No menu items!
20.7 C
Sri Lanka
19 January,2025

ගිනි තැබීම්වලට වන්දි දෙන්න ජනපති කොමිසමක්

Must read

■ ඉඳුවර බණ්ඩාර


පසුගිය දිනවල රටපුරා සිදුවූ ගිනි තැබීම් ඇතුළු සියළු ආකාරයේ විනාශකාරී ක්‍රියාවන් සොයා බලා වාර්තා කිරීම සඳහා ජනාධිපතිවරයා පරීක්ෂණ කොමිෂන් සභාවක් පත්කර ඇත. ඒ ජුනි 06 දින අති විශේෂ ගැසට් පත්‍රයක් මගින්ය.


ඊට අමතරව එම කොමිෂන් සභාවට මංකොල්ලකෑම් සහ සොරකම් හේතුවෙන් තම දේපල හා ජීවිතවලට හානි හෝ බලපෑම් සිදුවූ පුද්ගලයින්, ආයතන, සංවිධාන සහ සංගම් වෙතින් ඉදිරිපත් වී ඇති හිමිකම් ඉල්ලීම් සම්බන්ධයෙන්ද කටයුතු කරන ලෙස දැනුම් දී ඇත.


2022 මාර්තු 31 දින සිට මැයි 15 වැනිදා දක්වා සිදුවූ ඉහත සඳහන් කරන ලද සිදුවීම් සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරීම සඳහා එම කොමිෂන් සභාව පත්කර ඇති අතර එහි සභාපතිවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බුවනෙක අලුවිහාරේ කටයුතු කරන අතර සෙසු සාමාජිකයින් වශයෙන් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස් එම් වික්‍රමසිංහ හා අතිරේක ප්‍රධාන තක්සේරුකරු එන් ඒ එස් වසන්ත කුමාර යන අයව පත්කර ඇත.


ඉහත කාලපරිච්ඡේදය තුළ සිදුවූ ගිනි තැබීම්ද ඇතුළු සියලු ආකාරයේ විනාශකාරී ක්‍රියාවන්, මංකොල්ලකෑම් සහ සොරකම්වලට ගොදුරුවූ වින්දිතයින් සහ චංචල හෝ නිශ්චල දේපල හඳුනා ගැනීම සහ වර්ගීකරණය කිරීම, එම සිද්ධීන්ට ගොදුරුවූ වින්දිතයින්ට සිදුවූ අලාභය සහ හානිය කන්සේරු කිරීම සඳහා මාර්ගෝපදේශ සහ හෝ නිර්දේශ සකස් කිරීම සහ ඉහත සඳහන් ඕනෑම ක්‍රියාවකට ලක්වී දේපල හා ජීවිත හානිවලට ගොදුරු වූ එක් එක් පුද්ගලයින්ට සිදුවූ අලාභ හානිවල පාඩුව ප්‍රමාණීකරණය කිරීම, එම හිමිකම් ඉල්ලීම් සඳහා වන්දි ගෙවීමේ හැකියාව, වන්දි ගෙවීමේ උපරිම කාල සීමාව, අලාභ හෝ හානි පිළිබඳව සාර්ථකව තීරණය වූ අවස්ථාවක වින්දිතයින්ට පිරිනැමිය යුතු වන්දි ප්‍රමාණය තක්සේරු කිරීම සහ සුදුසු පුද්ගලයින්ට වන්දි ගෙවීමේ ක්‍රියාවලිය තීරණය කිරීම ආදිය එම කොමිසමට පැවරී ඇත.■

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි