No menu items!
20.3 C
Sri Lanka
25 November,2024

ඛනිජ තෙල් සභාපති අස්වී ඇත්තේ බලපෑමට

Must read

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ ධුරයෙන් හා සිලෝන් පෙට්රෝලියම් ස්ටෝරේජ් ලිමිටඩ්හි සභාපති ධුරයෙන් උවයිස් මොහොමඩ් මහතා ඉල්ලා අස්වී ඇත්තේ විෂයභාර ඇමති කංචන විජේසේකර විසින් කරන ලද බලපෑම් නිසා බව වාර්තාවේ.

සපුගස්කන්දේ පිහිටි පිරිපහදුව වසා දැමීමට එකඟවන ලෙස හා උදය ගම්මන්පිල ඛනිජ තෙල් විෂයභාර ඇමතිවරයා ලෙස සිටින සමයේ දෛනික වැටුපට බඳවා ගෙන ඇති සේවකයින් පිරිසක් ඉවත් කරන ලෙස කරන ලද ඉල්ලීම්වලට අකමැති වීම නිසා මෙසේ උවයිස් මොහොමඩ් මහතාට ඉල්ලා අස්වීමට සිදුවී ඇතැයි වාර්තාවේ.

සපුගස්කන්ද පිරිපහදුවේ කාර්යක්ෂමතාව අඩුවෙන් පෙන්නීම වෙනුවෙන් ඒ සඳහා ඇණවුම් කරන ලද බොරතෙල් තොගයක් නියමිත ප්‍රමාණයට අඩුවෙන් බාර ගන්නා ලෙස කළ ඉල්ලීමකට අකමැති වූ හේතුවක්ද ඒ අතර තිබී ඇති බව තවදුරටත් වාර්තාවේ.

ඛනිජ තෙල් සංස්ථාවේ අපගේ මූලාශ්‍ර ප්‍රකාශ කරන්නේ සපුගස්කන්ද පිරිපහදුව යකඩ බරට ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් ව්‍යාපාර කටයුතු සඳහා පැමිණීමට නියමිත විදේශ සමාගමකට ලබාදීමේ උත්සාහයක් පවතින බවයි.

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි