No menu items!
21.2 C
Sri Lanka
22 November,2024

පොහොට්ටුව කොල්ලකෑ හැටන් ඩිපෝව

Must read



ඔක්තෝම්බර් 26 රාත්‍රියේ හැටන් ඩිපෝවේ පාලනය බලහත් කාරයෙන් අත්පත්කරගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ හැටන් ඩිපෝවට අයත් වෘත්තීය සමිති ශාඛාවේ වෘත්තිය සමිති නායකන් හා එහි සාමාජිකයන් විසින් රුපියල් කෝටි තුනකට ආසන්න මුදලක් ලංකා ගමනාගමන මණ්ඩලයට අහිමි කර ඇත්තේ එහි දේපළ සොරකම් සොරකම් කිරීමෙන් හා ඩිපෝවේ පරිපාලනය බිදදැමීම මත බස් ධාවනය අඩාල කිරීමෙනි.
නීති විරරෝධී ආණ්ඩුව පවත්වාගන ගිය දින 50 ඇතුළත හැටන් ඩිපෝව සතු දේපළ සොරකම් කිරීමෙන් හා දෛනික බස් ධාවනය අත්හිටුවීමෙන් එම දේපළ අයථා ලෙස භාවිතයෙන් මොවුන් විසින් එම දූෂණය සිදුකර තිබේ. එම ආයතනය තුළ මත්පැන් පානය කරමින් සින්දු කියමින් නටමින් මහින්ද රාජපක්ෂ අගමැති වීමේ ප්‍රිතිය සමරන මුවාවෙන් ඩිපෝ කළමනාකාරවරයා හා ආරක්ෂක නිළධාරීන්ට මරණ තර්ජන කර පන්නා දැමීමෙන් පසු මෙලෙස සොරකම් රැසක් සිදුකර ඇත.‍ මෙම දින 50 ඇතුළත ඩිපෝව තුළ සිදුවූ සොරකම් සම්බන්ධයෙන් සෘජුවම ඇඟිල්ල දිගුවන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තිය සමිති ශාඛා සභාපති ලලිත් ආරියතිලක, ලේකම් ජානක කිර්තී රත්න හා එහි සමාජිකයන් වන අතුල බණ්ඩාර, කමල් රෝෂාන්, ධනන්ජය බණ්ඩාර, ප්‍රසන්න මුල්ලීල, ඇතුළු පිරිසකටය. එහෙත් එම චෝදනා ඔවුන් බැහැර කරති.
ඒ අනුව ඩිපෝව සතුව තිබූ රේඞ්යේටර් 12ක් ආමෙචර් 9ක් අබලි යකඩ කිලෝ 800ක්, ඇළුමිනියම් කිලෝ 150ක්, තඹ කිලෝ 140ක් මෙලෙස අතුරුදහන් භාණ්ඩ අතර වෙයි. එමෙන්ම බස්රථ සඳහා සවිකිරීමට සූදානම් කර තිබූ ලක්ෂ 10 ක් පමණ වටිනා අමතර කොටස් ප්‍රමාණයක්ද මේවන විට අතුරුදන්ව ඇත. මේ භාණ්ඩ අතුරුදහන් වීම සම්බන්ධයෙන් හැටන් ඩිපෝවේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී රෝහන සිල්වා පවසන්නේ මෙවැනි කතාවකි.
“ඔක්තොබර් 27 රෑම පොහොටුවේ වෘත්තීය සමිති නායකයා සහ ඔවුගේ සමාජිකයන් ඩිපොවේ බලය අල්ලා ගත්තා. අපිට ප්‍රධාන ආරක්ෂක කාමරයට යන්න උත්සහ කලහම ඔවුන් කිවුවා ‘දැන් ඉතින් පරණ සෙල්ලම් බෑ මහින්ද මහත්තයාගේ ආණ්ඩුවක් තියෙන්නේ අදින් පස්සේ තොපිට මෙහෙ රස්සාවල් නැහැ’ කියලා සේරම ආරක්ෂක නිලධාරීන් මරණ තර්ජනය කරලා එලවලා දැම්මා. අපිට ඩිපෝවට එන්න දුන්නේ නෑ. ඒ වෙලාවේ ආරක්ෂක අංශය සතුව තිබුණු ආමෙචර් 9ක් රේඩියෙටර් 12ක් වගේම තවත් අබලි යකඩ තොගයක් ලොග් සටහනක් දාලා බාර දුන්නේ වෙන කරන්න දෙයක් නැති නිසා. නමුත් දැන් ඒ කිසිවක්ම ඩිපෝවේ නැහැ. ආරක්ෂක අංශ නිලධාරීන් එලවලා දමලා ආරක්ෂක අංශයේ වැඩ බාර ගත්තේ කාර්මික අංශයේ කැලුම් කියන පුද්ගලයයි. දැන් මේ සොරකමට ලක්වෙලා තියන දේවල් ගැන ඇහුවම ඔහු කියන්නේ ඒ දේවල් හොරු ගෙනිහිල්ලා කියලයි. දැනට අපි ඩිපෝවේ ආරක්ෂක නිලධාරීන් පන්නා දැමීම සම්බන්ධයෙන් හැටන් පොලීසියේ පැමිණිලි දෙකක් දාලා තියෙනවා.”‍
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තිය සමිති සාමාජිකයන් මැර බලය යොදා හැටන් ඩිපෝව තුළ ධාවනයෙන් ඉවත්කල බස්රථ ගණන 30කි. මෙම වෘත්තීය සමිති සාමාජිකයන් ඩිපෝ කළමනාකාරවරුන් පන්නා දැමීමෙන් පසුව ඔවුන්ගේ අත්සන් හා තනතුරු හොරාට යොදා ගනිමින් දූෂණ රැසක් සිදුකර ඇති අතර බිපෝ කළමනාකාරවරුන්ට අයත් නිල වාහන භාවිත කර එම වාහන අබලන් තත්ත්වයට පත්කර ඇත. හැටන් ඩිපෝවේ කලමනාකාරවරයාට අයත් නිල රථය සඳහා අදාළ දින 50 අතුළත රුපියල් 50.000 ක ඉන්ධන ඩිපෝවෙන් ලබාගන ඇතත් ඒ කුමන ගමන් බිමන් සඳහාද යන්න ධාවන සටහන් යොදා නැත. මෙම දූෂණය සම්බන්ධයෙන් හැටන් ඩිපෝ අධිකාරී අනුර දොඩම්තැන්න පවසන්නේ මෙවැනි කතාවකි.
පසුගිය 26ට පෙර අපි දෛනිකව බස් 95 ධාවනයට යොදවලා මසක ආදායම රුපියල් ලක්ෂ 18- 22 අතර ආදායමක් උපයා තිබෙනවා. ඔක්තොබර් මාසයේ ආදායම ලක්ෂ 19ක්. නමුත් නොවැම්බර් මාසයේ ආදායම ගණනය කරන්න තවම හැකියාවක් නැහැ. පසුගිය ඔත්තොම්බර් 26 දිනයෙන් පස්සේ ඇතැම් දිනවල ආදායම වශයෙන් සටහන් කර තිබෙන්නේ බොරු මිල ගණන් දැනට අමතර කොටස් ඇතුළුව මේ දින 50 ඇතුළත හෙරකම් කරපු දේපලවලට අමතරව බස් ධාවනය නොකිරීම නිසා ඩිපෝව ලබලා තියෙන අලාභය දැනට දැනට රුපියල් එක්කෝටි 60 ලක්ෂයකට වැඩියි. මේ සම්බන්ධයෙන් අපි දැනට විමර්ශනයක් ආරම්භ කරලා තියෙනවා”‍
මෙම දින 50ක කාලය තුළ මහින්ද රාජපක්‍ෂගේ අනුගාමිකයන් එක් ඩිපෝවක් තුළ සිදුකළ වංචා සහ සොරකම් මෙසේය. දින පනහක තත්ත්වය එසේනම් වසර 6ක් යම් ආයතනයක් මොවැනි පුද්ගලයන් පාලනය කලේනම් ඇතිවෙන තත්වය කුමක්වනු ඇත්ද? කෙසේ වෙතත් රාජපක්ෂ හිතවාදීන් රට පුරාම රාජ්‍ය ආයතන බලහත්කාරයෙන් අත්පත් කරගනිමින් එම කාලය තුළ ඔවුන් රාජ්‍ය දේපළ විනාශ කර ඇති ආකාරය සම්බන්ධයෙන් පුළුල් පරීක්‍ෂණයක් ආරම්භ කළ යුතු නොවේද?
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හැටන් ඩිපෝවේ වෘත්ති සමිති ශාඛා සභපති ලලිත් ආරියතිලක මෙසේ කියයි.
“අපි කිසිම දෙයක් හොරකම් කරලා නැහැ. අනික එහෙම වෙලා තියෙනවා නම් මම තනියම වගකීම භාරගන්නෙත් නැහැ. ඔය දවස්වල හැටන් ඩීපෝවට පිටස්තර පුද්ගලයන් ආවා ගියා කියලා තොරතුරු තියෙනවා. ඒක නිසා ඒකේ වගකීම අපිට භාර ගන්න බැ. ආරක්ෂක අංශයේ අය අපි බලෙන් එළවලා දැම්මා කියන කතාව බොරුවක්. මම ඩිපෝව අධිකාරියේ අත්සන යොදා ගත්තා කියන චෝදනාවත් භාරගන්න සූදානමක් නැහැ ඕන්නම් ඒ ගැන පරික්‍ෂණයක් කරන්න. අමතර කොටස් අතුරුදන් වෙලා නැහැ. ඒවා බස්වලට සවිකරලා ඇති.”■

■ ධම්මික ප්‍රියදර්ශන

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි