No menu items!
25.9 C
Sri Lanka
24 March,2025

තම නිවාස දේපල විනාශ වෙලා නෑ! ඒත් හිටපු මන්ත්‍රීවරුන් 54ක් වියත්පුරෙන් නිවාස ලබාගෙන..

Must read

මහින්ද, නාමල්, මහින්ද යාපාත් ඒ අතර

ගෝල්ෆේස් අරගලයට පහර දීම හේතුවෙන් ප්‍රහාරයට ලක්වී විනාශ වූ හිටපු මැති ඇමතිවරුන්ගේ නිවාස ඇතුළු දේපල සඳහා රජයෙන් ලබාගත හැකි උපරිම වන්දිය මෙන් කිහිප ගුණයක විශාල වන්දි ලබාගත් පිරිස සහ තවත් අය නාගරික සංවර්ධන අධිකාරියේ වියත්පුර සුපිරි නිවාස සංකීර්ණයෙන්ද අඩු මුදලට නිවාස ලබාගෙන ඇති බවට මේ වන විට අනාවරණය වී තිබේ.
ඒ ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ඒ සම්බන්ධයෙන් වන තොරතුරු අනුවය. එසේ වියත්පුර නිවාස සංකීර්ණයෙන් නිවාස ලබාගෙන ඇති හිටපු සහ වත්මන් මැති ඇමතිවරු පිරිස 88ක් වෙති.

එම නිවාස ලබා ගැනීම වෙනුවෙන් නාගරික සංවර්ධන අධිකාරිය සමඟ කුලී ගිවිසුම් අත්සන් කර හා නිවාස යතුරු බාරගෙන ඇති මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 69ක් වන අතර ඔවුන් මෙසේය.

ප්‍රේමනාත් දොලවත්ත, සුමිත් උඩුකුඹුර, සහන් ප්‍රදීප් විතාන, කෝකිලා හර්ෂණී ගුණවර්ධන, සමන්ප්‍රිය හේරත්, චින්තක අමල් මායාදුන්න, මිලාන් ජයතිලක, අශෝක ප්‍රියන්ත, සාගර කාරියවසම්, සංජීව එදිරිමාන්න, නාමල් රාජපක්ෂ, ජයන්ත කැටගොඩ, සම්පත් අතුකෝරාල, ගුණතිලක රාජපක්ෂ, ජගත් සමරවික්‍රම, ගීතා කුමාරසිංහ, අනුරාධ ජයරත්න, චන්දිම වීරක්කොඩි, ප්‍රියංකර ජයරත්න, සුරේන් රාඝවන්, සිසිර ජයකොඩි, ලලිත් වර්ණ කුමාර, මුදිතා ප්‍රිශාන්ති ද සොයිසා, මංජුලා දිසානායක, ශෂේන්ද්‍ර රාජපක්ෂ, ජනක තිස්සකුට්ටිආරච්චි, නාලක කෝට්ටේගොඩ, අජිත් රාජපක්ෂ, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ජනක බණ්ඩාර තෙන්නකෝන්, සීබී රත්නායක, එච්එම්ඩී බණ්ඩාර හේරත්, රාජිකා වික්‍රමසිංහ, රෝහණ කුමාර දිසානායක, අලි සබ්රි රහීම් , නස්ලීල් අහමඩ්, එස්එම්එම් මුෂාරෆ්, සීතා අරඹේපොල, මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා, බන්දුල ගුණවර්ධන, ඒඒ කුමාර, කුමාරසිරි රත්නායක, අනූප පැස්කුවල්, පීඒකේ අතුකෝරාල, කේඩී හේරත්, ශෙහාන් සේමසිංහ, තේනුක විදානගමගේ, පවිත්‍රා වන්නිආරච්චි, සතාසිවම් වියලේන්ද්‍රන්, කුලසිංහම් දිලීපන්, නිමල් ලාන්සා, වඩිවේල් සුරේෂ්, විමලවීර දිසානායක, නිමල් පියතිස්ස, ගාමිණී වලේබොඩ, මොහාමඩ් මුසාම්මිල්, සනත් නිශාන්ත පෙරේරා, ජගත් කුමාර සුමිත්‍රාරච්චි, එස්එම් චන්ද්‍රසේන, අසංක නවරත්න, ගාමිණී ලොකුගේ, මහින්ද යාපා අබේවර්ධන, පියල් නිශාන්ත ද සිල්වා, ප්‍රේමලාල් ජයසේකර, ඩබ්ලිව් ඩී වීරසිංහ, ශාන්ත බණ්ඩාර, අරුන්දික ප්‍රනාන්දු හා ප්‍රසන්න රණතුංග.

කුලී ගිවිසුම අත්සන් කර නැති හා නිවාස යතුරු නාගරික සංවර්ධන අධිකාරියෙන් ලබාගෙන ඇති හිටපු මන්ත්‍රීවරුන් ගණන 17කි. එම මන්ත්‍රීවරුන් වන්නේ තාරක බාලසූරිය, සුදර්ශන දෙනිපිටිය, එච් නන්දසේන, කෙහෙළිය රඹුක්වැල්ල, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඉන්දික අනුරුද්ධ, රමේෂ් පතිරණ, අමරකීර්ති අතුකෝරාල (අරගලයට පහරදුන් දිනයේ නිට්ටඹුවේදී ඝාතනය කරන ලද ඔහු වෙනුවෙන් ඔහුගේ බිරිඳට එය වෙන්කර තිබුණි) ගයාෂාන් නවනන්දන, රංජිත් බණ්ඩාර, ඩීවී චානක, ප්‍රසන්න රණවීර, ලොහාන් රත්වත්තේ, මහින්ද රාජපක්ෂ, ඩයනා ගමගේ හා රොෂාන් රණසිංහය.

හිටපු මන්ත්‍රීවරුන් 26 දෙනෙකු එම නිවාස ඔවුන්ගේ අයිතියටම ලබාගැනීමට ඉල්ලීම් කර ඇති අතර ඒ සඳහා ඔවුන්ට අඩුකරන ලද මුළු මුදලින් සියයට 25ක මූලික ගෙවීමක් හා ඉතිරි මුදල අවුරුදු 15ක කාලයකදී සියයට 10ක පොළියක් සමඟ ගෙවීමට අවස්ථාව සලසා දී ඇත. ඉන් සියයට 25ක මූලික ගෙවීම සිදුකර එම නිවාස හිමිකර ගෙන ඇත්තේ, ප්‍රසන්න රණතුංග, එම්එෆ්එම් මුසම්මිල්, නිමල් පියතිස්ස, ගාමිණී වලේබොඩ, මහින්ද යාපා අබේවර්ධන, ගාමිණී ලොකුගේ, කුමාරසිරි රත්නායක, අජිත් රාජපක්ෂ, චින්තක මායාදුන්න, සහන් ප්‍රදීප් විතාන, මිලාන් ජයතිලක, ජනක තිස්සකුට්ටිආරච්චි, ඩබ්ලිව් ඩී වීරසිංහ, අසංක නවරත්න, එච්එම්ඩීබී හේරත්, එස්එම් චන්ද්‍රසේන, ප්‍රියන්ත අශෝක, පීඒකේ අතුකෝරාල, එස්එම්එම් මුසාරෆ්, ප්‍රේමනාත් දොලවත්ත, ශෙහාන් සේමසිංහ, පියල් නිශාන්ත ද සිල්වා, සුමිත් උඩුකුඹුර, කුලසිංහම් දිලීපන්, ශාන්ත බණ්ඩාර හා ලලිත් වරුණ කුමාර යන මන්ත්‍රීවරුන්ය.

නිවාස අයිතිය ලබා ගැනීමට අයැදුම්පත් ඉදිරිපත් කර ඇතත් මූලික ගෙවීම් සිදුකර නැත්තේ චමින්ද සම්පත් අතුකෝරාල, ජගත් සමරවික්‍රම, ගීතා කුමාරසිංහ, ශෂීන්ද්‍ර රාජපක්ෂ හා අලි සබ්රි රහීම් යන හිටපු මන්ත්‍රීවරුන්ය.

මෙම පිරිස අතරින් වියත්පුර නිවාස යෝජනා ක්‍රමයේ නිවාස ලබා ගැනීම සඳහා අත්සන් කරන ලද ගිවිසුම් අවලංගු කරන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 10 දෙනෙකු ඉල්ලීම් කර ඇති අතර ඒ අතර සිටින සතාසිවම් වියලේන්ද්‍රන් මන්ත්‍රීවරයා සිය නිවසේ යතුරු නාගරික සංවර්ධන අධිකාරියට ආපසු බාරදී තිබේ.

ගිවිසුම් අහෝසි කරන ලෙස ඉල්ලා ඇති සෙසු මන්ත්‍රීවරුන් වන්නේ, කෝකිලා හර්ෂණී ගුණවර්ධන, සංජීව එදිරිමාන්න, ජයන්ත කැටගොඩ, අනුරාධ ජයරත්න, සීතා අරඹේපොල, බන්දුල ගුණවර්ධන, ඒඒ කුමාර, පවිත්‍රා වන්නිආරච්චි හා ජගත් කුමාර සුමිත්‍රාරච්චිය.

එවක නාගරික සංවර්ධන විෂධය භාර ඇමතිවරයා වශයෙන් කටයුතු කළ ප්‍රසන්න රණතුංග කැබිනට් මණ්ඩල පත්‍රිකාවක් යොමු කරමින් වියත්පුර නිවාස සංකීර්ණයෙන් නිවාස වෙන්කරවා ගත්තේ අරගලයේ ප්‍රතිප්‍රහාර හේතුවෙන් නිවාස විනාශ වූ මන්ත්‍රීවරුන්ට වාසය සඳහා ඒවා ලබාදෙන බව පවසමින්ය. ඒ අනුව නාගරික සංවර්ධන අධිකාරිය නිවාස 101කට අයත් යතුරු ජනාධිපතිවරයාට බාරදී ඇති අතර මන්ත්‍රීවරුන් අතර එම යතුරු බෙදාහැර ඇත්තේ ඉන්පසුය.

එම නිවාස සඳහා මන්ත්‍රීවරුන් කුලී ගිවිසුම් අත්සන් කර ඇත්තේද ඉන් පසුය. එමෙන්ම කුලී ගිවිසුම් කාලයේ ඊට අදාල කුලී මුදල් මහා භාණ්ඩාගාරයෙන් ගෙවන බවද ප්‍රකාශ වී ඇත. එහෙත් මෙතෙක් එම කුලී මුදල් නාගරික සංවර්ධන අධිකාරියට ලැබී නැත. තවමත් එය ඇත්තේ භාණ්ඩාගාරයෙන් එම අධිකාරියට ලැබිය යුතු මුදලක් වශයෙන්ය. නිවාස සංවර්ධන අධිකාරියට එම නිවාස වෙනුවෙන් මෙතෙක් ලැබී ඇති එකම ප්‍රතිලාභය වී ඇත්තේ එම නිවාස හිමිකර ගැනීම සඳහා අඩුකරන ලද වටිනාකමෙන් සියයට 25ක මුදල් ගෙවූ මන්ත්‍රීවරුන්ගේ මුදල් පමණය.

උදාහරණයකට ඒ සඳහා කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළ ප්‍රසන්න රණතුංග ලබාගෙන ඇති නිවසේ ඇත්ත වටිනාකම රුපියල් 24,666,180ක් වී ඇති අතර ඔහුට එය ලබාදී ඇත්තේ රුපියල් 21,427,210ක මුදලකටය. එම නිවසේ සැබෑ වටිනාකම හා අඩු කළ වටිනාකම අතර වෙනස පමණක් රුපියල් 3,238,970ක් හෙවත් ආසන්න වශයෙන් රුපියල් මිලියන 3.2ක් වේ. එම මිල වෙනස යනු නාගරික සංවර්ධන අධිකාරිය අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් ඉදිකරන නිවසකට වැය කරන මුදලටත් වඩා වැඩි මුදලකි. සිය අයිතියට එම නිවාස ලබාගෙන ඇති මන්ත්‍රීවරුන්ට එම නිවාස ලබාදී ඇත්තේ ඒවායේ සැබෑ වටිනාකමට වඩා රුපියල් මිලියන 2.5ත් 3.5ත් අතර මිල අඩු කිරීමක් යටතේය.

අරගලයේ ප්‍රතිප්‍රහාර හේතුවෙන් නිවාස හා දේපල විනාශ වූ මන්ත්‍රීවරුන් පිළිබඳවම වූ තවත් කතාවක් මීට පෙර පාර්ලිමේන්තුවේදී දිග හැරුණු අතර එහිදී කියැවුණේ මන්ත්‍රීිවරුන් 43 දෙනෙකු ඒ සඳහා උපරිමයෙන් ලබාදිය හැකි රුපියල් ලක්ෂ 25ක වන්දි මුදල මෙන් කිහිප ගුණයක වන්දි රජයෙන් ලබාගෙන ඇති ආකාරයයි.

එසේ රජයෙන් වන්දි ලබාගෙන තිබූ මන්ත්‍රීවරුන් වූයේ, කෙහෙළිය රඹුක්වැල්ල, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ගාමිණී ලොකුගේ, අලි සබ්රි රහීම්, නිමල් ලාන්සා, මොහාන් පී ද සිල්වා, කෝකිලා ගුණවර්ධන, ප්‍රසන්න රණතුංග, සුමිත් උඩුකුඹුර, අරුන්දික ප්‍රනාන්දු, සිරිපාල ගම්ලත්, සනත් නිශාන්ත, එස් එම් චන්ද්‍රසේන, ශාන්ත බණ්ඩාර, ඩබ්ලිව්. ඩී. වීරසිංහ, ප්‍රසන්න රණවීර, ඩී.බී. හේරත්, කනක හේරත්, දුමින්ද දිසානායක, රමේෂ් පතිරණ, මිලාන් ජයතිලක, ඉන්දික අනුරුද්ධ, ශෙහාන් සේමසිංහ, සහන් ප්‍රදීප්, සීතා අරඹේපොල, රෝහිත අබේගුණවර්ධන, ජනක බණ්ඩාර තෙන්නකෝන්, සමන්ප්‍රිය හේරත්, අශෝක ප්‍රියන්ත, චන්දිම වීරක්කොඩි, චමල් රාජපක්ෂ, අකිල එල්ලාවල, චන්න ජයසුමන, විමල් වීරවංශ, ජයන්ත කැටගොඩ, සම්පත් අතුකෝරල, ප්‍රියන්කර ජයරත්න, ප්‍රේමනාත් සී දොලවත්ත, ගුණපාල රත්නසේකර, ජනක තිස්ස කුට්ටිආරච්චි, ගීතා කුමාරසිංහ, විමලවීර දිසානායක, කපිල නුවන් අතුකෝරල යන අයයි.

අරගලයේ ප්‍රතිප්‍රහාර හේතුවෙන් විනාශ වීම නිසා ඉන්නට නිවසක් නැත්නම් ඇත්තටම නිවසක් කුලී පදනම යටතේ ලබාගත යුත්තේ වන්දි ලබාගත් එම මන්ත්‍රීවරුන් යැයි නිගමනය කළ හැකිය. එහෙත් එම මන්ත්‍රීිවරුන් 43ක ප්‍රමාණය වෙනුවට මන්ත්‍රීවරුන් 88ක ප්‍රමාණයක් එම නිවාස ලබා ගැනීමෙන් කියාපාන්නේ රටේ දේපල හා සම්පත් පැවති පාලනයන් විසින් ඔවුන්ගේ සුඛ විහරණය සඳහා යොදාගෙන තිබෙන නිර්ලජ්ජිත ආකාරයයි.

එසේ දේපල විනාශ වීම නිසා වන්දි ගත් අයගෙන් සිරිපාල ගම්ලත්, දුමින්ද දිසානායක, රෝහිත අබේගුණවර්ධන, අශෝක ප්‍රියන්ත, චමල් රාජපක්ෂ, අකිල එල්ලාවල, චන්න ජයසුමන, විමල් වීරවංශ හා ගුණපාල රත්නසේකර යන මන්ත්‍රීවරුන් වියත්පුරෙන් නිවාස ලබාගෙන නැත. ඒ අනුව නිවාස හා දේපල හානිවීම හේතුවෙන් වන්දි ලබා නොගත් මන්ත්‍රීවරු 54 දෙනෙකු වියත්පුරෙන් මුල් අවස්ථාවේදී නිවාස ලබාගෙන ඇත.

ඔවුන් වන්නේ චින්තක අමල් මායාදුන්න, සාගර කාරියවසම්, සංජීව එදිරිමාන්න, නාමල් රාජපක්ෂ, ගුණතිලක රාජපක්ෂ, ජගත් සමරවික්‍රම, අනුරාධ ජයරත්න, චන්දිම වීරක්කොඩි, සුරේන් රාඝවන්, සිසිර ජයකොඩි, ලලිත් වර්ණ කුමාර, මුදිතා ප්‍රිශාාන්ති ද සොයිසා, මංජුලා දිසානායක, ශෂේන්ද්‍ර රාජපක්ෂ, ජනක තිස්සකුට්ටිආරච්චි, නාලක කෝට්ටේගොඩ, අජිත් රාජපක්ෂ, ජනක බණ්ඩාර තෙන්නකෝන්, සීබී රත්නායක, රාජිකා වික්‍රමසිංහ, රෝහණ කුමාර දිසානායක, නස්ලීල් අහමඩ්, එස්එම්එම් මුෂාරෆ්, මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා, බන්දුල ගුණවර්ධන, ඒඒ කුමාර, කුමාරසිරි රත්නායක, අනූප පැස්කුවල්, තේනුක විදානගමගේ, පවිත්‍රා වන්නිආරච්චි, සතාසිවම් වියලේන්ද්‍රන්, කුලසිංහම් දිලීපන්, වඩිවේල් සුරේෂ්, නිමල් පියතිස්ස, ගාමිණී වලේබොඩ, මොහාාමඩ් මුසාම්මිල්, ජගත් කුමාර, එස්එම් චන්ද්‍රසේන, අසංක නවරත්න, මහින්ද යාපා අබේවර්ධන, පියල් නිශාන්ත ද සිල්වා, ප්‍රේමලාල් ජයසේකර, තාරක බාලසූරිය, සුදර්ශන දෙනිපිටිය, එච් නන්දසේන, අමරකීර්ති අතුකෝරාල ගයාෂාන් නවනන්දන, රංජිත් බණ්ඩාර, ඩීවී චානක, ලොහාන් රත්වත්තේ, මහින්ද රාජපක්ෂ, ඩයනා ගමගේ හා රොෂාන් රණසිංහය.
රටේ දේපල හා සාරය උරාබීම පිළිබඳ මීට වඩා උදාහරණ අවශ්‍ය කරන්නේ නැත. එහෙත් මෙවැනි කරුණු අනාවරණය කිරීම මගින් පමණක් එයට තිත තැබිය නොහැකිය. සිය දේශපාලන බලය යටතේ වැරදි ආකාරයට රජයෙන් වන්දි මුදල් ලබාගෙන ඇති පිරිසෙන් එම මුදල් අයකර ගැනීමත්, නිවාස නැවත පවරා ගැනීමත් කළ යුතුමය. නිවාස පවරා ගත නොහැකි පිරිසක් සිටිත් නම් එම නිවාසවල නියම මිල ඔවුන්ගෙන් අයකර ගැනීමද සිදුකළ යුතුමය. ඉන්ද නොනැවතී මෙම දේශපාලනඥයන් මෙතරම් දේපලක් අත්කරගත්තේ කෙසේද යන්න පිළිබඳවද සොයා බලා අනීතිකව දේපල රැස්කරගත් අයට එරෙහිව නීතිය මගින් කටයුතු කිරීමද සිදුකළ යුතුය.

දේශපාලනඥයින් රටේ සම්පත් හොරාකන හා සාරය උරා බොන සංස්කෘතිය අවසන් කළ හැක්කේ ඒ මගින් පමණය. ආණ්ඩුව එය හුදු වචනවලට සීමා කළ යුතු නැත.

 

 

 

 

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි