මේ සතියේ වෙළඳපොළට නිකුත් වී ඇති 2022.06.05 දින දරන ‘අනිද්දා’ පුවත්තේ 9 වැනි පිටුවේ ‘දිවෙන් දිව ගාගෙන හිටි මුත්’ මැයෙන් පළවී ඇති ලිපියේ ඇතුළත් වන ‘මැයි 9 වැනිදා ප්‍රහාර ගැන වැඩිදුර විමර්ශනය කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉදිරියේ ජුනි 1වැනිදා කැඳවූ අවස්ථාවේදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි අධිරණයට කියා තිබුණේ, මැයි 9 වැනිදා දේශපාලනඥයන්ගේ නිවෙස් විනාශ කිරීමට ජෙනරාල් සරත් ෆොන්සේකා සම්බන්ධ බවය.’ යන කොටසට අදාළ තොරතුරු සම්පූර්ණයෙන්ම සාවද්‍ය බවත්, එවැනි ප්‍රකාශයක් ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ කිසිවිටෙකත් ප්‍රකාශ කර නැති බවත් අපට දැනගන්නට ලැබී තිබේ.
ඒ නිසා එම වාක්‍යයේ අඩංගුවී ඇත්තේ සාවද්‍ය තොරතුරකි. ප්‍රමාණවත් ලෙස කරුණු සොයා නොබලා පළකර ඇති එම වාක්‍යයෙන්, ගරු අධිකරණයටත්, කොටුව මහේස්ත්රාත්වරයාටත්, ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතාටත්, ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාටත් සිදුවූ අපහසුව පිළිබඳව අපගේ බලවත් කනගාටුව ප්රකාශකරමු. ඒ පිළිබඳව බලවත් සේ සමාව අයදිමු. -කේ. ඩබ්ලිව්. ජනරංජන/ ප්‍රධාන සංස්කාරක