No menu items!
22.3 C
Sri Lanka
31 October,2024

ඔන්ලයින් ඉගැන්වීම්වලට බලපෑම් කරන්නන්ට එරෙහිව කටයුතු කරන්න
ඇමති වීරසේකරගෙන් පොලීසියට උපදෙස්

Must read

■ ඉඳුවර බණ්ඩාර


ඔන්ලයින් ක්‍රමය ඔස්සේ පාසල් ළමයින්ට ඉගැන්වීමේ නිරත වන ගුරුවරයකුට එම ඉගැන්වීම් නතර කරන ලෙස බලපෑම් කරන පුද්ගලයින්ට එරෙහිව නොපමාව නීතිය තදින් ක්‍රියාත්මක කරන ලෙස විෂය බාර අමාත්‍ය සරත් වීරසේකර පොලිස්පතිවරයාට හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට උපදෙස් දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කරයි.


එසේම ඔන්ලයින් ඉගැන්වීම් නතර කරන ලෙස කිනම් ආකාරයකින් හෝ තර්ජන කරන පුද්ගලයින්ට එරෙහිව සෘජුවම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ හැකි බවද, එසේම ඒ සම්බන්ධයෙන් 119 දුරකතන අංකයට දැනුම් දිය හැකි බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.


තවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කරන්නේ රජයේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම හා තර්ජනය කිරීම වරදක් වන හෙයින් එවැනි ක්‍රියා කරන පුද්ගලයින්ට එරෙහිව පොලීසිය විශේෂ අවධානය යොමුකොට කටයුතු කරන බවයි.■

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි