මධුරි උසස් පෙළට ජීවවිද්‍යාව විෂය දහරාව තෝරාගන්නේ ඩොක්ටර් කෙනෙක් වෙන්නද?
නැහැ, මට ඩොක්ටර් කෙනෙක් වෙන්න කිසිම ආශාවක් තිබුණේ නෑ. හැබැයි මම විද්‍යාව ඉගෙනගන්න ආසයි. මට කැම්පස් එකක ලෙක්චරර් කෙනෙක් වෙන්න ආශාවක් තිබ්බා.
ඒ නිසා ද උසස් අධ්‍යාපනයට ඉන්දියාවට යන්නේ?
නැහැ, ඒක අනපේක්ෂිතව සිද්ධවුණ දෙයක්. මම පත්තරේ ශිෂ්‍යත්වයක් පිළිබඳ දැන්වීමක් දැකලා ඒකට අයැදුම් කළා. ඉතිං මම තේරුණා. එහෙම තමයි පූනේ යුනිවර්සිටී එකට බයෝටෙක් කරන්න යන්නේ. 2009 අවුරුද්දේ තමයි මම උසස් පෙළ ලිව්වේ, මගේ ඉසෙඩ් අගය හොඳයි, මම ජ‘පුර කැම්පස් එකට තේරුණා, හැබැයි මම ඒ වෙනකොට පූනේ ගිහිං.
පූනේ ශිෂ්‍ය ජීවිතය ගැන මතකය ටිකක් ඇවිස්සුවොත්..
ඒක මගේ ජීවිතේ ගෙවුණ ලස්සනම කාලය කීවොත් හරි. ඒ කාලේ ඒ තරමට විචිත්‍රයි. පූනේ තියෙන්නේ ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර කියන ප්‍රාන්තයේ. මුම්බායි නගරයේ ඉඳලා පැය හතරක විතර ගමනක්. භාෂාව මරාති. අපිට මාසෙකට සැරයක් ලිවින් කොස්ට් එක විදිහට ඉන්දියානු රුපියල් 4000ක් අතට ලැබෙනවා. එහේ ඉගෙනගන්න විදේශීය සිසුන්ට හොඳ නේවාසිකාගාර ලැබෙනවා. අපි සමහර දවස්වලට උයාගෙන කෑවා. ඒත් නිදහසක් නැති දවසට මෙස් එකෙන් හරි කැන්ටින් එකෙන් හරි ඉන්දියන් කෑම කෑවා. නෝත් ඉන්දියන් කෑම මුල් කාලේ හරිම අමාරුයි. එහේ වැඩියෙන්ම තියෙන්නේ වෙජිටේරියන් කෑම. චිකන්, මුහුදු මාළු වුණත් සොයාගන්න ලේසි නෑ. හරක් මස් වගේ මස් වර්ග නම් ගොඩක් වෙලාවට තියෙන්නේ, ඒවා ආහාරයට ගන්න කතෝලිකයන් වගේ අය වැඩිපුර ඉන්න පැතිවල විතරයි. පූනේවලට වැස්ස කියන්නේ හරි දුර්ලභ දෙයක්. ඉතිං වැස්ස දවසට අපි හැමෝම හොස්ටල් එකෙන් එළියට පැනලා නටනවා තෙමි තෙමී. ඒක මාර ලස්සන අත්දැකීමක්.
ඉන්දියාවේ හිටිය අවුරුදු තුනේ මම සෑහෙන්න ඇවිද්දා. මම හිතන්නේ ඉන්දියාවේ ජීවත්වෙන ඉන්දියානුවෝ එච්චර ඉන්දියාවේ ඇවිදලා නැතිව ඇති. අපිට කැම්පස් එකෙන් වින්ටර් කෑම්ප්, සමර් කෑම්ප් කියලා අවුරුද්දට කෑම්ප් දෙකක් දෙනවා. පූනේවලට හිම වැටුණේ නැතිවුණාට වින්ටර් එකක් තියෙනවා. මම හැම අවුරුද්දෙම වින්ටර් කෑම්ප් එකට ගියා. ඒක වෙනස්ම අත්දැකීමක්. එක එක ප්‍රාන්තවල සතියක් විතර ඇවිදින එක තමයි කළේ. අපි ඒ අවුරුද්දේ කෑම්ප් කරන ප්‍රාන්තයට යන්නේ කෝච්චියේ. ගොඩක් වෙලාවට පැය 20ක් විතර යනවා ඒ ගමනට. එහෙම එකතුවෙන ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ලා රැන්ඩම්ලි කණ්ඩායම්වලට බෙදලා බස්වලට දානවා. මේ එක බස් එකක එක එක රටවල 40ක් විතර ඉන්නවා. ඒක වෙනමම පිස්සු හැදෙන අත්දැකීමක්. අපිට ත්‍රීස්ටාර් වගේ හොඳ හෝටලයක් හම්බවෙනවා. කෑමබීම ලැබෙනවා. ට්‍රැවලින්වලට බස් එකක් ලැබෙනවා. ඊට පස්සේ ඉතිං සතියක් විතර ඒ මුළු ප්‍රාන්තෙම ඇවිදින එක, කෑම්ප් කරන එක තමයි අපේ එකම විනෝදේ.
ඉන්දියාවේ අධ්‍යාපනයට එන විදෙස් ශිෂ්‍ය ජීවිතය ගැන මොකද හිතන්නේ..
ඉන්දියාවේ යුනිවර්සිටි ස්ට්‍රක්චර් එක ගත්තොත් යුනිවර්සිටි තියෙනවා, ඊට පස්සේ යුනිවර්සිටි කොලේජස් තියෙනවා. අපි හිටියේ SINHGAD කොලේජ් එකේ. කැම්පස් 10ක් විතර මුළු ටවුන් එකේම තියෙනවා. මේ අතරේ විශාල සංඛ්‍යාවක් විදෙස් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඉගෙනගන්නවා. මගේ පන්තියේ හිටියා නැගෙනහිර ටිමෝරයේ කොල්ලෙක්, ඉන්දුනීසියාවේ කෙල්ලෙක්, ඇෆ්ගන් කෙල්ලෙක්, තව ඉතිං ඉන්දියාවෙන් වෙනත් රටවලට ගිහිං ජීවත් වෙන අයගේ දරුවෝ ඉගෙනගන්න ඇවිත් ඉන්නවා. ලංකාවත් එක්ක බලනකොට මේක ඉතාමත් විශාල අගයක්.
ඔබ බයෝටෙක් ඉන්දියාවට ගිහිං ආශාවෙන් ඉගනගත්තාට දැන් ඔබ රැඳිලා ඉන්නේ වෙනත් ෆීල්ඩ් එකක නේද?
පළමු ජොබ් එක මොකද්ද?
මම සීබීඑල් චොකලට් ෆැක්ටරි එකේ ඩේටා ඇනලයිසින් ජොබ් එකක් තමයි මුලින්ම කළේ. ඒක ජීවිතේ ආසාවෙන් කළ ගොඩක් අත්දැකීම් ජීවිතේට එකතු කරගත්ත ජොබ් එකක්. පහළ ලයින්ස්වල ටීම් ලීඩර්ස්ලා එක්ක තමයි අපිට වැඩ කරන්න තිබුණේ. අපි ඩේටා එකතු කරනවා ඊට පස්සේ ඒ එකතු කරගත්ත ඩේටා ඇනලයිස් කරනවා. අපි ඒ ඩේටා ඇනලයිස් කරලා එළඹෙන නිගමන උඩ තමයි ටාගට්ස් ගැන වගේම ඒ ටාගට්ස් ඇචීව් කරන්නේ කොහොමද කියන එක තීරණය කළේ.
ඊටපස්සේ ආයෙත් ඕස්ටේ්‍රලියාවට යනවා පශ්චාත් උපාධියක් කරන්න..
ඔව්. මම පස්සේ ඇවිත් වැටුණ බිස්නස් ඇඩ්මිනිස්ටේ්‍රෂන් ෆීල්ඩ් එකේ දැනුමට තමයි එම්බීඒ එකක් කරන්න ඕස්ටේ්‍රලියාවේ ඩීකින් යුනිවර්සිටි එකට යන්නේ. ඒක අවුරුදු දෙකක උපාධියක්. මෙතැනදීත් මට ශිෂ්‍යත්වයක් ලැබෙනවා. මෙල්බර්න්වල තියෙන ඩීකින් යුනිවර්සිටි කියන්නේ ලෝකෙම පිළිගත්ත ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලයක් කිව්වොත් හරි.
මම ආසයි ඉන්දියාවේ උසස් අධ්‍යාපනය සහ ඕස්ටේ්‍රලියාවේ උසස් අධ්‍යාපනය අතර වෙනස ඔබ කොහොමද දකින්නේ කියලා දැනගන්න.
ඉන්දියාවේ අධ්‍යාපනයත් අපිට අවතක්සේරු කරන්න බෑ. එයාලගේ ඉංග්‍රීසි අධ්‍යාපනය එහෙම ඉහළයි. නමුත් උසස් අධ්‍යාපනයේදී හදන උපාධිධාරීන්ගේ ප්‍රමිතියේ විශාල ප්‍රශ්න තිබෙනවා ඔවුන්ට. උසස් අධ්‍යාපනය පුද්ගලීකරණය වෙලා තියෙන්නේ. ඉතිං අවුරුද්දකට උපාධිධාරීන් 1000ක් ඕනෑ නම් ඔවුන් 3000ක් හදනවා. ඒකනේ ඔය ඉන්දියාව එක්ක ගහන්න යන නිදහස් වෙළඳ ගිවිසුමට එහෙම විරෝධයන් විශාල වශයෙන් එන්නේ.
හැබැයි ඕස්ටේ්‍රලියාව එහෙම නෑ. ඔවුන් ඩේටා මත තමයි කටයුතු කරන්නේ. අවුරුද්දකට නර්ස්ලා කීදෙනෙක් කැම්පස්වලින් එළියට දානවාද කියන එක ඔවුන් ඩේටා ඇනලසීස් කරලා පුරෝකථනය කරලා තමයි බඳවා ගන්නේ. එහෙම නැතිව ඕවර්-ප්‍රොඩියුස් කරන්නේ නෑ.
අනෙක් පැත්තෙන් මම ඕස්ටේ්‍රලියාවේ නර්ස් කෙනෙක් නම් මට ඕනෑ වෙලාවක වෙන ජොබ් එකකට යන්න පුළුවන්. මට ප්ලමර් කෙනෙක් වෙන්න ඕනෑ නම් ඒකට මට සර්ටිෆිකේට් කෝස් එකක් කරන්නයි තියෙන්නේ. ඊටපස්සේ ඒ ජොබ් එකට මාරුවෙන්න පුළවන්. එහෙම මාරුවුණා කියලා සැලරි එකේ ලොකු වෙනසක් සිද්ධ වෙන්නේ නෑ. ජීවත් වෙන්න අමාරු වෙනවා කියලා දෙයක් නෑ. නර්ස් කෙනෙක් විදිහට හිටපු කාලේ ගෙවපු කොලිටි ලයිෆ් එකම මට ගෙවන්න පුළුවන්. ඒ නිසා හරි ඉක්මනින් ඕස්ටේ්‍රලියාවේ මිනිස්සු රස්සාවල් මාරු කරනවා.
මම ආසයි බණ්ඩාරගම, පූනේ සහ මෙල්බර්න් අතරේ ඔබගේ ජීවිතේ රිද්මය ගැන ටිකක් කතාකරන්න.
බණ්ඩාරගම මගේ ගම. මම හොරණ සහ පානදුරේ තමයි පාසල් අධ්‍යාපනය ලැබුවේ. මේවා අර්ධ නාගරික ප්‍රදේශ. බණ්ඩාරගම ගැන මට තියෙන්නේ හොඳ මතකයක් සහ හරිම සැහැල්ලු ජීවිතයක්. පූනේ එක්ක තියෙන්නේ මතක ගොඩක්. ඒක ගොඩාක් ලස්සන කාලයක් පෙම්වතෙක් හිටියා, යාළුවෝ ගොඩක් හිටියා. තවමත් ඒ යාළුවෝ මගේ ජීවිතේ එක්ක ඉන්නවා. මෙල්බර්න් කියන්නේ ඊට සම්පූර්ණයෙන්ම වෙනස් ජීවිතයක්. මම ඉගෙනගන්න එක සහ උපයන එක තමයි වැඩියෙන් කළේ. හැබැයි ඉඩ ලැබෙන විදිහට ඇවිද්දා. ආදරේ කළා. ප්‍රේමය කඩාගෙන වැටුණාම කොහොමද ඒක ජීවිතේට දැනෙන්නේ කියන එකත් මම මෙල්බර්න්වලදි අභ්‍යාස කළා. ඒ බිඳවැටීම නිසා ඩිප්‍රෙෂන් ආවා. කන්සල්ට් කළා. බෙහෙත් ගත්තා. යෝග කළා. රිකවර් වෙන්න අවුරුදු 3ක් විතර ගියා. ඒක ලොකු ප්‍රෝසෙස් එකක්. දැන් ඒ ස්ටේජ් එක පැනලා තියෙන්නේ. දැන් රිකවර් වෙන්න පුළුවන් ටකස් ගාලා. මම මෙල්බර්න්වලදී නැනී රස්සාවකට අයැදුම් කරලා ඒකට ගිහිං ටික දවසක් ගියාම ඒ ලේඩි මාව එයාගේ මයිග්‍රේෂන් කම්පැනියට ගත්තා කන්සල්ටන්ට් කෙනෙක් විදිහට. ඒක ජීවිතේ සෑහෙන්න වෙනස් කරපු තැනක්. ඊට පස්සේ අවුරුදු 2ක් මම ඒ ජොබ් එක කළා.
ප්‍රේමය ගැන කියපු නිසා අහන්න හිතුණා.. ප්‍රේමය කියන්නේ බොරු වළවල්වල වැටීම නේද?
ඇත්තටම. ආදරය අන්ධයි කියලත් කියනවානේ. මේ පුද්ගලයා එක්ක හිටියොත් හරි අමාරුවක වැටෙනවා කියලා දැනදැන තමයි පැන්නේ. මට දැන් ඒ ගැන හැඟීමක් නෑ. මම ඒ හැඟීම් සියල්ලම එයා එක්කම අයින් කළා. අනික ඕස්ටේ්‍රලියාවේ ඉන්නකොට මට වෙලාව මදි. ලංකාවෙදි එහෙම දෙයක් නෑ. ඒකට හේතුව මොකද්ද කියන්න මම දන්නේ නෑ. මම සෑහෙන්න මහන්සිවෙලා වැඩ ගොඩාක් කරන කෙනෙක්, ඒ අතරේ කනබොන එක, නෙට්ෆ්ලික්ස් බලනඑක යාළුවෝ එක්ක එළියට යනඑක තමයි මගේ ජීවිතේ.
බොන එක කොච්චර වැදගත් ද ජීවිතේට?
ඒක සෑහෙන්න වැදගත් දෙයක්. ඉස්සරනම් නිතරම යාළුවෝ එක්ක එළියට ගිහිං ෂොට්එකක් දාලා නටලා මියුසික් අහලා එනවා. ඒක ජීවිතේට අත්‍යවශ්‍ය දෙයක්. ඒත් දැන් මේ ආර්ථික තත්ත්වය එක්ක ඒක එහෙම්මම නඩත්තු කරගෙන යන්න බැරි තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒ නිසා දැන් හරි අඩුවෙන් තමයි එහෙම දේවල්වලට සෙට් වෙන්නේ.
බඳින්න අදහසක් නැද්ද?
බඳින්න ඕනෑ.. තවම කෙනෙක් නෑ