- වැඩිම වියදම සෞඛ්‍යයට
මෙම වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත ජනවාරි 09 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසිනි. ඒ අනුව මෙම වසරේ රජයේ වියදම රුපියල් බිලියන 4,218කි.
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහා ඇස්තමේන්තු කොට ඇති පුනරාවර්තන වියදම රුපියල් මිලියන 412,999කි. එම අමාත්‍යාංශය සඳහා ඇස්තමේන්තු කර ඇති මූලධන වියදම රුපියල් මිලියන 95,500කි. ආරක්ෂක අමාත්‍යාංශයේ පුනරාවර්තන වියදම රුපියල් මිලියන 382,000ක් වන අතර, මූලධන වියදම රුපියල් මිලියන 60,000කි.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා 2025 වසරේ ඇස්තමේන්තුගත කර ඇති පුනරාවර්තන වියදම රුපියල් මිලියන 206,000ක් වන අතර එම අමාත්‍යාංශය සඳහා මූලධන වියදම් ලෙස ඇස්තමේන්තු කර ඇති මුදල රුපියල් මිලියන 65,000කි. ඒ අනුව, 2025 වසරේදී අධ්‍යාපනයට වඩා ආරක්ෂක විෂය වෙනුවෙන් වැඩි මුදලක් යෙදවීමට ආණ්ඩුව බලාපොරොත්තු වේ.
2025 වසර සඳහා වන අයවැය කතාව පෙබරවාරි 17 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ය. එහි විවාදය පෙබරවාරි 18 සිට 25 දක්වා පැවැත්වෙන අතර අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම පෙබරවාරි 25 වැනිදා පස්වරු 06ට පැවැත්වීමට නියමිත ය. අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය පෙබරවාරි 27 වැනිදා සිට මාර්තු 21 දක්වා පැවැත්වේ. එහි ඡන්ද විමසීම මාර්තු 21 වැනිදා පස්වරු 06ට සිදු කෙරේ.
- කාංචනා සිරිවර්ධන