No menu items!
21.9 C
Sri Lanka
5 December,2024

ජාතික ලැයිස්තුවෙන් ආසන නැත්නම් සජබ පක්ෂ වෙනම තරග කරයි

Must read

ලසන්ත රුහුණගේ

සමගි ජන බලවේගය ලෙස පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්ව තරග කළ දේශපාලන පක්ෂවලට පොරොන්දු වූ පරිදි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ලබා නොදුනහොත් එම පක්ෂ ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී වෙනම තරග කිරීම කෙරෙහි සිය අවධානය යොමුකර ඇතැයි වාර්තාවේ.

සජබ සන්ධාන පක්ෂ ලෙස නිදහස ජනතා සභාව, දෙමළ ප්‍රගතිශීලි පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ කිහිපයක් කටයුතු කරති.

සමගි ජන බලවේගයට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර පහෙන් එකක් සඳහා එම පක්ෂයේ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර තමා නම් කරමින් මේ වනවිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස තේරී පත්වී ඇති අතර ඉතිරි මන්ත්‍රී ධුර හතර සඳහා මෙතෙක් කිසිවකු පත්කර නැත.

ඒ සන්ධානගතව තරග කළ පක්ෂ පොරොන්දු වූ පරිදි එම මන්ත්‍රී ධුර ලබාදෙන ලෙස ඉල්ලීමත්, එම පක්ෂයේ පරාජයට පත්වූ මන්ත්‍රීවරුන් ඔවුන් ජාතික ලැයිස්තුවෙන් පත්කරන ලෙස කරන ඉල්ලීමත් නිසාය.

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවේ තුන්වන ස්ථානයේ සිට පස්වන ස්ථානය දක්වා නම්කර ඇත්තේ එම පක්ෂය සමඟ සන්ධානගතව තරග කළ නිදහස ජනතා සභාවේ ඩලස් අලහප්පෙරුම, දෙමළ ප්‍රගතිශීලි පෙරමුණේ සාගරන් විජයාන්ද්‍රිරන් හා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නිෂාම් කාරියප්පර් යන අපේක්ෂකයන්ය. එම ලැයිස්තුවේ මුල් අපේක්ෂකයන් දෙදෙනා ලෙස සිටින්නේ සමගි ජන බලවේගයේ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර හා ඉමිතියාස් බාකීර් මාකර්ය.

මීට පෙර පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී සමගි ජන බලවේගය සන්ධානයක් ලෙස තරග කළ අතර එම අවස්ථාවේදී ද පොරොන්දු වූ පරිදි සෙසු පක්ෂවලට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ලබා දුන්නේ නැත. සමගි ජන බලවේගයේ සාමාජිකයන්ගෙන්ම එම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර පුරවනු ලැබීය.

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි