No menu items!
17.5 C
Sri Lanka
27 January,2025

වතුර බෝතලේට ප්‍රමිතියක් තිබේද?

Must read

2024 දෙසැම්බර් 06 වැනි දින මාවනැල්ල, හෙම්මාතගම ප්‍රදේශයේ ආයතනක් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිකුත් කළ ලියාපදිංචි සහතිකය ඉකුත්ව තිබියදී, එම තොරතුරු ව්‍යාජ ලෙස යොදාගනිමින් පානීය ජල බෝතල් නිෂ්පාදනය කරමින් සිටියදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් අත්අඩංගුවට ගෙන තිබිණි.
වර්තමානය වන විට පානීය ජල බෝතල් අලෙවි කිරීම දැවැන්ත ව්‍යාපාරයක් බවට පත්ව ඇත. නිෂ්පාදකයන්, බෙදා හරින්නන් හා අලෙවි කරන්නන්ගේ ප්‍රමාණයද මේ සමග වැඩි වී ඇති අතර පවතින තරඟකාරිත්වය හමුවේ වැඩි ලාභයක් ඉපැයීමේ අරමුණින් පානීය ජලය හා ඇසුරුම්වල ගුණාත්මකභාවය හා ප්‍රමිතිය පිළිබඳව සැලකිල්ල අඩු වී ඇති බවද නිරීක්ෂණය වේ.
පාරිභෝගික කටයුතු අධිකාරි පනතට අනුව තමන්ට නොමැති ප්‍රමිතියක් හෝ අනුග්‍රාහකත්වයක් ඇති බවට ව්‍යාජ ලෙස හුවා දැක්වීම වරදක් වන අතර ඕනෑම ව්‍යාපාරික ආයතනයකට එරෙහිව නඩු පැවරීමට පාරිභෝගික කටයුතු අධිකාරියට බලතල ඇත.

ප්‍රමිතියක් සඳහා නීති

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලියාපදිංචි කිරීමෙන් තොරව වෙළඳපොළට පානීය ජල බෝතල් නිකුත් කළ නොහැකිය. සෞඛ්‍ය අමාත්‍යාංශය, ශ්‍රී ලංකා ප්‍රිමිති ආයතනයේ සමග ඇති කරගත් අවබෝධතා ගිවිසුමකට අනුව ප්‍රමිති ආයතනය අදාළ නිෂ්පාදනයේ තත්ත්ව පරීක්ෂණයක් කිරීමෙන් අනතුරුව බලපත්‍ර ලබාදීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට නිර්දේශයක් නිකුත් කරනු ලබයි.

1980 අංක 26 දරන ආහාර පනත ප්‍රකාරව ආහාර උපදේශක කමිටුව විමසා 2005 නොවැම්බර් 21 දින එවක සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් අංක 1420/4 දරන අති විශේෂ ගැසට් පත්‍රයකින් බෝතල් කරන ලද හෝ අසුරන ලද ස්වාභාවික හා බෝතල් කරන ලද හෝ අසුරන ලද පානීය ජලය ආනයනය කිරීම හා බෙදා හැරීම සඳහා ප්‍රධාන ආහාර බලධරයාගෙන්ම ලියාපදිංචි කිරීමේ සහතිකයක් ලබා නොගෙන කරනු නොලැබිය යුතුය යන්න අදාළ ගැසට් පත්‍රයක් නිකුත් කරමින් පවසා තිබුණි.

1989 ජුනි මස 02 දින 568/13 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළකරන ලද 1988 ආහාර නියෝගවල සඳහන් සනීපාරක්ෂක අවශ්‍යතා (බෝතල් කරන ලද හෝ අසුරන ලද පානීය) ජලය නිෂ්පාදන සම්බන්ධයෙන් අදාළ විය යුතු බවත් බෝතල් කළ හෝ අසුරන ලද පානීය ජලය, නිපදවන පරිශ්‍රයක් ලියාපදිංචි කිරීම සඳහා ප්‍රමිති ආයතනයෙන් සහතිකයක් ගැනීමෙන් අනතුරුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලියාපදිංචි විය යුතු බවත් සඳහන් කර ඇත.

එම ලියාපදිංචිය සඳහා නිෂ්පාදන ආයතනයේ ලියාපදිංචිය ලබා ගැනීමට අපේක්ෂිත පරිශ්‍රයේ සම්පූර්ණ ලිපිනය, නිෂ්පාදනය කරනු ලබන හෝ නිෂ්පාදනය කිරීමට යෝජිත ආහාර වර්ගයේ ස්වභාවය, සමාගමේ ස්වභාවය, ලංකා ප්‍රමිතිය ආයතනයේ සහතිකය යන ලේඛන ඉදිරිපත් කළ යුතු බව ගැසට් පත්‍රයේ සඳහන් කර ඇත.

අදාළ පානීය ජල බෝතල්වල ගුණත්වය, මූලාශ්‍ර ජලයේ ගුණාංග, අවසාන නිෂ්පාදනයේ ගුණාංග (සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශිත ප්‍රමිතීන්ට අනුකූලවේද යන්න මෙහිදී විමසා බලනු ලබයි), පානීය ජල බෝතල් සමස්ත නිෂ්පාදනය පිළිගත් තත්ත්ව පාලන ප්‍රමිතීන් යටතේ සිදුවනවාදැයි ප්‍රමිති ආයතනය සොයා බලන අතර පරිසරයට ඇති කරන බලපෑම් පාරිසරික බලපෑම් අවම වන අන්දමින් අදාළ ජල මූලාශ්‍රයෙන් ලබාගත හැකි ජලය පිළිබඳව තක්සේරුවක් සඳහා ප්‍රමිති ආයතනය භූ විද්‍යාඥයන්ගේ සහය ලබා ගැනීමෙන් පසු ප්‍රමිති සහතික නිකුත් කරනු ලබයි. ඒ අනුව පාරිභෝගිකයන් තමන් මිලදී ගන්නා ජල බෝතලයෙහි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමත අංකය සහ ීඛී සහතිකය තිබේ දැයි පරීක්ෂා කළ යුතුය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය

2005 ආහාර (බෝතල් කළ හෝ ඇසුරුම් ජලය) සම්බන්ධ රෙගුලාසියේ 3(4)යේ වගන්තියට ප්‍රකාරව කිසියම් පරිශ්‍රයක් ප්‍රධාන ආහාර බලධාරියා විසින් ලියාපදිංචි කොට ඇත්තේ නම් මිස කිසිම පුද්ගලයෙකු විසින් එම පරිශ්‍රයන් පානීය ජල බෝතල් කිරීම හෝ ඇසුරුම් කිරීම සඳහා භාවිත නොකළ යුතුය. සෞඛ්ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකය විසින් පානීය ජල බෝතල් නිෂ්පාදනාගාරයක් පවත්වාගෙන යෑම සඳහා දෙනු ලබන බලපත්‍රයේ උපරිම වලංගු කාලය වසර 3ක් වන අතර ව්‍යාපාරයේ අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා වලංගු කාල සීමාව ඉක්මවූ පසු නැවතත් පානීය ජල බෝතල් නිෂ්පාදනාගාරයේ ලියාපදිංචිය අලු‍ත් කළ යුතුවේ.

සෞඛ්ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකයේ වෙබ් අඩවියේ අවසන් වරට උඩුගත කර ඇති පරිදි පානීය ජල බෝතල් දේශීය නිෂ්පාදකයින්ගේ ලැයිස්තුවක් නිරීක්ෂණය කරන ලද අතර එහි ලියාපදිංචි නිෂ්පාදකයින්ගේ ප්‍රමාණය 219කි. මෙම ක්‍රියාවලියට සමගාමීව ආහාර ප්‍රමිතිකරණයන්හි යෙදී සිටින රාජ්‍ය ආයතනය වන ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ලියාපදිංචි බලපත්‍ර ලබාගෙන ඇති ජල බෝතල් නිෂ්පාදකයින් කවුරුන්දැයි 2024 නොවැම්බර් 01වැනි දින ප්‍රමිති ආයතනයට ලියුම්කාරිය විසින් තොරතුරු දැනගැනීමේ අයදුම්පතක් යොමු කළ අතර එහිදී ප්‍රමිති ආයතනයේ වැඩ බලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂ බී.සී.ජේ. ප්‍රනාන්දු පිළිතුරු ලබාදෙමින් පවසා ඇත්තේ අදාළ ජල බෝතල් නිෂ්පාදකයින්ගේ ආයතන ලැයිස්තුව වෙළෙඳ නාම හා ලිපිනයේ යන විස්තර ප්‍රමිති ආයතනයේ වෙබ් අඩවියේ සඳහන් කර ඇති බවය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජල බෝතල් 219ක් ලියාපදිංචි වී සිටියත් එම පානීය ජල බෝතල් නිෂ්පාදකයින් අතරින් ප්‍රමිති සහතිකය ලබා ගෙන ඇත්තේ ජල බෝතල් නිෂ්පාදකයින් 92ක් පමණක් බව ලංකා ප්‍රමිති ආයතනයේ වෙබ් අඩවිය නිරීක්ෂණය කළ පසු අනාවරණය විය. ඒ අතරින් සමහර ජල බෝතල් නිෂ්පාදන බලපත්‍රලාභීන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වලංගු ලියාපදිංචියක් නොමැතිව කිසියම් හෝ ආකාරයකට පානීය ජල බෝතල් නිෂ්පාදන කටයුතු සිදු කර ගෙන යන බව නිරීක්ෂණය විය.

නීති කැඩීම් මීට පෙරත්

ලංකාව තුළ ගුණාත්මක පානීය ජල බෝතල් නිෂ්පාදනය හා බෙදාහැරීම සම්බන්ධයෙන් රාජ්‍ය ආයතනවල සහභාගිත්වය පිළිබඳව කාර්ය සාධන විගණනයක් 2012/ 2013 වර්ෂවලදී දෙපාර්තමේන්තුවෙන් සිදුකර තිබිණී. එහිදී අනාවරණය වී තිබුණේ 2012 දෙසැම්බර් 28 දිනට ප්‍රමිති ආයතනයේ ලියාපදිංචි බලපත්‍රලාභින් 59 දෙනෙකු සිටි බවත් එදිනට මෙම බලපත්‍රලාභීන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලියාපදිංචි වීම පිළිබඳව පරීක්ෂා කර බැලීමේදී බලපත්‍රලාභීන් හය දෙනෙකුහට සෞඛ්ය අමාත්‍යාංශයේ වලංගු ලියාපදිංචියක් නොමැති බවත්ය. එම නිෂ්පාදකයින් පෙර ලියාපදිංචියේදී ලබාගන්නා ලද අංක භාවිත කරමින් නිෂ්පාදන කටයුතු කරගෙන යන බවත් නිරීක්ෂණය වී ඇති බවත් ලියාපදිංචි කළ කාල සීමාව ඉකුත් වූ පසුත් ප්‍රමිතිය ආයතනයේ ලියාපදිංචි බලපත්‍ර ලබාගෙන නිෂ්පාදන කටයුතු පවත්වාගෙන ගොස් ඇති බවත් විගණනයේ දී අනාවරණය වී ඇත.
විගණනයේ දී සිදුකළ රස පරීක්ෂක වාර්තාවලට අනුව ජල සාම්පල්වල පැවතිය යුතු රසායනික සංයුතිය පිළිබඳව වාර්තා අනුව ඒවා අපේක්ෂිත මට්ටම ඉක්මවා තිබුණද එම ජල බෝතල් වෙළඳපොළට නිකුත් කර ඇති බවත් හෙළි වී ඇත.

පාලන මිල වරින් වර වෙනස් වේ

2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතෙහි 20(5) වගන්තිය යටතේ ක්රියාකරමින් 2016 ජූලි 14 දින අංක 1975/68 දරන රජයේ අතිවිශේෂ ගැසට් පත්රය මගින්ද නැවත 2018 මැයි මස 04 වන දින අංක 2069/42 නිකුත් කරන ලද විශේෂ ගැසට් පත්රයෙන් ද බෝතල් කළ පානීය ජල බෝතල් වලට උපරිම සිල්ලර මිලක් නියම කරන ලදී. නැවත 2018 සැප්තැම්බර් 28 දින අංක 2090/46 දරන අති විශේෂ ගැසට් පත්රයෙන් නැවත දේශිය බෝතල් කළ පානීය ජලය වලට උපරිම සිල්ලර මිලක් හඳුන්වා දී එම උපරිම සිල්ලර සිල්ලර මිලට වැඩියෙන් වෙළඳාම් කිරීම, වෙළඳාම් කිරීම සඳහා ඉදිරිපත් කිරීම, වෙළඳාම් කිරීම සඳහා ප්රදර්ශනය කිරීම නොකළ යුතු බවට අති විශේෂ ගැසට් පත්රයක් නිකුත් කරන ලදී. ඒ අනුව මිලි ලීටර් 350 – මි. ලී. 499 ජලය බෝතලයක් රුපියල් 26.00ක්ද, මි. ලී. 500 – මි. ලී. 749 අතර පානීය ජලය බෝතලයක් රු 35.00ක්ද, ලීටර් 1 – ලීටර් 1.49ක පානීය ජල බෝතලයක් රු 50.00ක්ද වශයෙන්ම උපරිම සිල්ලර මිලක් නියම කරන ලදී.

දේශීයව බෝතල් කළ පානීය ජලය සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවත් කරමින් 2022 මාසයේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිවරයාගේ අත්සනින් යුතුව ගැසට් නිවේදනයක් නැවත නිකුත් කර තිබුණු අතර මෙම ගැසට් නිවේදනය සමඟ දේශීයව බෝතල් කළ පානීය ජලය සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් 2018 වසරේ සැප්තැම්බර් මස 28 වන දින නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කර තිබුණි.

ප්‍රමිතියෙන් තොර බෝතල්

කාලයක් පුරා පාරිභෝගික කටයුතු අධිකාරියට ප්‍රමිතියෙන් තොර පානීය ජල බෝතල් පිළිබඳව පැමිණිලි ලැබී ඇති බවත් ඉන් අනතුරුව ලංකාව තුළ අලෙවිකරන පානීය ජල බෝතල්වල සාම්පල් සෑම දිස්ත්‍රික්කයකින්ම රැස්කර රජයේ රස පරීක්ෂක, වෛද්‍ය පරීක්ෂණ ආයතන, නාගරික අනුජීවි රසායනාගාර හා කාර්මික තාක්ෂණ ආයතන වෙත යොමුකරවා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙහි පරීක්ෂාවක් කර ඇති වාර්තාවලට අනුව පානීය ජල බෝතල් නිෂ්පාදන 37ක් ප්‍රමිතියෙන් තොර බව අනාවරණය වී ඇත.

ඉන් අනතුරුව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ 12(2) වගන්තිය යටතේ පොලිමර් ද්‍රව්‍යයන්ගෙන් සාදන ලද පානීය ජලය ඇසිරීම සදහා භාවිත කරන බඳුන්/බෝතල් සඳහා වන ශ්‍රී ලංකා ප්‍රමිත ීඛී 1038 අනිවාර්ය කරමින් වර්ෂ 2016 සැප්තැම්බර් මස 01වන දින සිට බලාත්මක වන පරිදි ගැසට් පත්‍රයක් නිකුත් කර තිබිණි.

පාරිසරික බලපෑම

භාවිතයෙන් අනතුරුව ඉවතලන ප්ලාස්ටික් ජල බෝතල් ලංකාවේ පරිසර දූෂණයට විශාල බලපෑමක් සිදු කරයි. මේ වන විට නිෂ්පාදකයාම තම නිෂ්පාදනයේ වගකීම ගතයුතු බවට ක්‍රියාමාර්ගයක් මධ්‍යම පරිසර අධිකාරියෙන් සිදු කරනු ලබන අතර වෙළෙඳපොළට නිකුත්වෙන ප්ලාස්ටික් බෝතල් ප්‍රතිචක්‍රීකරණය කෙරෙහි නිෂ්පාදන සමාගම් උනන්දු කිරීමේ වැඩපිළිවෙළකට මධ්‍යම පරිසර අධිකාරිය යොමු වී ඇත. එහෙත් පුරවැසියන් කසළ බැහැර කරද්දී හෝ නිෂ්පාදන සමාගම් පාරීභෝගිකයන් ප්‍රතිචක්‍රීකරණය සඳහා උනන්දු නොකරන බවත් නිරීක්ෂණය වේ.

 

බී.සී.ජේ. ප්‍රනාන්දු
වැඩ බලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂ

බෝතල් කළ ජලය සඳහා 894, 1038 යන ප්‍රමිතීන් නම් කරගෙන ප්‍රමිතිය ආයතනය විසින් ීඛී සහතිකය ලබාදීම සිදුකරන අතර ඒ සඳහා බලපත්‍රයක් කර්මාන්තශාලා වෙත ලබා දෙනු ලැබේ. බෝතල් වතුරවලට එස්එල්එස් ලාංඡනය අනිවාර්ය භාණ්ඩයක් නොවන නමුත් ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශ ලියාපදිංචි අංකය අනිවාර්ය වන අතර පානීය ජල බෝතලය මත එම අංකය ප්‍රදර්ශනය කිරීමද අනිවාර්යයෙන් කළ යුතුවේ.

ප්‍රමිති ආයතනයේ සහතිකයක් ලබා නොගෙන වෙළඳපොළේ බෝතල් කළ පානීය ජලය විකිණීමට ඇද්දැයි පරීක්ෂාවක් ප්‍රමිති ආයතනය කර ඇතිද?

අපගේ වෙළෙඳපොළ සාම්පල් ගන්න අවස්ථාවේ දී එවැනි පරීක්ෂාවන් සිදු කරනු ලබන අතරට අමතරව පාරිභෝගික පැමිණිල්ලක් මාර්ගයෙන් හෝ එවැනි දැනුම් දීමක් සිදු වුවහොත් ඒ පිළිබඳව ප්‍රමිති ආයතනය විසින් කටයුතු කරනු ලැබේ.

පරීක්ෂාවන් කළ ප්‍රමිතියෙන් තොර පානීය ජල බෝතල් වෙළඳ නාම අවලංගු කිරීමට කටයුතු කර ඇතිද?

ප්‍රමිතියෙන් තොර පානීය ජල බෝතල් සඳහා එස්එල්එස් ලාංඡනය ලබා නොදෙන අතර යම් හෙයකින් එම ලාංඡනය සහිත පානීය ජල බෝතල් ප්්‍රතීන්ට අනුකූල නොවන බව සනාථ වුවොත් එම බලපත්‍රය අහෝසි කිරීමට ප්‍රමිති ආයතනය ක්‍රියා කරන ලබයි. පසුගිය වසර පහ ඇතුළත ඉහත ප්‍රමිතීන්ට අනුකූල නොවීම හේතුවෙන් බලපත්‍ර අවලංගු කිරීම් කිසිවක් කර නොමැති බව වැඩිමනත් දන්වා සිටිමු.

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි