No menu items!
22.3 C
Sri Lanka
31 October,2024

යුද හමුදාවට ජංගම දූරකථන තහනමක්

Must read

යුද හමුදා සාමාජිකයින් භාවිත කරන ජංගම දූරකථනවල ඇති පටිගත කිරීමේ යෙදවුම් ක්‍රියා විරහිත කරන ලෙසට යුද හමුදා මූලස්ථානයේ ප්‍රධාන සංඥා නිලධාරි කාර්යාලය එහි සියලු ස්ථානවලට දැනුම් දී ඇත.


ඇමතුම් පටිගත කිරීම මගින් සංවේදී යුද හමුදා තොරතුරු බාහිර පාර්ශ්ව වෙත නිරාවරණය වීම හා ඒ මගින් ජාතික ආරක්ෂාවට මෙන්ම යුද හමුදා තොරතුරුවලට තර්ජනයක් ඇතිවීම සලකා මෙම දැනුම් දීම කර ඇත.


නියෝගය මගින් කියා ඇත්තේ සියලුම යුද හමුදා සාමාජිකයින් භාවිත කරන ජංගම දූරකථනවල නිෂ්පාදකයා ඇතුළත් කර ඇති පටිගත කිරීමේ උපාංග ක්‍රියාත්මක කිරීමට ඉඩ ලබා නොදිය යුතු බව හා අලුතින් එම උපාංග ඇතුළත් කිරීමට ඉඩ නොදිය යුතු බවය.


තම ආයතනවල කාර්ය මණ්ඩල සාමාජිකයින් පටිගත කිරීමේ උපාංග අක්‍රිය කර ඇති බවට හා භාවිත නොකරන බවට ආයතන ප්‍රධානීන් වගබලාගත යුතු බවද, එවැනි පටිගත කිරීමේ සිදුවීමක් වාර්තා වුවහොත් එහි වගකීම ආයතන ප්‍රධානියා බාරගත යුතු බවද එම දැනුම් දීමේ සඳහන් කර ඇත.


දූරකථන ඇමතුම් පටිගත කිරීම මගින් යුද හමුදා තොරතුරු බාහිර පාර්ශ්වයන් වෙත නිරාවරණය වීම සම්පූර්ණයෙන් නැවැත්වීම සඳහා යුද හමුදාපතිවරයාගේ උපදෙස් මත එම කාර්යාලය කටයුතු කරන බවත් හා පටිගත කිරීමේ යෙදවුම් ක්‍රියාත්මක කර ඇති යුද හමුදා සාමාජිකයින් හඳුනා ගැනීමේ කටයුතු එම කාර්යාලයේ උපදෙස් අනුව සයිබර් ආරක්ෂණ ඒකකය විසින් දැනටමත් ආරම්භ කර ඇති බවත් දැනුම් දීමෙහි සඳහන් වෙයි. එම උපදෙස්වලට පටහැනිව කටයුතු කරන යුද හමුදා සාමාජිකයින්ට එරෙහිව කටයුතු කිරීම සඳහා එසේ හඳුනා ගන්නා තොරතුරු විනයාරක්ෂක වෙත යොමු කරන බව වැඩිදුරටත් දැනුම් දී ඇත.■

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි