No menu items!
23.2 C
Sri Lanka
22 January,2025

රන්ජන් දිනුවත් මන්ත්‍රී වෙන්න බෑ

Must read

ඉඳුවර බණ්ඩාර

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් සිර දඬුවම් විඳිමින් සිටියදී ජනාධිපති සමාව යටතේ නිදහස් වූ රන්ජන් රාමනායක මහතාගේ ප්‍රජා අයිතිය තවමත් අහිමිව ඇති බැවින් පාර්ලිමේන්තු මැතිවරණයෙන් ඔහු තේරී පත් වුවද මන්ත්‍රී ධුරයක් දැරීමට ඔහු නුසුදුස්සකු වනු ඇතැයි වාර්තාවේ.

ඒ සඳහා හේතුව වශයෙන් කියනු ලබන්නේ මැතිවරණ කොමිෂන් සභාව ඔහුගේ නාම යෝජනාව ප්‍රතික්ෂේප කර නැත්තේ ඔහුට ප්‍රජා අයිතිය ඇත යන කරුණ නිසා නොවන බවයි. නාම යෝජනාවක් ප්‍රතික්ෂේප කිරීමට අදාළ තාක්ෂණික කරුණුවලට ප්‍රජා අයිතිය යන කරුණ ඇතුළත් නොවන නිසා බවයි.

රන්ජන් රාමනායක මහතා නාම යෝජනා ලබාදුන් අවස්ථාවේදී ඔහුගේ නාම යෝජනාව සම්බන්ධයෙන් විරෝධයක් ඉදිරිපත් කර ඇතත් තේරීම් භාර නිලධාරීන් විසින් එය පිළිගෙන නැත. ඒ එම විරෝධතාව නාම යෝජනාවක් ප්‍රතික්ෂේප කිරීමට අදාළ තාක්ෂණික කරුණුවලට අදාළ එකක් නොවන නිසාය.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්එම්ඒඑල් රත්නායක පැවසුවේ නාම යෝජනාවක් ප්‍රතික්ෂේප කළ නොහැකි තාක්ෂණික කරුණක් නොවන හේතුවකට නාම යෝජනාවක් ප්‍රතික්ෂේප කළ නොහැකි බවත්, ප්‍රජා අයිතිය ඇත්ද නැද්ද යන්න එම තාක්ෂණික කරුණුවලට අයත් එකක් නොවන බවත් හා විරෝධතා සඳහා ලබාදෙන පැයක කාලයේදී එවැනි කරුණක් සොයා බලා සහතික කරගෙන තීන්දුවක් ලබාදීමේ හැකියාවක් නැති බවත්ය.

එවැනි නුසුදුදුසුකමක් ඇත්නම් කළ හැක්කේ කුමක්දැයි ඔහුගෙන් වැඩිදුරටත් කළ විමසීමේදී පැවසුවේ තේරී පත්වීමෙන් පසු ඡන්දදායකයකුට අධිකරණයක් හමුවේ ඒ බව අභියෝගයට ලක්කර තීන්දුවක් ලබාගත හැකි බවයි.

ප්‍රජා අයිතිය අහෝසි වී ඇති බැවින් රන්ජන් රාමනායක මහතාගේ නාම යෝජනාව අවලංගු කරන ලෙස ඉල්ලා ගම්පහ දිස්ත්‍රික්කය සඳහා ස්වාධීන කණ්ඩායමකින් තරග කරන අපේක්ෂකයකු ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළ අතර එය ප්‍රතික්ෂේප කරනු ලැබුයේ එවැනි ඉල්ලීමක් රිට් ආඥාවක් යටතේ ඉල්ලිය යුතු බව සඳහන් කරමින් මිස ඔහුට ප්‍රජා අයිතිය ඇති බව පිළිගනිමින් නොවේ.

මේ අතර රන්ජන් රාමනායක මහතා නායකත්වය දරනවා යැයි කියන එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක හා එම පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක රවී කුමුදේශ් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ප්‍රකාශ කරනු ලැබුයේ රන්ජන් රාමනායක මහතාගේ ප්‍රජා අයිතිය අහෝසි කිරිම වසර දෙකක කාලයකින් අඩු කරන ලෙස ඉල්ලා ජනාධිපති අනුර කුමාර දිසානායකට බාරදුන් ඉල්ලීමක් වෙනත් පාර්ශවවලට ගියේ කෙසේදැයි ජනාධිපති කාර්යාලය සොයා බැලිය යුතු බවයි. එම ඉල්ලීමෙන් පෙන්නුම් කරන්නේද රන්ජන් රාමනායක මහතා තවමත් සිටින්නේ ඔහුගේ ප්‍රජා අයිතිය අහෝසි වූ තත්වයක බවයි.

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි