No menu items!
22.3 C
Sri Lanka
31 October,2024

ත‍්‍රිපුද්ගල මහාධිකරණ ‘පාට් ටයිම්’

Must read

 

අරුණ ජයවර්ධන

පසුගියදා පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද අධිකරණ සංවිධාන (සංශෝධන) පනත යටතේ පිහිටුවන්නට බලාපොරොත්තු වන ත‍්‍රිපුද්ගල මහාධිකරණය, සවස්වරු උසාවියක් පමණක් ලෙස පවත්වාගෙන යන්නට සැලසුම් සකස් කෙරෙමින් පවතින බව අනිද්දා අධිකරණ ආරංචි මාර්ග වාර්තා කරයි.
එසේ වුවහොත්, එම පනතෙන් බලාපොරොත්තු වුණු කිසිදු කාර්යයක් ඉටු නොවන තත්ත්වයක් උද්ගත විය හැකිය වන අතර පනතේ මූලික අරමුණටද මේ තත්ත්වය පටහැනි වනු ඇත. මෙම මහාධිකරණ පිහිටුවන්නේ බරපතළ මූල්‍ය අපරාධ සම්බන්ධයෙන් දිනපතා, මුළු දිවා කාලයේම, ඉක්මනින් නඩු විභාග පවත්වා යුක්තිය ඉෂ්ට කිරීම සඳහා වන අතර, ඒ සඳහා අවශ්‍ය සියලූ විධිවිධානද සංශෝධන පනතේ අඩංගු වෙයි. සවස්වරු උසාවියක් ලෙස එය පවත්වන්නට සූදානම් වුවහොත්, එයද වෙනත් සාමාන්‍ය උසාවියක තත්ත්වයට පත්වන අතර, නඩු අසා අවසන් කරන්නට ඉතා දීර්ඝ කාලයක් ගතවනු ඇත.
අනිද්දාට දැනගන්නට ලැබෙන ආකාරයට, මෙලෙස සවස්වරු උසාවියක් හැටියට එය පවත්වාගෙන යන්නට නීතිඥ ප‍්‍රජාවෙන් එල්ලවී ඇති බලපෑම්ද හේතු වී තිබේ. අනෙක් උසාවිවල නඩුවලට පෙනීසිට සවස් වරුවේ මේ උසාවියට පැමිණීමට අවස්ථාව සලසා ගැනීම නීතිඥවරුන්ගේ බලාපොරොත්තුවයි.
ඊට අමතරව, අධිකරණ සංවිධාන (සංශෝධන) පනත යටතේ ත‍්‍රිපුද්ගල මහාධිකරණ තුනක් පිහිටුවීමට නීති ප‍්‍රතිපාදන ඇති අතර, එම ඉතිරි අධිකරණ දෙක පිහිටුවීම පිළිබඳව අගවිනිසුරුගෙන් විමසා අධිකරණ ඇමතිවරිය විසින් ගැසට් පත‍්‍රයේ පළකළ යුතුය. එහෙත්, මේ වන තුරු ඒ සඳහා කිසිම ක‍්‍රියාමාර්ගයක් ගෙන නැති බව අධිකරණ අමාත්‍යාංශ ආරංචි මාර්ග වාර්තා කරයි.
මේ පිළිබඳව ‘අනිද්දා’ට අදහස් දැක්වූ නිර්නාමිකව සිටීමට කැමති රාජ්‍ය ඇමතිවරයකු ප‍්‍රකාශ කළේ, මහත් වැරවෑයමකින් යුතුව නීතිය පැනවූ නමුත්, ඒ කාර්යය කරන්නට ඇති අමාරුකම් ගැන කතාකරමින් සිටිනවා විනා, ඉක්මනින් අධිකරණ පිහිටුවා රටේ මහජන මුදල් මංකොල්ල කෑ බරපතළ මූල්‍ය අපරාධකරුවන් සම්බන්ධයෙන් නීතිය ක‍්‍රියාත්මක කිරීමට උනන්දුවක් ආණ්ඩුවේම බලධාරීන්ට නැති බවයි.

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි