No menu items!
27.4 C
Sri Lanka
14 November,2024

රනිල්ගේ කණ්ඩායමත් ආදායම් වියදම් වාර්තා බාරදී නෑ

Must read

ලසන්ත රුහුණගේ

පසුගිය ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නම ඒ සඳහා යෝජනා කළ ඡන්දායකයා වන චන්න ලලිත් වික්‍රමසිංහ එම ජනාධිපතිවරණයේ ආදායම් වියදම් වාර්තාව ලබාදී නැත.

මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත යටතේ නියමිත දිනය වනවිට ස්වාධින අපේක්ෂක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට අදාළ ඔහුගේ වියදම් වාර්තාවක් ඉදිරිපත් කර ඇතත් ඔහු නාම යෝජනා කළ ඡන්දදායකයා වන චන්න ලලිත් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කළ යුතු එම ස්වාධීන කණ්ඩායමේ ආදායම් වියදම් වාර්තාව ලබාදී නැත.

2023 අංක 3 දරන මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත අනුව නියමිත දිනයේදී ආදායම් වියදම් වාර්තා බාර නොදෙන අපේක්ෂකයන්, එම අපේක්ෂකයන් ඉදිරිපත් කළ දේශපාලන පක්ෂවල ලේකම්වරුන් සහ ස්වාධීන අපේක්ෂකයන් නාම යෝජනා කළ ඡන්දදායකයන් දඬුවමට යටත් වන පුද්ගලයන් බවට පත්වේ.

ඒ අනුව රනිල් වික්‍රමසිංහ නම් කළ ඡන්දදායකයා වන චන්න ලලිත් වික්‍රමසිංහ එම වාර්තා ලබා නොදීම නිසා දඬුවමට ලක්වන පුද්ගලයෙකු බවට පත්වී සිටී.

මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත යටතේ නියමිත දිනයේදී ආදායම් වියදම් වාර්තා ලබා නොදුන් පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම පොලිසිය සමඟ පසුගිය සතියේ සාකච්ඡාවක නිරත විය.

මෙම කරුණ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ  හෙට්ටිආරච්චි කියා තිබුණේ එම වාර්තා ලබා නොදුන් පුද්ගලයන්ට එරෙහිව පමණක් නොව අඩුපාඩු සහිතව වාර්තා ලබාදුන්  පුද්ගලයන්ට එරෙහිවද නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ ද ඔහුගේ වාර්තාව බාරදී ඇත්තේ අඩුපාඩු සහිතව වන අතර එය වියදම් ඇතත් ආදායම් පිළිබඳ තොරතුරු නැති තනි පිටුවක වාර්තාවකි. එම වියදම්වලට අදාළ විස්තරාත්මක තොරතුරු මෙන්ම ඊට අදාළ ලේඛන ද එහි නැත. මේ අනුව රනිල් වික්‍රමසිංහ මහතා ද දඬුවම් ලැබිය හැකි පුද්ගලයකු බවට පත්වී තිබේ.

 

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි