No menu items!
21.1 C
Sri Lanka
24 November,2024

ඩොලර් නැතිව තෙල් නැව් තුනක් මුහුදේ

Must read

■ ඉඳුවර බණ්ඩාර


මුදල් ගෙවීමට නොහැකිවීම නිසා ගොඩබෑමෙන් තොරව ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවේ ඉන්ධන නැව් තුනක් නතරකර තිබෙන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරියකු පැවසීය.
බොරතෙල්, ඩීසල් හා පෙට්‍රල් වලින් සමන්විත එම ඉන්ධන නැව් තුන ගොඩබෑම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 200කට ආසන්න මුදලක් අවශ්‍ය බවත් එහෙත් මේ වනවිට එම ඉන්ධන වෙනුවෙන් විවෘත කරන ලද ණයවර ලිපි සඳහා ලංකා ඛනිජ තෙල් සංස්ථාවට ගෙවීමට හැකි වී ඇත්තේ ඇමරිකානු ඩොලර් මිලියන 1.6ක් බවත් එම නිලධාරියා පැවසීය.


එමෙන්ම එම නිලධාරියා පැවසුවේ මේ වනවිට බෙදාහැරීම සඳහා ඩීසල් තොග කිසිවක්ම නැති බවත්, අවසන් ඩීසල් තොගය මැයි 11 දින ලංකා විදුලි බල මණ්ඩලයට නිකුත් කළ බවය. තිබෙන සුපිරි ඩීසල් අත්‍යවශ්‍ය සේවා හා කර්මාන්තශාලාවලට නිකුත් කරමින් පවතින බවය. පෙට්‍රල් තොග තව දින පහක පමණ කාලයකට තිබෙන බව ඔහු වැඩිදුරටත් පැවසීය.■

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි