ජනවාරි 24 දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව හෙවත් ඔන්ලයින් පනතෙන් ඇතිවිය හැකි බලපෑම පිළිබඳව ඇමරිකා එක්සත් ජනපදය කනස්සල්ලට පත්වී සිටින බව ශ්‍රී ලංකාවේ අමරිකානු තානාපති ජුලි චන්ග් ට්විටර් හෙවත් එක්ස් පණිවිඩයක් තබමින් සඳහන් කර ඇත.
එම පනත ප්රකාශනයේ නිදහසට, නවෝත්පාදනයට සහ පෞද්ගලිකත්වයට තර්ජනයක් වන බව සිවිල් සමාජය හා තාක්ෂණික සමාගම් ඇතුළු ප්‍රධාන පාර්ශ්වකරුවන් අදහස් දැක්වූ බවත්, එම වැදගත් අදහස් ඇතුළත් නොකරමින් එම පනත සම්මත කළ බවත් ඇය කියා ඇත.
ප්රජාතන්ත්රවාදී වටිනාකම් අනතුරේ හෙළීමට අමතරව, නොපැහැදිළි හා ඕනෑවට වඩා සීමාකාරී නීති ශ්‍රී ලංකාවට අවශ්‍ය ආර්ථික වර්ධනය අඩාල කරමින් ආයෝජනයට හා ඩිජිටල් ආර්ථිකයක සංවර්ධනයට බාධාවක් වියහැකි බවද ඇය සඳහන් කර ඇත.
එක්සත් ජනපදය ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටින්නේ විනිවිදභාවයට ප්‍රමුඛත්වය දෙන ලෙස හා කිසිදු නීති සම්පාදනයකින් එහි ජනතාවගේ හඬ යටපත් නොවන බව සහතික කරන ලෙසත් බව ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත.