No menu items!
22.6 C
Sri Lanka
18 January,2025

හමුදා ඇඳුමක් ඇන්දොත් දඩය පනස්දාහයි

Must read

දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම සඳහා අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමති විජේදාස රාජපක්ෂ විසින් ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පතට අනුව ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයෙකු ලෙස හ`ැගී යන පරිදි එබඳු අයෙකුගේ ඇඳුමක් ඇඳීම හෝ එබඳු අයෙකුගේ සලකුණක් පාවිච්චි කිරීම සඳහා වූ රුපියල් සියයක දඩය රුපියල් පනස්දාහක් දක්වා ඉහළ නංවා තිබේ.

ඊට අමතරව කැරලි ගැසීම සම්බන්ධයෙන් ඉඩම් හිමියා හෝ පදිංචිකරු තොරතුරු නොදීම සම්බන්ධයෙන් රුපියල් දහසක්ව පැවති දඩය රුපියල් දසදහසක් ලෙස ඉහළ නංවා තිබේ.
කලහ කිරීම සම්බන්ධයෙන් රුපියල් සියයක දඩය රුපියල් දසදහසක් දක්වාද, මහජන කරදරයක් සිදුකිරීම සඳහා රුපියල් පනහක් ලෙස පැවති දඩය රුපියල් විසිපන්දහසක් දක්වාද, යම් තැනැත්තකුට අයුතු ලෙස අවහිර කිරීම සඳහා රුපියල් පනහක් වූ දඩය රුපියල් පනස්දහසක් දක්වාද වැඩිකර තිබේ.

ඉඳුවර බණ්ඩාර

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි