No menu items!
21.6 C
Sri Lanka
18 January,2025

ජනාධිපතිවරණයේ වැය නොදුන් අය ගැන පොලීසිය නීතිපතිගෙන් අසයි

Must read

ලසන්ත රුහුණගේ

මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත ප්‍රකාරව පසුගිය ජනාධිපතිවරණයේදී ආදායම් හා වියදම් වාර්තා බාර නොදුන් අපේක්ෂකයන් හා දේශපාලන පක්ෂ නිලධාරීන් සම්බන්ධයෙන් ගත යුතු පියවර පිළිබඳව පොලීසිය නීතිපතිවරයාගේ උපදෙස් ඉල්ලා ඇතැයි වාර්තාවේ.

පසුගිය ජනාධිපතිවරණයට අදාළව ආදායම් හා වියදම් වාර්තා බාර නොදුන් අපේක්ෂකයන්, දේශපාලන පක්ෂ ලේකම්වරුන් හා ස්වාධීන අපේක්ෂකයන් නාම යෝජනා කළ ඡන්දදායකයන් සම්බන්ධයෙන් මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත යටතේ අවශ්‍ය නෛතික පියවර ගන්නා ලෙස ඉල්ලමින් මැතිවරණ කොමිසම පොලීසියට කළ දැනුම් දීම අනුව එම පියවර ගෙන ඇතැයි වාර්තාවේ.

පසුගිය ජනාධිපතිවරණයට අදාළව අපේක්ෂකයන්, දේශපාලන පක්ෂ ලේකම්වරුන් හා ස්වාධීන අපේක්ෂකයන් නාම යෝජනා කළ ඡන්දදායකයන් 13 දෙනෙකු සිය ආදායම් හා වියදම් වාර්තා මැතිවරණ කොමිසමට නියමිත දිනයේදී ලබාදී නොතිබුණු අතර ඒ අනුව ඔවුන්ට විරුද්ධව නෛතික පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිසම පොලීසියට දැනුම් දී තිබුණි. ඒ එම පනත අනුව නෛතික පියවර ගැනීම පොලීසිය විසින් සිදුකළ යුතු හෙයිනි.

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි