No menu items!
23.9 C
Sri Lanka
11 October,2024

බුද්ධියට පිටුපා වගකීම් හරියාකාර ඉටුනොකිරීම

Must read


ජනාධිපති, අග‍්‍රාමාත්‍ය, අධිකරණ සේවය, පාර්ලිමේන්තු, පළාත් සභා, දිස්ත‍්‍රික්ක සභා, මහ නගර සභා, නගර සභා මැති ඇමතිවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන්, තානාපතිවරුන් හා ඉහළ පරිපාලන නිලධාරීන් රාජ්‍ය සේවයේ යෙදෙන්නන් බැවින්් ඔවුන් වෙත අධිකාරි බලයක් මෙන්ම අතිමහත් වගකීමක් ද පැවරී තිබේ. ජනතාවගේ එදිනෙදා සුබසිද්ධිය, ආරක්‍ෂාව, රැුකවරණය, ප‍්‍රවර්ධනය හා සාමකාමී සහජීවනයට ඇවැසි වාතාවරණය සැකසීම හා ස්ථාපිත කිරීම ඔවුන් සතු වගකීම බැවින් ඔවුන් හා ඔවුන් හොබවන නිලයන් කෙරෙහි ද අතිමහත් ගෞරවයෙන් යුතුව සැලකීමට ජනතාව හුරු වී සිටිත්. ඔවුන්ගේ නිලයන් සම්භාවනීය වනවා පමණක් නොව තම සේවය හරියාකාර ඉටුකිරීමට අවශ්‍ය පහසුකම් රැුසක් ඔවුන්ට උරුමවනවා සේ ම ඉහළ වැටුපකට ද ඔවුහු හිමිකම් ලබත්.


ඔවුන් ශිෂ්ට සම්පන්න සීමාවන් ඉක්මවා නොයෙකුත් වරදාන ලබාගෙන ඇත. විශේෂයෙන් 1956න් පසුව මේ තැන්වලට පත්වූවන්ගේ ගුණාත්මකභාවයේ හා ඔවුන්ගේ දක්‍ෂතාවන්හි පිරිහුණු බවක් දක්නට තිබුණි. ඔවුන් වංචනික ක‍්‍රියාවන්ට හා ¥ෂණයට ලෙහෙසියෙන් පෙළඹීමටත්, කිසිදු හිතක් පපුවක් නොමැතිව, අහිංසක ජනතාව ගසාකන්නන් ලෙසත්, ඔවුන් දෙස බලන්නට ජනතාව හුරුව සිටිත්.

සියල්ලෝම රට ගැන හැඟීමෙන් විසීම


ශිෂ්ටසම්පන්න ආචාරශීලී ජනතාවක් ලෙස විසීමට නම් අපගේ කාර්යශූරත්වය, අත්නොරින කැපවීම, අවංකකම, සත්‍යවාදී බව, සාධාරණත්වය, නීතිගරුක බව, අන්‍යෝන්‍ය ගරුත්වය, නොසැලෙන සහෝදරත්වය, ජාතීන් අතර දැඩි එකමුතුව ආදිය යළිත් ස්ථාපිත කිරීම තුළින් රට අලූතින් ගොඩනැගිය යුතු යි. අසරණයන්ට පිහිටවීම, මිත‍්‍රශීලි බව, ඉවසීම හා නිහතමානී බව සැම නිවසකම, කුඩා වයසේ පටන් සිත් තුළට කාවැද්දිය යුතු ය.


මෙම තත්වය බිඳවැටී ඇති බවට සාක්‍ෂි දරනුයේ මෑතකදී ඇතිවුණ සිද්ධියකදී, එක් අසරණ මවකට විශ්වවිiාලයට ඇතුළුවුණු තම දරුවා මිනීමරු, ක‍්‍රෑර නවකවධකයන්ගෙන් බේරා දෙන ලෙස උපකුලපතිවරයාට ආයාචනා කරන්නට සිදුවීම යි. බුදුන්ගේ ඉගැන්වීමට එකහෙළාම විරුද්ධව හිංසාකාරී ක‍්‍රියාවන්හි නියැලෙන මෙවන් වධකයන්ම ‘බෞද්ධ රාජ්‍යයක්’ වෙනුවෙන් පෙනීසිටින්නෝ වෙත් ද? කිසිසේත් නැත; මන්දයත් ආගම ධර්මය විශ්වවිiාලයේ මෙවන් ක‍්‍රියාවනට අදාළ නොවන නිසා ය.


දේශපාලන හා පරිපාලනයේ ඉහළ තලයේ ඉන්නවුන් තුළ ජනතා සංවේදීබව, වගකීම, ගරුත්වය, ශිෂ්ටසම්පන්න බව හා විනිවිදභාවයෙන් යුතු වගවීම ඉතාමත් ඉහළ මට්ටමක තිිබිය යුතු ය. ඔවුන් සියලූදෙනාම ජනතාවට ප‍්‍රමුඛත්වය දියයුතු යි. තම සුඛවිහරණය, පෞද්ගලික හා දේශපාලන වාසි වෙනුවෙන් පොදු යහපත පාවාදීම නොකළ යුතු ය. එමගින් තම දේශපාලන පක්‍ෂයට හානි පමුණුවන අතර රටෙහි යහපත හා කීර්තිය ද විනාශ කරත්. ජනතා ඡන්යෙන් තේරී පත්වුණ නියෝජිතයන්ගේ හා රාජ්‍ය සේවකයන්ගේ වගකීම් හා වගවීම්හි ඛේදජනක පරිහානිය ජනවිඥනයට ද හසුවී ඇත. ඔවුහු කිසිදු හැඟීමකින් තොරව රාජ්‍ය සම්පත් උපක‍්‍රමශීලීව සූරා කති. විවිධ ව්‍යාපෘති වෙනුවෙන් බදු ගෙවන්නන්ගේ මුදල් අත දිගහැර වියදම් කරනුයේ, වක‍්‍රව තමන්ට ද විවිධ වාසි සැලසෙන අයුරිනි.


මහජන නියෝජිතයන්් හා රාජ්‍ය සේවකයන්්, රටේ ආරක්‍ෂාව, සුබසිද්ධිය ගැන කිසිදු හැඟීමක් ඇති නොවන තරමට තනි තනිවත්, පොදුවේත් අසංවේදී පිරිසක්ද? උසස් නිලධාරීන් තුළ, නැතිවම බැරි, තිබිය යුතු ම, පොදු යහපත පිළිබඳ සංවේදීබව යළි ස්ථාපිත කළ යුතු ය. රටේ සියලූදෙනා තුළ, සියලූදෙනාගේ යහපත ගැන සංවේදීබව නිවෙස් හා අධ්‍යාපන ආයතනයන්ගෙන් පටන්ගෙන යළි ස්ථාපිත කළයුතු යි.

අලූතින් ප‍්‍රශ්න සාදා නොගනිමු


බහුවිධ සමාජයක් වන අප රටේ විවිධ ජාතීන්ට අයත්, ආගම්වලට අයත්, සමාජ සංස්කෘතීන්ට අයත් ජනතාව වසර දහසට අධික කාලයක් තුළ බරපතළ ගැටලූවකින් තොරව සාමකාමීව උරෙනුර ගැටී වාසය කොට ඇත. දේශපාලනඥයන් රාජ්‍ය යාන්ත‍්‍රණය උපයෝග කොට ජනතාව අතර සැකය, වෛරය ඇතිවෙන දේ නොකළ යුතු ය. නිසි අධ්‍යාපනයක් නොලැබූ, මානසික සමබරතාවක් නොමැති, නම්‍යශීලී නොවන, විකෘති අදහස් ඇත්තන්හට දේශපාලනඥයන් විසින් නායකත්වය, වීරත්වය ආරෝපණය නොකළ යුතු ය. ඇතැම් සුළු ජාතික හා ආගම් ප‍්‍රශ්න විශාල ලෙස හුවාදක්වා අහිංසක ජනතාව කලහයන් වෙත උසිගන්වා ජන ජීවිතය අවුල් කිරීමට ඒ අය මාන බලති.


ආගමික නායකයන් තම අනුගාමිකයන්ට සම්භාවනීය නායකත්වය දිය යුතු කාලය එළඹ ඇත. ඉවසීම, කරුණාව, සහෝදරත්වය සියලූ ජාතීන්ට එක සේ දැක්විය යුතු බැව් ඔවුන්ට මතක්කරදීම අවශ්‍ය ය. පාස්කු ඉරිදා ප‍්‍රහාරයට පසු ක‍්‍රිස්තියානි දේවස්ථානයේ භූමිභාගය ශුද්ධ පවිත‍්‍ර කිරීමට බෞද්ධ භික්‍ෂූන්ගේ සහභාගිවීම මින් පෙර නොදුටුවිරූ අතිසුන්දර දසුනකි. මෙම ක‍්‍රියාව අනිකුත් අයගේත් අවධානයට පාත‍්‍ර විය යුතු ය.


මනාව සැලසුම් කරන ලද ඥනාන්විත තීරණ වෙනුවට, තම සිත් තුළ පැලපදියම් වූත් දේශපාලන අවශ්‍යතාවන් මත ගන්නා වූත් තීරණ ප‍්‍රසිද්ධියේ ක‍්‍රියාත්මක කරන බැව් පෙනෙන්නට තිබේ. විවේචනයන් කෙතරම් ඉදිරිපත්වුවත්, වැරැුද්ද බැව් දැන දැනත්, තම මතයම නිවැරදිය යි කියාගන්නා පිරිස් සිටිත්. ඉහළම තලයේ සිටින බලවතුන් එවන් ආකල්පයන් ආරෝපණය කරගැන්ම හිතකර නොවේ. පැහැදිලි දර්ශනයක් හෝ සපුරා ගත හැකි ඉලක්කයන් පිළිබඳ දැනුමක් නොමැතිව අඳුරේ අතපතගාන දේශපාලනඥයන් තමන් විසින්ම නිර්මාණය කරන ලද පඹගාලේ පැටලී සිටිමින් තමන්ට හැර, අන් සියල්ලටම ෙදාස් පවරමින් සිටිත්.


තම දේශපාලන ස්ථාවරය වෙනස්කරනවාට වඩා ජනතාවගේ යහපත සඳහා ප‍්‍රමුඛත්වය දියයුතු බැව් නොහැඟීම දේශපාලනඥයන්ගේ හා ඉහළ තලයේ රට කරවන්නන්ගේ අභාග්‍යයකි. ඔවුන්ගේ සාපරාධී නොදැනුවත්කම හා නොහැකියාව දේශය අවුල් සහගත තත්වයකට ඇද දමයි. ජනතාව අතර සංහිඳියාව අවුල්කිරීමට හා අලූතින් ප‍්‍රශ්න ඇතිකිරීමටත් ඔවුන්ට කිසිසේත් ඉඩ නොතැබිය යුතු යි.

අවංක මිනිසුන්ගේ
ගලවාගැනීමේ ප‍්‍රයත්නය


කිසිදා නොවූවිරූ, වගකීම් පැහැරහරින අවිනිශ්චිත දේශපාලන වාතාවරණයක් තුළ, යල්පිනූ දේශපාලන මිථ්‍යාව හා ඉදිරියේ එන මැතිවරණයන්හි බලය ලබාගැනීමට ඡුන්‍දය ඉල්ලාගෙන එන දේශපාලන පක්‍ෂ හා නියොජිතයන් පිළිකුල් කරන ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතාව, ඉන් මුදවාගැනීමට අවශ්‍යවන, රටට හා ජනතාවට මුළු හදින් ආදරය කරන වගකීමෙන් හා කැපවීමෙන් යුත් පිරිසක් ජනතාවට නායකත්වය දීමට ඉදිරිපත් වියයුතු ය. මෙවන් අභාග්‍ය ලෙස කලකිරීමට පත් ජනතාවකට, අලූත් තරුණ ඡුන්‍දදායකයන් මෙන්ම බලාපොරොත්තු සුන් වූ වැඩිහිටි ඡුන්‍දදායකයන්ගේ සිත් දිනාගත් අවංක සත්‍යවාදී කැපවූ කණ්ඩායමක් මේ තීරණාත්මක මොහොතේ ඉදිරිපත්ව රට විනාශ මුඛයෙන් ගලවාගැනීමේ අවස්ථාව, ක්‍ෂණිකව කළ යුතු දේ කිරීමට අවස්ථාව, අප හමුවේ උදාවී තිබේ.


රටේ සැම පුරවැසියෙකුගේම යහපත සලසන, ඥනාන්විතව වගකීම් ඉටුකරන නව පාලන ව්‍යුහයක් ස්ථාපිත කිරීමේ වගකිවයුතු කාර්යය ප‍්‍රජාතන්ත‍්‍රවාදී බහුතර ජනතාව වෙත පැවරී තිබේ. මෙය ඉටුකරගැනීමට ජනතා නායකයන් අවංක හා බුද්ධිමත්් විය යුතු යි. ඔවුන් අධිෂ්ඨානශීලීව දැඩි උනන්දුවෙන් හා කැපවීමෙන් වැඩ කළ යුතු යි. ටික කාලයක්, එනම් මුළු රටටම විශ්වාසයෙන් යුතුව යළි හිස එසවීමේ හැකියාව ලැබෙන තෙක්, අමාරුකම් විඳගෙන විසීමේ අවශ්‍යතාව ජනතාවට ඒත්තු ගැන්වීමට ඔවුන් දක්‍ෂ විය යුතු ය.


දේශපාලන පක්‍ෂ හා දේශපාලනඥයන් රට ඇද දමන ලද ප‍්‍රපාතයෙන් ගොඩ දැමීම වන මෙම භාරධුර අභියෝගය ජයගැනීමට නම්, ආත්ම පරිත්‍යාගයෙන් හා දැඩි කැපවීමෙන් යුත්, වගකීම් ඉසිලිය හැකි, අවංක නව කණ්ඩායමක් අවශ්‍යවනවා ඇත.x

x ඔගස්ටින් ප‍්‍රනාන්දු පියනම
පරිවර්තනය එල්ඒඩබ්ලිව් සිරිසේන
ප‍්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි