No menu items!
22.3 C
Sri Lanka
23 November,2024

අගමැති සුජීව රකී

Must read

 

අරුණ ජයවර්ධන
මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුජිව සේනසිංහගේ නම ඊට අදාළ අධිකරණ ‘බී’ වාර්තාවෙන් ඉවත් කරන ලෙස අගමැති රනිල් වික‍්‍රමසිංහ, ඒ ගැන පරීක්‍ෂණ පවත්වන පොලිස් නිලධාරීන්ට බලපෑම් කර ඇතැ’යි අනිද්දා වෙත වාර්තා වෙයි. ඔහු එලෙස බලපෑම් කර ඇත්තේ නීතිය හා සාමය ඇමති රංජිත් මද්දුම බණ්ඩාර හා පොලිස්පති පූජිත් ජයසුන්දරද සහභාගිව සිටි හමුවකදීය.
සුජිව සේනසිංහ මන්ත‍්‍රීවරයා කිසිදු වරදක් කර නැති බැවින් ඔහුගේ නම බී වාර්තාවට ඇතුළත් නොවිය යුතු බව අගමැතිවරයාගේ ස්ථාවරය වී ඇත. යම් හෙයකින් නම දැම්මොත්, සේනසිංහ මන්ත‍්‍රීවරයා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළ හැකි බවටද, එහිදි පොලිස්පතිවරයා ඇතුළු සියලූ නිලධාරීන් වැරදිකරුවන් විය හැකි බවටද අගමැතිවරයා අනතුරු අඟවා තිබේ.
ඊට පෙර පොලිස්පති පූජිත් ජයසුන්දර අමතා ඇති අගමැතිවරයා, සුජිව සේනසිංහ මන්ත‍්‍රීවරයාගේ නම බී වාර්තාවෙන් ඉවත් කරන ලෙස ඔහුටද බලපෑම් කර තිබේ.
එහෙත්, බී වාර්තාවෙන් සේනසිංහ මන්ත‍්‍රීවරයාගේ නම ඉවත්කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව බලවත් ලෙස විරුද්ධ වී තිබෙන බවද එම දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග කියයි. ඒ හේතුව නිසා, අවසානයේ සුජීව සේනසිංහ මන්ත‍්‍රීවරයාගේ නමද සහිතව බී වාර්තාව අධිකරණය ඉදිරියේ ගොනු කර ඇත.

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි