No menu items!
21.1 C
Sri Lanka
23 November,2024

වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය 6ක් ඉල්ලලා, තුනක් ලැබිලා

Must read

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (ජීඑම් ඕඒ) ක‍්‍රියාකාරී නිලධාරීන් හය දෙනෙකු මහමැතිවරණයට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නාමයෝජනා ඉල්ලූ බවත් ඒ අතරින් තුන්දෙනෙකුට නාමයෝජනා ලබාදුන් බවත් අනිද්දා සමඟ අදහස් දැක්වූ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාමයෝජනා කමිටුවේ සාමාජිකයෙක් පැවසීය.

පසුගිය කාලයේදී තමන්ට සහයෝගය දැක්වූ සියලූ කණ්ඩායම්වලට නාමයෝජනා ලබාදුන් බවත්, ඒ අනුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයටද නාමයෝජනා ලබාදුන් බවත් ඔහු කීය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හම්බන්තොට දිස්ත‍්‍රික් ලේකම් ලෙස කටයුතු කළ වෛද්‍ය උපුල් සංජීව ගලප්පත්තිට එම දිස්ත‍්‍රික්කයෙන් නාමයෝජනා ලබාදී තිබේ. මොනරාගල දිස්ත‍්‍රික්කයෙන් වෛද්‍ය ගයාෂාන් නවනන්දට නාමයෝජනා ලබාදී තිබේ. අම්පාර දිස්ත‍්‍රික්කයෙන්ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍ය තිලක් රාජපක්ෂට නාමයෝජනා ලබාදී ඇත.

බදුල්ල දිස්ත‍්‍රික්කයෙන් රජයේ වෛද්‍ය  නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍ය පාලිත රාජපක්ෂ නාමයෝජනා සඳහා අත්සන් කර තිබී ඇතත් අවසාන මොහොතේ ඔහුගේ නම මකා වෙනත් අයෙකු ඇතුළත් කර ඇතැයි එහි සිටින අප වාර්තාකරුවෙක් පැවසීය.

ඉහත වෛද්‍යවරුන් හතරදෙනාට අමතරව නාමයෝජනා ඉල්ලා සිටි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයන් දෙදෙනා කවුදැයි අප විමසුවද එම ප‍්‍රකාශකයා කීවේ එම වෛද්‍යවරුන් දෙදෙනාගේ නම් ප‍්‍රකාශ කළ නොහැකි බවය. එම වෛද්‍යවරුන් අතර වෛද්‍ය අනුරුද්ධ පාදෙණියද සිටින්නේදැයි විමසූ විට එම ප‍්‍රකාශකයා කීවේ නාමයෝජනා ඉල්ලූ අය අතර ඔහු නොසිටි බවයි.

මේ අතර අපගේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රීධුරයක් හා ආණ්ඩුවේ ඇමතිධුරයක් බලාපොරොත්තු වන බව දැනුම් දී තිබූ බවය.x

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි