No menu items!
22.6 C
Sri Lanka
18 January,2025

ප්‍රසාද දීමනා තනි ඉල්ලීමක් නොවේ: රන්ජන් ජයලාල්

Must read

ලසන්ත රුහුණගේ

ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයන්ට ප්‍රසාද දීමනා ලබාදෙන ලෙස කරන ලද ඉල්ලීම සිය සංගමයේ කේවල ඉල්ලීමක් නොවන බවත් එය ලංවිම වෘත්තීය සමිති ඒකාබද්ධ බල මණ්ඩලයේ සාමූහික ඉල්ලීමක් බවත් ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් පවසයි.

ප්‍රසාද දීමනා ලබාදෙන ලෙස ඉදිරිපත් කර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් කළ විමසීමකදී ඔහු ඒ බව පැවසූ අතර ඒ සම්බන්ධයෙන් සිය සංගමය වෙනම කළ ඉල්ලීමක් පමණක් මාධ්‍යයට නිකුත් කර ඇති බවද ඔහු පැවසීය.
ඔහු වැඩිදුරටත් පැවසුවේ සියයට හාරසිය අසූවකින් හිටපු ඇමති කාංචන විජේසේකර විදුලි ගාස්තු වැඩි කිරීම නිසා ලංවිම ලාභ ලබා ඇති බවත්, එම ලාබය මුලින්ම මහජනතාවට ලබාදී ලංවිම සේවකයන්ටත් ලාභයක් ඇත්නම් සමාන ලෙස ප්‍රසාද දීමනාවක් ලබාදිය යුතු බවත්ය.

ඒකාබද්ධ ඉල්ලීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ඇතුළු සියලු වෘත්තීය සමිති අත්සන් කර ඇති අතර එහි ඉල්ලීම් දෙකක් ඇතුළත් වේ. පෙර පැවති ආකාරයටම ප්‍රසාද දීමනාව දෙසැම්බර් මාසය තුළදී ලබාදෙන ලෙස ඉල්ලීම ඉන් එකක් වන අතර අනෙක් ඉල්ලීම වන්නේ 2024 අගෝස්තු මස සිට බලපැවැත්වෙන ලෙස සිදුකළ වැටුප් වැඩිවීම 2024 ජනවාරි සිට බලපැවැත්වෙන පරිදි නිවැරදි කිරීම හා ඊට අදාළ හිඟ වැටුප් කඩිනමින් ගෙවන ලෙස ඉල්ලීමය.

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි