No menu items!
22.3 C
Sri Lanka
31 October,2024

පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමේ සූදානමක්

Must read

පාස්කු ප‍්‍රහාරය පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව නිසා ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තුව අතර පැනනැගී තිබෙන ප‍්‍රශ්නය නිරාකරණය කර ගැනීමට පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීම පිළිබඳව ජනාධිපතිවරයා යළි සලකා බලමින් සිටින බව වාර්තා වේ. ජනාධිපතිවරයා සහ ආණ්ඩුව අතර උද්ගතවී ඇති මෙම අර්බුද තත්ත්වය සමනය කරගැනීම සඳහා ජනාධිපතිවරයා සමග සාකච්ඡුා කළ යුතුයැයි මතයක් අවසන් වරට රැුස්වූ කැබිනට් රැුස්වීමේදී සාකච්ඡුා වී ඇත. ඉන්පසුව රැුස්වූ විශේෂ කාරක සභාවේදී ද මෙම කරුණ සාකච්ඡුා වී ඇති අතර කාරක සභාව නියෝජනය කරන අමාත්‍යවරුන් දෙදෙනෙකු ජනාධිපතිවරයා සමග මෙම කාරක සභාවේ අනාගතය ගැන සාකච්ඡුා කළ යුතු යැයි අදහසක් මතු කර තිබුණි. එහෙත් ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න සහ වෛද්‍ය නලින්ද ජයතිස්ස යන කාරක සභා සාමාජිකයන් එයට සිය විරෝධය ප‍්‍රකාශ කර ඇත. ඔවුන් එහිදී ප‍්‍රකාශ කර ඇත්තේ කතානායකවරයාගේ ස්ථාවරය මත සිටිමින් මෙම කාරක සභාවේ කටයුතු පිළිබඳව ජනාධිපතිවරයා සමග සාකච්ඡුා කිරීමේ අවශ්‍යතාවක් නැති බවය.

මෙම තත්ත්වය හමුවේ පාර්ලිමේන්තුව වාර අවසාන කළහොත් කාරක සභාව අහෝසි වන්නේ දැයි අප නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතානගෙන් විමසූ විට ඔහු ප‍්‍රකාශ කළේ, මෙම විශේෂ කාරක සභාව පිහිටුවීමේදී මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් පාර්ලිමේන්තුව වාර අවසාන කළත් එම කාරක සභාව අහෝසි නොවන ලෙස පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගත් බවය. ඒ නිසා පාර්ලිමේන්තුව වාර අවසාන කළත් මෙම කාරක සභාව අහෝසි නොවන බවය.

පාස්කු ප‍්‍රහාරය පිළිබඳ බුද්ධි අංශ කලින් ජනාධිපතිවරයා දැනුවත් කර ඇති බව මෙම විශේෂ පාර්ලිමේන්තු කාරක සභාව මගින් තවදුරටත් තහවුරු වීම නිසා ජනාධිපතිවරයා සහ ආණ්ඩුව අතර මෙම අර්බුදය උද්ගතවී ඇත. එහිදී තමා යටතේ සිටින රාජ්‍ය නිලධාරීන් මෙම කාරක සභාවට සහභාගි නොකරන බවද මෙම කාරක සභාව අහෝසි නොකරන්නේ නම් තමන් කැබිනට් රැුස්වීමට සහභාගි නොවන බවද ප‍්‍රකාශ කිරීම හමුවේ මෙම අර්බුදය ඇතිවිය. x

මංජු කස්තුරිආරච්චි

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි