No menu items!
23.5 C
Sri Lanka
18 January,2025

මාස 4ට ආණ්ඩුවේ වියදම රු.බිලියන 5605

Must read

ණය ගැනීමේ සීමාව රු. බිලියන 4000
බිලියන 220ක වැඩිම මුදල ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයට

ලසන්ත රුහුණගේ

ලබන වසරේ පළමු මාස හතරක කාලය සඳහා හෝ, අයවැයක් ඉදිරිපත් කර විසර්ජන පනත ක්‍රියාත්මක වන දිනය යන දෙකෙන් පළමුව එළඹෙන දිනය දක්වා වියදම් වශයෙන් අයවැයක් වෙනුවට ආණ්ඩුව ඉදිරිපත් කර ඇති අතුරු සම්මත ගිණුම අනුව, එම කාලයට අදාළ රජයේ මුළු වියදම රුපියල් බිලියන 5605ක් වන අතර රජයේ ණය ගැනීමේ සීමාව රුපියල් බිලියන 4000කි.

එම අතුරු සම්මත ගිණුමට අනුව වැඩිම මුදලක් වෙන්කර ඇත්තේ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාාත්‍යාංශය සඳහා වන අතර එම අමාත්‍යාංශය සඳහා වෙන්කර ඇති මුළු මුදල ආසන්න වශයෙන් රුපියල් බිලියන 220ක් වේ. ඉන්පසු වැඩිම මුදලක් වෙන්කර ඇත්තේ ජනාධිපතිවරයා යටතේ පවතින මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය සඳහා වන අතර එය ආසන්න වශයෙන් රුපියල් බිලියන 186කි.

ඉන්පසු වැඩිම මුදලක් වන ආසන්න වශයෙන් රුපියල් බිලියන 184ක් පළාත් සභා සඳහා වෙන්කර ඇති අතර ඊට අමතරව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සඳහා ආසන්න වශයෙන් රුපියල් බිලියන 170ක් වෙන්කර තිබේ.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයට ආසන්න වශයෙන් රුපියල් බිලියන 161ක් වෙන්කර ඇති අතර ආරක්ෂක අමාත්‍යාංශයට ආසන්න වශයෙන් රුපියල් බිලියන 142ක් වෙන්කර ඇත. ඊට අමතරව මහජන ආරක්ෂක අමාත්‍යාංශයට ආසන්න වශයෙන් රුපියල් බිලියන 65ක් වෙන්කර තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 92ක් වෙන්කර ඇති අතර කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා ආසන්න වශයෙන් රුපියල් බිලියන 77ක් වශයෙන් අනෙකුත් වැඩිම මුදල් වෙන් කිරීම් සිදුකර තිබේ.

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි