No menu items!
27.4 C
Sri Lanka
22 December,2024

වියත්පුර නිවාස මන්ත්‍රීවරුන්ටත් සින්නක්කරට

Must read

■ ඉඳුවර බණ්ඩාර


පසුගිය මැයි 09 වැනිදා සිදුවූ ගිනි තැබීම් හේතුවෙන් නිවාස අහිමි වූ මන්ත්‍රීවරුන්ට තාවකාලික ලෙස ලබාදෙනවා යැයි කී පන්නිපිටිය වියත්පුර නිවාස ව්‍යාපෘතියේ නිවාස අවශ්‍ය නම් ඔවුන්ට මිලදී ගැනීමට හැකි බවට යෝජනා කර ඇත.


නාගරික සංවර්ධන හා නිවාස ඇමතිවරයා ලෙස ප්‍රසන්න රණතුංග කැබිනට් මණ්ඩලයට මැයි 30 දින සහිතව ඉදිරිපත් කර ඇති කැබිනට් මණ්ඩල පත්‍රිකාවේ ඒ බව සඳහන් කර ඇත.
එම කැබිනට් පත්‍රිකාවේ ඒ සම්බන්ධයෙන් සඳහන් කර ඇත්තේ නිවාස අහිමි වූ විනාශ වූ මන්ත්‍රීවරුන්ට/වරියන්ට මුදල් ගෙවීමේ පදනම මත එම නිවාස නාගරික සංවර්ධන අධිකාරියෙන් මිලදී ගැනීමට එකඟ වන්නේ නම් ඒ සඳහා පහසුකම් සැලසිය හැකි බවයි.


වියත්පුර නිවාස ව්‍යාපෘතියේ නිවාස 101ක් මාදිවෙල මන්ත්‍රී නිවාසවල සිටින මන්ත්‍රීවරුන්ට තාවකාලික පදනමින් ලබාදීමට මීට පෙර වෙන්කර ගෙන ඇති අතර ඒ මාදිවෙල නිවාස අලුත්වැඩියාව කිරීම සඳහා එහි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවන්ව ඉවත් කිරීමට සිදුවීම හේතුවෙන්ය.
මෙම යෝජනාව තුළ මැයි 09 වැනිදා සිදුවීමේදී මරණයට පත්වූ අමරකීර්ති අතුකෝරල මන්ත්‍රීවරයාගේ බිරිඳට එහි නිවසක් මිලදී ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා අවස්ථාව සලසා දීමටත් එසේ නොමැති නම් වසරක කාලයක් සඳහා ඇයට තාවකාලික පදනමින් එහි නිවසක් ලබාදීමටත් යෝජනා කර ඇත.■

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි