍්‍රස්තවාදී සංවිධානයක් බව එම මාධ්‍ය කියයි. ඇමතිවරයාගේ පිළිතුර වන්නේ, ජවිපෙ කුමක්ද, එයද ත‍්‍රස්තවාදී සංවිධානයක් බවය. එවිට, එල්ටීටීඊය තහනම් සංවිධානයක් බව මාධ්‍ය කියයි. ජවිපෙද තහනම් කර තිබුණු බව අමාත්‍යවරයා කියයි. තවදුරටත් පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියන්නේ, උතුරේ තරුණයන් අපට ත‍්‍රස්තවාදීන් වූවාට, ඔවුන් උතුරේ මිනිසුන්ගේ අම්මලා, තාත්තලා, අක්කලා, නංගිලා, පුතුන් හා දුවරුන් බවය.
වෘත්තීය ජනමාධ්‍යවේදියකු නම්, වාර්තාකරණයේදී පමණක් නොව ප‍්‍රශ්න කිරීමේදී පවා නොතිබිය යුතු, තමාගේ ජාතිය වර්ගය පිළිබඳව වූ හැ`ගීම ඉස්මත්තට පැමිණෙන්නේ මේ ආකාරයටය. ‘ජාතික රණවිරු සතියක් ප‍්‍රකාශයට පත්කරලා මැයි දහඅට හැම ගෙදරකම පොල්තෙල් පහනක් පත්තු කරලා අපි රණවිරුවන් සැමරුවා. දැන් උතුරේ එහෙම කරද්දී අපි මොනවද කරන්නේ.’
සහජීවනය සඳහා ආණ්ඩුව එම හමුදා සංදර්ශනය අත්හිටුවූ බව අමාත්‍යවරයා ප‍්‍රකාශ කළද ප‍්‍රශ්න අසනු ලැබූ මාධ්‍යයේ ආශාව සංසිඳෙන්නේ නැත. අනතුරුව ප‍්‍රශ්න කෙරෙන්නේ, එම යුද්ධයේදී එල්ටීටීඊ සංවිධානයේ සාමාජිකයන් හැර වෙනත් අයත් ඝාතනය වූවාද කියාය. අමාත්‍යවරයාගේ පිළිතුර වන්නේ, යුද්ධයකදී සාමාන්‍ය ජනතාවද මිය යා හැකි බව ඕනෑම අයෙකු දන්නා බවය. හැත්තෑ එකේදී හා අසූඅට අසූනවයේදී ඝාතනය වූ සියල්ලන් ජවිපෙ සමාජිකයන්ම නොවන බවය.
ජවිපෙ වගේ නොවේ, එල්ටීටීඊ එක තහනම් වූ ත‍්‍රස්තවාදී සංවිධානයක් බව එවිට මාධ්‍ය කියයි. ‘ඇයි ජවිපෙ සිංහල, එල්ටීටීඊ දෙමළ නිසාද මේ ප‍්‍රශ්න කරන්නේ’ කියා අමාත්‍යවරයා අසයි. ඔහු තවදුරටත් අසන්නේ, විජේවීර මහතාගේ හා ප‍්‍රභාකරන් මහතාගේ වෙනස කුමක්ද කියාය. ඔවුන් විසින් ඝාතන සිදුකරනු ලැබූ අයුරු හා අපරාධ සිදුකරනු ලැබූ අයුරු පිළිබඳ වෙනස, එකක් ‘හොඳ’ සහ එකක් ‘නරක’ වන්නේ කෙසේදැයි තමාට පැහැදිලි කර දෙන ලෙසද ඇමතිවරයා ඉල්ලයි.
කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඉහත ආකාරයට සිදුවූ සංවාදයේදී, ‘උතුරේද මියගියේ අම්මලා, තාත්තලා, අක්කලා, නංගිලා, දුවරුන්, පුතුන්ය’ යන්න මෙන්ම ‘ප‍්‍රභාකරන් මහත්තයා’ යැයි ප‍්‍රකාශවීමද, දකුණේ මාධ්‍යවලට මෙන්ම රාජපක්‍ෂවාදී දුෂණ චෝදනාවලින් කප් ගැසූ හොර දේශපාලන නඩයටද ඉවසුම් නොදෙන්නක් වී ඇත.
මේ ප‍්‍රශ්න කිරීම් සිදුකරන අය සිතන්නේ, උතුරේ වේවා, නැගෙනහිර වේවා, මධ්‍ය කඳුකරයේ වේවා වෙසෙන සිංහල ජාතියේ නොවන අය මේ රටේ පුරවැසියන් නොවන ආකාරයටද? එම ප‍්‍රශ්නයට පිළිතුර ‘ඔව්’ නම් එහි අර්ථය වන්නේ මේ රටේ සිංහල නොවන අනෙකුත් ජාතීන්ට හෝ වර්ගයන්ට අයත් මිනිසුන්ට ප‍්‍රශ්නයක් ඇති බව හෙවත් වෙනස් ආකාරයට සලකන බව අප පිළිගන්නා බවය.
ප‍්‍රකට කියමනකින් පැවසෙන්නේ උණහපුළුවාටත් උගේ දරුවා ලස්සන බවය. ඒ අනුව ත‍්‍රස්තවාදියෙකු වුවද, හොරෙකු වුවද, මංකොල්ලකාරයෙකු වුවද, ස්තී‍්‍ර දුෂකයෙකු වුවද එම පුද්ගලයාගේ දෙමාපියන්ට ඔහු තමන්ගේ දරුවාය. සහෝදර සහෝදරියන්ට ඔහු තමන්ගේ සහෝදරයා හෝ සහෝදරියය. දුපුතුන්ට ඔහු හෝ ඇය, අම්මා හෝ තාත්තාය. අනෙකුත් අයට ඔහු තමන්ගේ ඥාතියාය. නැත්නම් අසල්වැසියා හෝ මිතුරාය. එම බැඳීම් කිසිවකුටවත් නැවැත්විය නොහැකිය. මේ මොන ආකාරයේ හංවඩුවක් සමාජය විසින් ගසා තිබුණද, ඉහත කී ආකාරයේ අයවලූන් පිළිබඳව ඔවුන්ගේ සමීපතමයන් ඉහත ආකාරයට මෙන්ම වෙනත් ආකාරයන්ටද, ඉතිහාසය පුරාම සැමරුම් සිදුකරන්නේ ඒ නිසාය.
සිංහල බහුතරය මෙසේය. රටේ දකුණේ මීට ඇති හොඳම නිදසුන වන්නේ, හැත්තෑඑක හා අසූඅට, අසූනවය ජනතා විමුක්ති පෙරමුණු සන්නද්ධ කැරැුලිය. එම අවස්ථා දෙකේදීම ජනතා විමුක්ති පෙරමුණ උත්සාහ ගන්නේ මහජන ඡුන්දයෙන් තේරීපත්වූ ආණ්ඩු දෙකක් ආයුධ සන්නද්ධව පෙරලා දමා ආණ්ඩු බලය අතට ගැනීමටය. ඒ අවස්ථා දෙකේදීම දසදහස් ගණනින් මේ රටේ ජනතාව මරණයට පත්වීමය. ඊට ජවිපෙ සන්නද්ධ කි‍්‍රයාකාරීහුද, යුදහමුදා හා පොලිසියේ සමාජිකයෝද, අනෙකුත් දේශපාලන පක්ෂවල කි‍්‍රයාකාරීහුද, මේ කිසිවකට අයත් නැති පිරිසක්ද ගොදුරු වූහ. එම ගැටුම්වලින් පසු ජනතා විමුක්ති පෙරමුණත් ඔවුන්ගෙන් කැඞීගිය අනෙකුත් කණ්ඩායමුත් අද දක්වාම හැත්තෑඑකේ කැරැුල්ලේදී මියගිය සන්නද්ධ කැරලිකරුවන් සිහිකිරීම පිණිස අපේ‍්‍රල් විරු සමරුවද, අසූඅට අසූනවය කැරැුල්ලේදී මියගිය නායකයා වූ රෝහණ විජේවීර ඇතුළු පිරිස සිහිකිරීම පිණිස ඉල්මහ විරු සමරුවද පවත්වන්නේය.
එම සැමරුම් දකුණේ ජනමාධ්‍ය අද දක්වාම ප‍්‍රශ්නකර නැත. රාජිත අමාත්‍යවරයා, එදා ප‍්‍රශ්නගත මාධ්‍ය සාකච්ඡුාවේදී ප‍්‍රශ්න නගන මාධවේදීන්යැයි කියාගත් පිරිසෙන් ඇසූ පරිදි, ඒ අය දෙමළ හා මේ අය සිංහල වීම නිසාද යන්න ඒ අනුව බැහැර නොවේ. එමෙන්ම හැත්තෑ එකේ කැරැුල්ල පරාජය කරන ලද දිනය හා අසූඅට අසූනවය කැරැුල්ල පරාජය කරන ලද දිනයන් සමරන්නට යැයිද, එහිදී මියගිය ආරක්ෂක හමුදාවල හා පොලීසියේ සාමාජිකයන් විරුවන් ලෙස උත්කර්ෂයට නංවා පහන් පත්තු කරන ලෙසද මොවුන් ඉල්ලන්නේ නැත.
හැත්තෑ එක ගැන ලියුම්කරුට මතකයන් නැතත් අසූඅට අසූනවය ගැන නම් හොඳ මතකයක් තිබේ. එදා දකුණේ එම කැරැුල්ලට සම්බන්ධවූ තරුණ තරුණියන්ගේ අම්මලා, තාත්තලාට සහෝදර, සහෝදරියන්ට, ඥතීන්ට හා සගයන්ට අනුව සන්නද්ධ හමුදාවල හා පොලිසියේ සාමාජිකයන් ‘විරෝදාර රණවිරුවන්’ වූයේ නැත. ඔවුහු, සිය දරුවන්, සහෝදර සහෝදරියන් හෝ සගයන් ජීවග‍්‍රහයෙන් අල්ලා ගෙනගොස් මරාදැමූ හෝ අතුරුදන් කරන ලද ‘ද්‍රෝහීහු’ වූහ. එදා කැලණි ග`ග අසල වෙරළ තීරයට පැමිණ එහි වෙරළේ ගොඩගසා ඇති මළසිරුර සිය පුතණුවන්ගේදැයි විමසා බලන මව්වරුන්ගේ දසුන සුලබ එකක් විය. මළසිරුරවත් නොදැක මියගියායැයි සැලකුම් ලැබූ එම සමයේ් අතුරුදන්වූ පිරිස අතිවිශාලය. එදා මාතලේ ප‍්‍රදේශයේ හමුදා කඳවුරක සේවය කළ නිලධාරියෙකු වූ ගෝඨාභය රාජපක්‍ෂද දකුුණේ සිංහල අම්මලා, තාත්තලා, අක්කලා, නංගිලා, අයියලා, මල්ලිලාට හා දුරු පුත්තුන්ට අනුව ‘ද්‍රෝහියෙක්’ විය.
ඒ නිසාම රටක හමුදාව ගැන අප තේරුම්ගත යුත්තේ මේ ජනපි‍්‍රය කියවීම අනුව නොවේ. රටක හමුදාව යනු පාලකයාගේ අණ අනුව කි‍්‍රයාකරන යන්ත‍්‍රණයක් පමණය. එහි ‘ඉයස්සර්’ මිස ‘නෝසර්’ සංස්කෘතියක් නැත. අණ ලැබෙන්නේ පැළයක් අනෙක් අතට සිටවන්නටද, එය එසේ සිදුකළ යුතුය. කලාතුරකින් පමණක් අපරාධ ගණයේ අණදීම්වලට විරුද්ධවිය හැකි පිරිස් සිටිය හැකි වුවද ඔවුන්ගේ ඉරණමද එම හමුදාවන් විසින්ම බොහෝ විට විසඳනු ලබන්නේය.
වෘත්තීයමය හමුදාවක් ලෙස ශී‍්‍ර ලංකාවේ හමුදාව කටයුතු කළේ නම් හැත්තෑඑක හා අසූඅට අසූනවයේදී ජීවග‍්‍රහයෙන් අත්අඩංගුවට ගත් ජවිපෙ කැරලිකරුවන්ද එහි නායක රෝහණ විජේවීරද අත්අඩංගුවේ සිටියදී මියයන්නට හෝ අතුරුදහන් වන්නට බැරිය. යුද්ධයක හෝ ආයුධ සන්නද්ධ අරගලයක ඇති ප‍්‍රධානතම කොන්දේසිය වන්නේ ජීවග‍්‍රහයෙන් අල්ලාගත් හෝ බාරවූ අයෙකු ඝාතනය කළ නොහැකි බවය. කැරලිකරුවන්ට හෝ ත‍්‍රස්තවාදීන්ට කෙසේ වෙතත් එම වගකීම විශේෂයෙන්ම රටක නිල හමුදාවන්ට පැවරෙන්නේය. එහෙත් අප හැත්තෑඑකේදී, අසූඅට අසූනවයේදී හා උතුරු නැගෙනහිර සන්නද්ධ ගැටුමේදී දුටුවේ එම වගකීම නිසියාකාරයෙන් ඉටුනොවීමේ සිදුවීම් රාශියක්ය. කහබළල්ලූ, කළුබළල්ලූ, සුදුවෑන් සංස්කෘතිය යනු ඒ පිළිබඳ නිදර්ශන කිහිපයක් පමණය.
එල්ටීටීඊය ගම්මානවලට පැන ප‍්‍රහාර එල්ලකිරීමේදී, ක්ලේමෝ බෝම්බ පිපිරවීමේදී, පාර්සල් බෝම්බ පිපිරවීමේදී හා මිනිස් බෝම්බ පිපිරවීමේදී අහිංසක වැසියන් මියයන්නේත්, හමුදා මල්ටිබැරල් ප‍්‍රහාර එල්ල කිරීමේදී අහිංසක වැසියන් මියයන්නේත් එකම ආකාරයකටය.
විජේවීර මහත්මයාගෙයි, ප‍්‍රභාකරන් මහත්මයාගෙයි වෙනස කුමක්දැයි එහිදී රාජිත සේනාරත්න අමාත්‍යවරයා ප‍්‍රශ්න කරන අතර, ඔවුන්ගේ අපරාධ හා මිනිසුන් මැරූ ආකාරය පිළිබඳව වෙනස කියන්නයැයි තවදුරටත් කියයි. ජනතා විමුක්ති පෙරමුණද සිය සන්නද්ධ අරගලවලදී යුද හමුදා හා පොලිස් සාමාජිකයන්ද, රජයේ නිලධාරීන්ද, ආණ්ඩුවේ දේශපාලනඥයන්ද වෙනත් විරුද්ධ දේශපාලන කණ්ඩායම්වල සාමාජිකයන්ද ඝාතනයට ලක්කළ බව අමුතුවෙන් කිව යුතු නැත. අප හිතනා ආකාරයට මේ නායකයන් දෙදෙනා අතර තිබුණ වෙනස වූයේ, ප‍්‍රභාකරන් ආයුධ සන්නද්ධ අරගල මගින් රටේ උතුරු හා නැගෙනහිර පළාත් අල්ලා ගැනීමට උත්සාහ කිරීමත්, විජේවීර මුළු රටම අල්ලාගැනීමට උත්සාහ කිරීමත්ය.
ප‍්‍රභාකරන් මහත්මයායැයි රාජිත අමාත්‍යවරයා කීම ගැන පරලව විහිළු සපයමින් සිටින උදය ගම්මන්පිළ වැනි අයගෙන් අසන්නට ඇත්තේ, 2005 ජනාධිපතිවරණ සටන ජයග‍්‍රහණය කිරීම සඳහා ප‍්‍රභාකරන් සමග මහින්ද රාජපක්‍ෂ වෙනුවෙන් ඞීල් දැමීමට ගිය ජෙයරාජ් පුනාන්දු පුල්ලේ, ලලිත් වීරතුංග ඇතුළු පිරිස එම සාකච්ඡුාවේදී ප‍්‍රභාකරන් ආමන්ත‍්‍රණය කළේ කෙසේද යන්න පිළිබඳව දැනට තමන් සමීපයේ සිටින ලලිත් වීරතුංගගෙන් අසා දැනගන්නා ලෙසය. එදා එම ඞීල් එක ගැන විස්තර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවායැයි කියූ, මහින්ද රාජපක්‍ෂගෙන් ගැලවුණු ශී‍්‍රපති සූරියආරච්චිට එය හෙළිකිරීමට නොහැකි වූයේ, එම ප‍්‍රකාශයට පෙර අබිරහස් ලෙස වාහන අනතුරකින් ඔහු මියගිය නිසාය. ශී‍්‍රපති පසුපස සිටි ටිරාන් අලස්ටද අනතුරකින් බේරීමට හැකිවූයේ ඉන්පසු රාජපක්‍ෂ සරණ යෑම නිසාය. සුනාමි නිවාස ව්‍යාපෘතියකටයැයි කියමින් කැබිනට් මණ්ඩල අනුමැතිය සහිතව එල්ටීටීඊ සංවිධානයේ ඒජන්තයන්ට රාජපක්‍ෂ පාලන සමයේ රජයේ මුදල් ලබාදුන්නේ කෙසේදැයි, මේ තරම් සමීප මහත්වරුන් මහින්ද රාජපක්‍ෂගෙන්ම අසා දැනගැනීම නැවත රට ගිනි තැබීමට වඩා හොඳය.
ඒ අව්අස්සේ උතුරු සැමරුම් පිළිබඳව රාජිත සේනාරත්න අමාත්‍යවරයාගේ ප‍්‍රකාශය රාජපක්‍ෂ කඳවුරේ කසකාරයන් දෙදෙනෙකු වන වාසුදේව නානායක්කාර හා චන්ද්‍රසිරි ගජධීර ද අනුමත කර තිබේ. ඒත් ඒ පිළිබඳව නම්, රාජපක්‍ෂ කඳවුරේ වංචා දුෂණවලින් කප් ගසා අධිකරණයට යෑම දිනචරියාවම කරගෙන සිටින අයගේ කටවල් තවම ඇරී නැත. ඔවුන්ට නිපන්දු දමා දෙන මාධ්‍යයේ පන්දු යැවීමද තවම අරඹා නැත.
අප සාකච්ඡුා කරමින් පවතින මේ කාරණයේදී වඩා වැදගත් කාර්යභාරයක් පැවරෙන්නේ දකුණේ සන්නද්ධ කැරලි දෙකක් මෙහෙයවා සිය අනුගාමිකයන් දසදහස් ගණනින් අමිහිකරගෙන, ඒ අය සමරමින් සිටින ජනතා විමුක්ති පෙරමුණට හා ඔවුන්ගෙන් කැඞීගොස් සිටින පෙරටුගාමී සමාජවාදී පක්ෂයට හා අනෙකුත් කණ්ඩායම්වලටය. ඔවුන් දකුණේ සිංහල සමාජයට උතුරේ එම සැමරුම්වල ඇති යෝග්‍ය අයෝග්‍යභාවය පිළිබඳව සිය අදහස පැහැදිලි කළ යුතුය. එමගින් වුව දකුණේ සිංහල ජනයා කුපිත කිරීමට උත්සාහ කරන මාධ්‍ය හෙංචයියන්ගේ හා දේශපාලන අවස්ථාවාදීන්ගේ සංහිඳියා විරෝධී ප‍්‍රචාර බොහෝ දුරට අඩපණ කළ හැකිය.

විධායක ජනාධිපති ඒකාධිපතියෙක් කුමාර වෙල්ගම

0

තරිඳු උඩුවරගෙදර

විධායක ජනාධිපති ක‍්‍රමය තවමත් අහෝසි නොකරන්නේ මන්දැයි තමන්ට නොවැටහෙන බවත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුකරණයක් සඳහා වැඩිපුරම ගැළපෙන්නේ පාර්ලිමේන්තු ක‍්‍රමයක් බවත් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම අනිද්දා සමඟ පැවසීය.

‘විධායක ජනාධිපති ක‍්‍රමය කියන්නෙ ඒකාධිපති ක‍්‍රමයක්.’යැයි ඔහු වැඩිදුර අදහස් දක්වමින් කීවේය. එක් පුද්ගලයෙකුට තනි බලයක් ලැබීම ප‍්‍රජාතන්ත‍්‍රවාදයට නොග ැළපෙන බවත් තමා වුව විධායක ජනාධිපති ධුරයට පත්ව කාලයක් සිටියහොත් බලය අනවශ්‍ය ලෙස පාවිච්චි කරනු ඇති බවත් ඔහු ප‍්‍රකාශ කළේය. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමෙන් සමස්ත පාර්ලිමේන්තුවට බලය ලැබෙන බවත්, එය වඩා යහපත් බවත් ඔහු කීය.
විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට ඇති බාධාව ජනවාර්ගික ප‍්‍රශ්නය හා දහතුන්වැනි සංශෝධනයෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල නම් ඒ පිළිබඳව සාකච්ඡුා කොට තීරණයක් ගැනීම අපහසු දෙයක් නොවන බවද ඔහු පෙන්වා දුන්නේය. ආණ්ඩුකාරවරුන් පත්කිරීම, පළාත් සභා බෙදීයෑමට ඉඩ නොදීම වැනි කටයුතු සඳහා ව්‍යස්ථාමය විකල්ප ඉදිරිපත් කළ හැකි බවද ඔහු කීය.
‘මම ජනාධිපති වුණා නම් මාස හයෙන් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරලා නාමික ජනාධිපතිවරයෙක් බවට පත්වෙනවා.’ කුමාර වෙල්ගම මහතා කියයි.
ඒකාබද්ධ විපක්ෂය හෝ මහින්ද රාජපක්ෂ මහතා විධායක ජනාධිපති ක‍්‍රමය ගැන පැහැදිලි අදහසක් දක්වා නැත්තේ ඔවුන් දේශපාලන තත්වය පිළිබඳව සහ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ යෝජනා පිළිබඳව සැලකිලිමත් වී තීන්දුවක් ගත යුතු නිසා බව ඔහු පෙන්වා දුන්නේය. එසේ වුවද තමන්ට එවැනි බාධා නැති නිසා විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ අවශ්‍යතාව තමන් දැඩිව පෙන්වාදෙන බවත් ඔහු කීය.
කෙසේ වෙතත් ඒකාබද්ධ විපක්ෂය සමඟ සිටින ජාතිකවාදී කණ්ඩායම් මේ වනවිටත් විධායක ජනාධිපති ක‍්‍රමය රටට අනතුරක් වන බව ප‍්‍රකාශ කරමින් සිටියි.

ඔහු, ඇය, අනෙකා..

0

හංසි මානවඩු

මේ මා එක්ක කතාබහ කළ තුන්දෙනෙක් කියූ කතා ත‍්‍රිත්වයක්. මේ කතා තුන ලිංගි ක ශ‍්‍රමිකයන් ලෙස රැුකියාවල යෙදෙන තුන්දෙනෙකුගේ කතා. මේ තුන්දෙනාම අයත්වෙන්නේ සමකාමී සහ සංක‍්‍රාන්ති ලිංගික කොටස්වලට.
ඇය අපට මුණගැසුණේ කොටුවේ පාවෙන වෙළෙඳසැලේදී. ඔහු අප මුණගැසෙන්නට බත්තරමුල්ලේ දියත උයනට ආවා. අනෙකා කිරිබත්ගොඩදී මුණගැසුණා. තිදෙනාම මුණගැහු‍ණේ රාත‍්‍රීන්වලදී. ඔවුන්ගේ කතාන්දර අහසේ තරු රටා මෙන් එකිනෙකට වෙනස් රටා මැව්වත්, හැම රටාවම තරුවලින් ගොඩනැෙ`ගනවා මෙන් ඔවුන්ගේ කතා තුනම එකම අමුද්‍රව්‍යවලින් ගොඩනැඟී තිබුණු බව මට හිතුණා.
මේ කතා දිගයි. බොහෝ දේවල් අලූ‍ත් සිදුවීම් නොවෙයි. නැවත නැවතත් අසන්නට ලැබෙන අන්දමේ කතන්දර. ඒ නිසා සංක්ෂිප්තව, උපුටාගත් කොටස් කිහිපයකින් පමණක් මේ කතා සමන්විතයි. මේ කතන්දර රළු, අඳුරු චිත‍්‍ර වගෙයි. මා මේ සටහන ලියන්නේ ඒ කතන්දරවල හොඳ, නරක පිළිබඳව කිසිම විනිශ්චයක් නොදී. ඔවුන් කී විදියට.

ඔහු..
‘‘මම කවුද කියලා මං දැනගෙන හිටියෙ නැහැ. මම ඒක දැනගත්තේ අවුරුදු 11දී විතර. මාව අතවරයට ලක්වුණ වෙලාවේ.’’
ඔහු කතාව පටන්ගත්තේ තමන්ගේ ම ලිංගි ක අනන්‍යතාව ඔහු තේරුම් ගත් මොහොතෙන්. ඔහු අසල්වැසියෙකුගෙන් අතවරයට ලක්වෙන්නට පටන්ගන්නවා. ඔහු හිටියේ බොරැුල්ල ආශ‍්‍රිත මහල් නිවාස සංකීර්ණයක.
‘‘මම දැනගෙන හිටියේ නැහැ මේක වැරැුද්දක් ද හරි දෙයක්ද කියලා. මම ඒකට එච්චර අකැමැති වුණේ නෑ. කැමති වුණේත් නෑ. අප්පිරියාවක් එක්ක කැමැත්තක් තිබුණා. හැම වෙලාවෙම අතවරයට ලක්වෙද්දී මම ඒ කෙනාට අවනත වුණා. ඒත් ඒ මොහොතෙන් පස්සෙ ඒ සිද්ධිය මතක් වෙන වෙලාවට අප්පිරියාවක් දැනුණා.’’
ඔහු සමකාමියෙක් වුවත් කුඩා කාලයේදී මුහුණදෙන්නට වෙන ලිංගික අතවර ඉතාම අමිහිරි අත්දැකීම් මිස අන් යමක් නෙවෙයි.
‘‘මම ගෙදර අයට කියන්න බයවුණා. එයාලාගේ ප‍්‍රතිචාර මොකක් වෙයිද කියන එක බය නිසා. ටික කාලයක් යනකොට දවසක් අපේ ගෙදරට අහුවුණා. අහුවුණා කියන්නේ අතටම අහුවුණා. ගෙදර අය කෑගහලා අහළ පහළ අයත් රැුස් කරගත්තා. මාව අපයෝජනය කළ මනුස්සයාට ගහලා පොලිසියට බාර දුන්නා. නඩු ගියා. ඒ වෙනකොට සිද්ධිය ඉස්කෝලේ අය පවා දැනගත්තා. මම ඒ කාලෙ පැත්තකට වෙලා හිටපු කෙනෙක්. මා එක්ක වත්තෙ හිටපු අනෙක් යාළුවෝ සෑහෙන චණ්ඩි. ඉස්කෝලෙත් තැනක් තිබුණා. හැමෝම මගේ සිද්ධිය ගැන කතාකළා. මට ඒක තේරුණා. පස්සේ ඉස්කෝලෙ අයියලාත් මාව අපයෝජනය කළා. ඇත්තටම කිව්වොත් මාත් එක්ක සම්බන්ධතා පැවැත්වුවා. පස්සෙ මම ඉස්කෝලෙ යන එක නතර වුණා.’’
‘‘ඒ වෙනකොට ගෙදර අයට මම හින්දා සමාජයට මුහුණ දෙන්න බැරි තත්ත්වයක් ඇවිත් තිබුණේ. එතකොට මට අවුරුදු 15ක්. මම ගෙදරින් ඇවිත් ගල්කිස්සේ බෝඩිමක නැවතුණා. සාමාන්‍ය පෙළ විභාගය වත් කරලා නැති හින්දා ජොබ් එකක් ලැබුණේ නැහැ. අන්තිමට හෝටලයක වැඩ කරන මගේ යාළුවෙකුගේ මාර්ගයෙන් මම හෝටලයක වැඩට ගියා. අවුරුදු දාසයේදී. ටික කාලයක් එතැන වැඩ කරද්දී දැනගන්න ලැබුණා මෙහෙම ජොබ් එකක් තියෙනවා කියලා. මම ඒකට සෙට් වුණා.’’
ඔහු හෝටල් ආශ‍්‍රිතව ලිංගික සේවය සපයන්නෙක්. ඔහු ඒ වෘත්තියට යොමු වෙන්නේ තමන්ගේම තෝරාගැ නීමක් ලෙස. සමකාමී පිරිමි අය සේවය සපයන ඔහු වියපත් කාන්තාවන්ටද ඉඳහිට සේවය සපයනවා. වියපත් කාන්තාවන්ට සේවය සපයන කොටස හැර අනෙක් බොහෝ දේවල් ගැන ඔහුට දැඩි අතෘප්තියක් නැහැ. ඔහු හෝටල් ආශ‍්‍රිතව රැුකියාව කරන නිසා සැලකිය යුතු වැටුපක්ද ලබනවා.
එහෙත් ඔහු කියන විදියට අනාරක්ෂිත බව, නීති විරෝධී බව වගේම සමාජ විරෝධී චෝදනාව ඔහුව වෙලාගෙන ඉන්නවා.

ඇය..
ඇයට තවමත් වයස අවුරුදු 19යි.
‘‘පුංචිම කාලයේ කිහිප වතාවක්ම මම තාත්තාගේ හොඳම යාළුවා අතින් අතවරයට ලක්වුණා.’’
ඇය පුංචිම කාලයේ අත්දැකීමක් විස්තර කරමින් කතාව පටන්ගන්නවා. තාත්තා ගමේ එළවළු‍ බිස්නස් කළේ. ජයේ අංකල් එක්ක. සමහර වෙලාවට තාත්තා මාව ජයේ අංකල් එක්ක තියනවා. මාව බලාගන්න කියලා. එතකොට ජයේ අංකල් මට අතවර කළා. පස්සේ දවසක තාත්තා ඒක දැනගත්තා. ඒත් තාත්තා මාව ජයේ අංකල් ළඟ නවත්තන එක වැළැක්වුවා විතරයි. ජයේ අංකල් හිතුවා තාත්තාට කිව්වෙ මම කියලා. එයා මාව බය කළා අම්මා මේක දැනගත්තොත් මාව මරනවා කියලා. තාත්තා මාව ජයේ අංකල් ළඟ තිබ්බේ නැතත් කිහිප වතාවක්ම මම එයාට කොටු වුණා.’’
ඇත්තෙන්ම ඇය තමන්ට මුහුණපාන්නට වූ අත්දැකීම් මා සමඟ විස්තර කළා. ඒවා විස්තර ඇතිව ලියා පලක් නැහැ.
එහෙත් ඒ කතන්දර කියද්දී ඇයට කිසිම වේදනාවක් තිබුණු බව පෙනුණේ නැහැ. ඒ තමයි එදිනෙදා ජීවිතය. ඇයට සිද්ධවුණු බරපතළම දේ ඒක නෙවෙයි වගේ. ඒ ගැන මම ඇගෙන් ඇහුවා.
‘‘ඔයාට මේ අත්දැකීම් මතක් වෙද්දී දැනෙන්නෙ මොකක්ද?’’
‘‘ඒ හැම එකක්ම අපාය තමයි. ඒත් අපි ඉන්නෙ අපායෙනෙ. අපායෙ ඉඳගෙන අපාය ගැන කතාකරද්දී අඬලා වැඩක් නෑනෙ.’’
ඇය එහෙම උත්තර දුන්නේ පොඩි හිනාවක් එක්ක. අපායේ වුණත් හිනාවෙන්න සිද්ධවෙනවා. ඇත්තටම ඇය කැමති වුණේ නැහැ තමාව සමාජ පිළිලයක් ලෙස හෝ දුකින් ඉන්න කාන්තාවක් ලෙස විස්තර කරනවාට.
‘ ඕනෑවට වඩා අඬෝවැඩියා ලියන්ඩ එපා හොඳේ.’’ අප වෙන්වෙද්දී ඇය කීවේ ටිකක් තර්ජනාත්මකව වගෙයි.
ඇය කී විදියට තාත්තාගේ මිතුරාගෙන් පසුව ඇයට අවුරුදු 13දී පමණ පටන් ඇගේ ඥාති සහෝදරයෙක් අතින් නැවත අතවරයට ලක්වෙනවා. ඥාති සහෝදරයෙක් යැයි කීවත් ඔහු ඇයට වඩා අවුරුදු 15ක් පමණ වැඩිමල් කෙනෙක්. මේ ගැන දැනගන්නා පවුලේ අය කරන්නේ ඇය ඔහුට විවාහ කරදීම.
‘‘මට ඒ වෙද්දී දැනුණා මම පිරිමි අයට කැමති නෑ කියලා. රැුවුල වවාගත්ත, ගඳගහන, කළු මිනිහෙක් එක්ක විවාහ වීම මාව මරාදානවා වගේ වැඩක්. හැබැයි මාව අතින් පයින් ගහලා මරන්න ඒ මිනිහා පටන්ගත්තා.’’
ඇය එලෙස විස්තර කරන්නේ විවාහ ජීවිතය ගැන. ඇයට පෙම්වතියක් මුණගැහෙන්නේ මේ අතරේදී.
‘‘අපේ සම්බන්ධය මගේ කසාද මිනිහා දවසක් දැන ගත්තා. එතකොට මට මාස 10ක විතර ගැහැනු දරුවෙකුත් හිටියා. එදා මාව නිරුවත් කරලා හොඳටම ගහලා ගහලා පාරේ ඇදගෙන ගියා. මගේ දරුවාවත් ඒ මිනිහා මුහුදට විසික්කරන්න ගියා. අහළ පහළ අය එකතුවෙලා දරුවාව බේරගත්තේ. මට තවත් ඒ මිනිහා එක්ක ඉන්න බැරිවුණා. ඒ නිසා මම දරුවාවත් අරගෙන පැනලා ආවා.’’
දැන් ඇය ඉන්නේ තමාගේ පෙම්වතිය සමඟයි. පෙම්වතිය අවුරුදු හතළිහක පමණ කාන්තාවක්.
දැන් ඇය ලිංගික ශ‍්‍රමික කාන්තාවක්. ඇගේ සේවය ලබන්නේ පිරිමින්. ඒ නිසාම ඇයට තමන්ගේ රැුකියාව තමන්වම යළි යළිත් මරාදැමීමක් ලෙස දැනෙනවා. තමා දන්නා බොහෝ දෙනෙක් මෙන් තමන්ගේ දරුවා අයාලේ යන්නට ඇය ඉඩ තබා නැහැ. ඒ වෙනුවට ඇය දරුවා වෙනුවෙන් හැකි උපරිමය කරන්නට උත්සාහ කරනවා. දරුවාට දැන් අවුරුද්දක්.
‘‘අපි දෙන්නාම දරුවාට ආදරෙයි. අපි දෙන්න හදපු දරුවෙක් වාගෙ.’’
ඇය කියනවා. එහෙත් ඇය කියන විදියට මේ වෙද්දී ඇගේ පේ‍්‍රම ජීවිතයේ අවසානයටත් ඉඟි පළවෙලා.
‘‘අපි දෙන්නා සතුටින් හිටියා. ඒත් අපි දෙන්නා එකට ඉන්න එක පවුල් ජීවිතයක් නෙවෙයි. අපි ඉන්න කාලයක් එකට වැටිලා ඉඳියි. කසාද පවුලක් වගේ තියෙන එකක් නෑ. අපි දෙන්නාගෙත් ලස්සන කාලෙ දැන් ඉවරයි.’’

අනෙකා..
කිරිබත්ගොඩදීයි ඇය මුණගැසුණේ. සංක‍්‍රාන්ති ලිංගි ක කාන්තාවක්. ඇත්තෙන්ම සංක‍්‍රාන්ති ලිංගික කාන්තාවක් වුණත් ඇයට තමන්ගේ සංක‍්‍රාන්ති ලිංගිකත්වය සම්පූර්ණ කරගන්නට පසුබිමක් නැහැ. ඒ සඳහා අවශ්‍ය සැත්කම් සඳහා මුදල් විශාල ප‍්‍රමාණයක් හෙවත් ඇය සතුව කිසිසේත්ම නොමැති යමක් අවශ්‍යයි. ඇගේ අධ්‍යාපනය වගේම ජීවිතයද කඩාකප්පල් වෙන්නේ ඇය උපත ලද ස්වභාවය නිසා. ඇය ලිංගික සේවා සපයන්නියක් බවට පත්වෙන්නට පළමු හේතුව වුණේ ඇයට රැුකියා අවස්ථා සීමා වූ නිසා.
ඇය ටික දිනයක් පෙම්වතා සමඟ ජීවත්වෙනවා. එහෙත් ඔහු සමකාමී තරුණයෙක්. ඔහු ඇය කාන්තාවක් ලෙස වෙනුවට පිරිමියෙක් හැටියට පිළිගත්තා. ඇයට අවශ්‍ය වුණේ කාන්තාවක් වීමට. ඔවුන් දෙදෙනාගේ සම්බන්ධය ඒ සමඟ බිඳවැටුණු බව ඇය කියනවා.
‘‘මගේ ආසාව තියෙන්නේ කොහොමහරි ඔපරේෂන් කරන්න. ඒත් ඒකට ලොකු සල්ලියක් ඕනෑ. අපි පැය ගණන් පාරේ හිටගෙන ඉඳලා, පිරිමින්ට විනෝදය සපයලා අන්තිමේදී ලබන්නෙ පුංචි මුදලක්. ඒක අපේ එදිනෙදා වියදම් ටිකයි, ගෙවල් කුලියයි පිරිමහගන්න විතරයි ප‍්‍රමාණවත්.’’
ඇය කියන්නේ තම සිරුර කාන්තා සිරුරක් බවට හැරවීමට අවශ්‍ය සැත්කම ගැන.
‘‘කොහෙද ඉතිං, අපට තෙල් මිල වැඩිවෙද්දී මිල සූත‍්‍රය වැඩි කරන්න කියලා උද්ඝෝෂණ කරන්න පුළුවන්යැ.’’ ඇය පසුව සිනහසෙනවා.
ඇය මධ්‍යම පන්තික පවුලකින් පැවත එන්නියක්. මව හෙදියක්. පියා ගුරුවරයෙක්. සාමාන්‍ය, සාම්ප‍්‍රදායික, ආගමික භක්තියෙන් පිරුණු පවුලක්.
ඇය නිවසේදී අතවරයට පත්වෙන්නේ නැහැ. එහෙත් ඇය පාසලේදී අතවරයට ලක්වෙනවා.
‘‘මට ඉස්කෝලේ යාළුවෝ ‘කෑල්ල’ කියලා කීවේ. ඉස්කෝලෙ නාට්‍යවල එහෙම මාව කෙල්ලන්ගේ චරිතවලට තමයි තෝරගත්තේ. එතකොට ඉස්කෝලෙ මගේ පන්තියේ යාළුවෙක් එක්කම මට සම්බන්ධයක් තිබුණා. ඒක මමම පටන්ගත්ත එකක්. විහිළුවට වගේ කළ දෙයක්. එයා සමකාමී හෝ සංක‍්‍රාන්ති ලිංගික කෙනෙක් නෙවෙයි. ඒත් එයා මා එක්ක යාළුවුණා. ඒකෙන් පස්සෙ ඉස්කෝලෙට ආ පුහුණු ගුරුවරයෙක් එක්කත් මගෙ සම්බන්ධයක් හැදුණා. ඒ පුහුණු ගුරුවරයාත් විවාහ වෙන්න හිටපු කෙනෙක්. එයාත් මොන ජාතියේ (ලිංගික අනන්‍යතාව* කෙනෙක්ද කියලා මම දන්නේ නෑ. ඒකෙන් පස්සෙ මා එක්ක වචනවලින්, වැඩවලින් සම්බන්ධතා තියාගත්ත කිහිපදෙනෙක්ම හිටියා. මාව ඉස්කෝලෙ ගෑනු ළමයෙක් විදියටම ප‍්‍රසිද්ධ වුණා.’’
ඇයගේ සංක‍්‍රාන්ති ලිංගික තත්ත්වය ගැන පියා දැනගන්නේ, ඇය ඉගෙනගන්නා පිරිමි පාසලේ පැතිර ගිය කටකතා හිතවත් ගුරුවරයෙක් පියා සමඟ පැවසීමෙන් පසුව. පියා ඉගැන්වුවේ වෙනත් පාසලක. ඉන්පසුව ඇයට කිසිවක් නොදන්වා බලිතොවිල් සංවිධානය කරන්නට පියා පටන්ගන්නවා.
‘‘මට මේක වාතයක් වුණා. මම තාත්තා එක්ක රණ්ඩුවෙන්න ගත්තා. අන්තිමේදී ගෙදරින් බැහැලා ආවා.’’ ඇය නිවසෙන් පැමිණීම කෙටියෙන් විස්තර කරනවා.

හමාර වැකිය
මේ තුන්දෙනාම වයස අවුරුදු 23ට අඩු අය. ඔවුන්ට ජීවිතයේ තවත් බොහෝදුර යන්නට සිද්ධවෙලා තියෙනවා. තුන්දෙනා ජීවත් වූ පරිසර එකිනෙකට වෙනස් ඒවා. ගැමි පරිසරයෙන් ආ ඇය. නාගරික ලූ‍ම්පන් පන්තියේ ඔහු සහ මධ්‍යම පන්තික අනෙකා මුහුණදෙන්නේ ලංකාවේ බොහෝ තැන්වල බොහෝ දෙනෙක් මුහුණදෙන අත්දැකීම්වලට.
මා කැළඹූ තත්වය තමයි මේ තුන්දෙනාම තමන්ට මුහුණදෙන්නට සිදුවූ සිදුවීම් ගැන කම්පනයක් නැතිවම කතාකිරීම. ඇත්ත. අපචාරවලට ලක්වූ පමණින් ජීවිත දුකෙන් පිරී යා යුතු නැහැ. ලිංගික ශ‍්‍රමිකයන් ලෙස තමන් ප‍්‍රිය නොකරන රැුකියාවක යෙදීමත් හඬා වැටෙන්නට තරම් දෙයක් නෙවෙයි. එහෙත් මේ සියල්ල එදිනෙදා සිදුවීම් බවට පත්වීම විසින් කියාපාන්නේ මේ කතා මොනතරම් සුලබද යන්න.
විසඳුම් නැතිව, අඩු කතාබහක් සමඟ ළමා අපයෝජන සිදුවීම් සමාජයේ සාමාන්‍ය තත්ත්වයක් ලෙසම පවතිනවා. ඉඳහිට හෝ ඇසෙන ළමා අපයෝජන කතා තිබුණත් ලංකාවේ එදිනෙදා සිදුවෙන ළමා අපයෝජන තොගය කිසිදා වාර්තා වෙන්නේ නැහැ. ඒ නිසාම මේ තුන්දෙනාටත් ඒ සිදුවීම් සාමාන්‍ය එදිනෙදා සිදුවීම් පමණයි.
ආචාර්ය හරිනි අමරසූරිය සහ මහාචාර්ය සාවිත‍්‍රි ගුණසේකර යුනිසෙෆ් ආයතනය සමඟ 2013 දී ළමා විවාහ කේන්ද්‍ර කරගනිමින් සිදුකරන ලද සමීක්ෂණ වාර්තාවකින් කියැවෙන්නේ ළමා අපයෝජන, ළමා ලිංගික ශ‍්‍රමිකයන් සහ ළමා විවාහ මොන තරම් ලංකාව තුළ ඉන්නවාද, සිදුවෙනවාද යන්න පිළිබඳව. ඒ නිසාම ඔවුන් රළු ජීවිත අත්දැකීම් තොගයකට මුහුණදෙනවා.
ලංකාවේ ලිංගිකත්වය ගැන දැනුම සහ ආකල්ප වෙනස් වෙන්නේ නැහැ. එහෙම වෙනස් විය යුතු බවට ප‍්‍රමාණවත් සංවාද හැදෙන්නේත් නැහැ. නීතිය මේ වගේ සිදුවීම් වළක්වන්න තරම් ශක්තිමත් නෑ. ඒ හේතුවෙන් අයාලේ යන ජීවිත ලබන්නට සිදුව ඇත්තේ මේ තුන්දෙනාට පමණක් නෙවෙයි.
මේ ලක්ෂ ගණනක් අතරින් තුන්දෙනෙක් පමණයි.x