No menu items!
21.3 C
Sri Lanka
24 November,2024

රනිල් ඉල්ලන්න දැඩි තීරණයක

Must read

ඉදිරි ජනාධිපතිවරණයේදී එජාප පාර්ශ්වයේ අපේක්ෂකයා ලෙස තමාම ඉදිරිපත් විය යුතු බවට වූ දැඩි ස්ථාවරයක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිටින බව වාර්තා වේ’

රනිල් පාර්ශ්වයේ ප්‍රධානියෙකු අනිද්දා වෙත ප්‍රකාශ කළේ රනිල් වික්‍රමසිංහ මහතා සජිත් ප්‍රේමදාස මහතාට අපේක්ෂකත්වය සහ පක්ෂ නායකකම බන්දේසියක තබා ලබා දී දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට කිසිදු සූදානමක් නැති බවයි’

සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස සහ රනිල් වික්‍රමසිංහ මහතා අගමැති අපේක්ෂකයා ලෙස ප්‍රකාශයට පත්කරමින් තරග කළයුතු යැයි සජිත් පිල යෝජනා ඉදිරිපත් කළත් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති වුවහොත් පක්ෂ ව්‍යවස්ථාවට අනුව ඔහුට නිතරගයෙන්ම පක්ෂ නායකත්වය ලැබෙන බව ප්‍රකාශ කළ ඒ මහතා” එම තත්ත්වය තුළ සජිත් ප්‍රේමදාස පාර්ශ්වයේ යෝජනාව විශ්වාස කළ නොහැකි බව ප්‍රකාශ කළේය’

රනිල් වික්‍රමසිංහ මහතාට පක්ෂ නායකත්වය අහිමි වුණහොත් ඔහු වටා සිටින බොහෝ දෙනෙකුටද පක්ෂ හැරදා යන්නට සිදුවනු ඇති බව ප්‍රකාශ කළ ඒ මහතා එම තත්ත්වය වළක්වා ගැනීමට තිබෙන එකම විසඳුම රනිල් ජනපති” සජිත් අගමැති කියන මාදිලිය පමණක් බවද ප්‍රකාශ කළේය’

පසුගිය 25වැනි දින සිවිල් සමාජ ප්‍රබලයෙකු සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අරලියගහ මන්දිරයේ පවත්වා ඇත’ එහිදී රනිල් වික්‍රමසිංහ මහතා සජිත් ප්‍රේමදාස මහතා දැඩිව විවේචනය කර ඇත’ මේ පිළිබඳව අදහස් දැක්වූ එම සිවිල් සංවිධාන නායකයා ප්‍රකාශ කළේ” රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාම මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නට අදහස් කරන බව එම සාකච්ඡාවේදී සාකච්ඡා වූ කරුණුවලින් හැඟීගිය බවය’■

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි