ජනාධිපති මෛත්රීපාල සිරිසේන විසින් ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස පසුගියදා පත්කර ගන්නා ලද ජනක රණවක මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කරන ලද චෝදනා බාරදීම මහාධිකරණය විසින් සිදුකර ඇත.
මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න ඉදිරියේ මෙම චෝදනා කියවීම ජනවාරි 09 දින සිදුවී ඇත.
ශ්රී ජයවර්ධනපුර මහ නගර සභාවේ නගරාධිපති මධුර විතානගේ සතුවූ පෞද්ගලික පරිගණකයට අයුතු ලෙස පිවිස එහි දත්ත සොරකම් කළේ යැයි ජනාධිපති පෞද්ගලික ලේකම් ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට චෝදනා එල්ල වී ඇත.
ශ්රී ජයවර්ධනපුර නගරාධිපතිවරයා එහි උපනගරාධිපතිවරයා වශයෙන් කටයුතු කරන සමයේදී පෞද්ගලික පරිගණකයට අයුතු ලෙස පිවිසීම සිදුවී ඇති අතර එසමයේ ශ්රී ජයවර්ධනපුර මහ නගරසභාවේ නගරාධිපතිවරයා වශයෙන් කටයුතු කර ඇත්තේ ජනක රණවක මහතාය.
කෙසේ වෙතත් ඔහු සහ අනෙක් විත්තිකරුවා අධිකරණයේදී ප්රකාශ කර ඇත්තේ එම චෝදනාවට තමන් නිවැරදිකරුවන් බවය.
ඉඳුවර බණ්ඩාර