No menu items!
22.3 C
Sri Lanka
27 November,2024

නාමල් රනිල්ට තදින්ම විරුද්ධයි

Must read

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ පත් නොකළ යුතු බවට නාමල් රාජපක්ෂ තවදුරටත් පක්ෂය තුළ බරපතළ හඬක් නඟමින් සිටින තත්ත්වය තුළ ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කරන තෙක් තම පක්ෂයේ අපේක්ෂකයා කවුද යන්න නිල වශයෙන් නොදන්වා සිටින්නට තීරණය කර ඇතැයි බැසිල් රාජපක්ෂ මහතා රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇතැයි කරුණු වාර්තා වෙයි.

පසුගිය දා ජනාධිපති නිල නිවසේදී රනිල් වික්‍රමසිංහ මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා අතර හමුවක් පැවතී ඇති අතර එම හමුවට ප්‍රථම නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත්තේ තවදුරටත් වික්‍රමසිංහ මහතාහට සහාය දීම හමුවේ දැනට ඉතිරිව සිටින පක්ෂ ආධාරකරුවන්ද පක්ෂය අතහැර යනු ඇති බවය.

ඉදිරි ජනාධිපතිවරණයට නාමල් රාජපක්ෂ මහතා පොහොට්ටු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන්නට සූදානම් වුවත් එම මැතිවරණය අනිවාර්යයෙන්ම පරදින මැතිවරණයක් බැවින් මහින්ද රාජපක්ෂ මහතා එයට තදින් විරුද්ධ බව වාර්තා වෙයි. මෙම තත්ත්වය තුළ පක්ෂයේ ප්‍රබලයින් බොහෝ දෙනෙක් නාමල් රාජපක්ෂ මහතා වෙත ප්‍රකාශ කර ඇත්තේ මෙවර ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම පක්ෂය විසින් නොකළ යුතු බවය.

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි