No menu items!
22.3 C
Sri Lanka
31 October,2024

කොතලාවල පනතට විරුද්ධ වූ සිසුජන ක්‍රියාකාරීන්ට අදත් ඇප නෑ.

Must read

■ අමන්දිකා කුරේ


කොතලාවල පනතට එරෙහිව පාර්ලිමේන්තු වටරවුමේ දී මිනීපෙට්ටියක් පුළුස්සා කළ විරෝධතාවය හේතුවෙන් පොදු දේපළ හානි කළේ යැයි චෝදනා කර අත්අඩංගුවට ගනු ලැබූ සිසුජන ව්‍යාපාරයේ ක්‍රියාකාරීන්ගේ ඇප ඉල්ලීම අද (සැප්තැම්බර් 21) ප්‍රතික්ෂේප විය.


ඊට අදාල නඩුව අද දින(21) කඩුවෙල මහේස්ත්‍රාත් උසාවියේ කැඳවූ අවස්ථාවේ මෙලෙස ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වී ඇති අතර අගෝස්තු 04,05 හා 06 දිනවල මෙම සිසුජන ක්‍රියාකාරීන්ව පොලීසිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් භාරයට පත්කරනු ලැබීය.


එලෙස දිගින් දිගටම ඔවුන්ට ඇප ලබා නොදීම සම්බන්ධයෙන් එම ක්‍රියාකාරීන්ගේ පවුල් වල සාමාජිකයන් විසින් පසුගිය දිනක අධිකරණ සේවා කොමිසමට පැමිණිල්ලක් ද යොමු කරන ලදි.■

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි