පසුගියදා පැවති පොහොට්ටු පක්ෂ සම්මේලනයේදී පාර්ලිමේන්තු මන්ත්රී ධම්මික පෙරේරාට ඉහළ පිළිගැනීමක් ලැබීම නිසා සහ ඔහු පොහොට්ටුවේ අපේක්ෂකයා බවට ප්රචාරය වීම නිසා රනිල් වික්රමසිංහ පාර්ශවය තැතිගැන්මකට පත්ව ඇති බව කරුණු වාර්තා වෙයි.
මේ අනුව බැසිල් රාජපක්ෂගේ සහාය යම් හෙයකින් රනිල් වික්රමසිංහ හට නොලැබෙන්නේ නම් එම පාර්ශවයේ පාර්ලිමේන්තු කණ්ඩායමෙන් බහුතරය තමන් වෙත එකතුකරගැනීමට රනිල් වික්රමසිංහ තීරණය කර ඇති බවත් ඒ අනුව එම කොන්ත්රාත්තුව පාර්ලිමේන්තු මන්ත්රී නිමල් ලන්සා විසින් භාරගෙන ඇති බවත් දැනගන්නට ලැබෙයි.
මෙම දේශපාලන උණුසුම සහ ගැටුම තුළ ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානී සාගල රත්නායක එම ධුරයෙන් ඉවත් කරනු ඇති බවත් ජනාධිපති ලේකම් ධුරය සඳහා ගාමිණී සෙනරත් වැනි පුද්ගලයෙක් පත් කරන්නට ඉඩ තිබෙන බවත් මෙම නව තත්ත්වය තුළ ටිරාන් අලස් වැනි ඇමතිවරුන්ගේ ඇමති තනතුරු පවා ගැලවී එම තනතුරු රනිල් වික්රමසිංහට හිතවත් පාර්ශවය වෙත ලබාදෙනු ඇතැයි ප්රකාශ වෙයි.