No menu items!
20.7 C
Sri Lanka
15 January,2025

විදෙස් රජයන් සමග සාකච්ඡා, විදේශ අමාත්‍යාංශය හරහා පමණයි – ඇමතිලාටවත් බෑ

Must read

විදෙස් රාජ්‍ය, ජාත්‍යන්තර සංවිධාන, ශ්‍රී ලංකාවේ පිහිටි විදේශීය දූත මණ්ඩල, එතෙර පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල සමඟ රජයේ අමාත්‍යාංශ, ආයතන පවත්වන අන්තර් ක්‍රියා සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලය මගින් චක්‍රලේඛයක් නිකුත් කොට ඇත ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදෙස් රජයන් සමග පත්වනු ලබන සාකච්ඡා හෝ ප්‍රතිපත්තිමය කාරණා හා සම්බන්ධ වන සියලුම සන්නිවේදන මෙන් ම, එම ආකාරයේ සන්නිවේදන නොවන නමුත් ඒ දක්වා වර්ධනය විය හැකි සන්නිවේදන, විදේශ කටයුතු විෂය භාර අමාත්‍යාංශය හරහා පමණක් සිදු කළ යුතු බව එහි පැහැදිලිව සඳහන් වේ.

ජනාධිපති ලේකම්ගේ අංක PS/EAD/Circular/16/2022 දරන 2023 ජනවාරි 09 දිනැති චක්‍රලේඛය සංශෝධනය කරමින් නිකුත් කර තිබෙන මෙම චක්‍රලේඛය PS/ SB/Circular/1/2025& 2025 ජනවාරි මස 01 දා සිට බලාත්මක ය. මේ පිළිබඳ ජනවාරි 08 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සහ සභා නායක බිමල් රත්නායක අතර මත ගැටුමක් ඇති විය. 

අමාත්‍යවරුන් විදෙස් තානාපතිවරුන් හමුවන්නේ නම් ඒ සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් අවසර ගත යුතු බවට ජනාධිපති ලේකම් විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයි මන්ත්‍රී දයාසිරි ජයසේකර ජනවාරි 08 වැනි දා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ අවස්ථාවේ සභානායක බිමල් රත්නායක පැවසුවේ එය වැරදි ප්‍රකාශයක් බවත් තමන් ඊට සුළු වේලාවකට පෙරත් ඔස්ටේ්‍රලියානු මහ කොමසාරිස් හමු වූ බවත් ය. 

කෙසේ වෙතත් මෙම මතගැටුමේදී දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවේ මෙවැනි සීමා පැනවීමෙන් විශාල අර්බුද ඇති විය හැකි බවත් ආණ්ඩුවේ ඇමතිවරුන්ට නිදහසේ වැඩ කිරීමට අවසර දිය යුතු බවත් ය.

  • කාංචනා සිරිවර්ධන
- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි