No menu items!
21.4 C
Sri Lanka
19 January,2025

ජනාධිපති සමඟ ආණ්ඩුවලට විපක්ෂය නෑ

Must read

■ අමන්දිකා කුරේ


ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් නිර්මාණය කරන සර්වපාක්ෂික ආණ්ඩු වකට සම්බන්ධ නොවන බවට එක්සත් ජාතික පක්ෂය, සමගි ජනබලවේගය සහ ජාතික ජන බලවේගය පවසා ඇත.


විපක්ෂය නියෝජනය කරන දමිළ ජාතික සංධානය ඒ පිළිබඳව දරන අදහස පිළිබඳව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන්ගෙන් කළ විමසීමකදී මෙසේ අදහස් පළ කළේ ය.


”විධායක ජනාධිපති ධුරය ඉවත් කරන්න අදාල ප්‍රතිපාදන පාර්ලිමේන්තුවට ගෙනැවිත් ඉන්පසුව ඒ සඳහා ජනමත විචාරණයක් සඳහා දිනයක් නම් කරන්නේ නම් හා විශ්වාසය කඩ වී ඇති ආණ්ඩුව විසිරුවා පාර්ලිමේන්තු මැතිවරණයකුත් එම ජනමත විචාරණය පවත්වන දිනට ම පවත්වන්නට දින නියම කළහොත් පමණක් එම අතරමැදි කාලය සඳහා පමණක් සර්වපාක්ෂික ආණ්ඩුවක් හරහා පාලන කටයුතු කරගෙන යාමට සම්බන්ධ වීමට අපේ පක්ෂය එකඟයි.”
මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ සිය පක්ෂය සර්වපාක්ෂික ආණ්ඩුවකට සම්බන්ධ වන්නේ එම කොන්දේසි මත පමණක් බවයි.


කෙසේවෙතත් ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පවසන්නේ අගමැතිවරයා ඉල්ලා අස් වන්නේ නම් සිය පක්ෂය ජනාධිපතිවරයා සමග ආණ්ඩුවක් සෑදීමට සූදානම් බවයි.


සිය පක්ෂය එසේ කරන්නේ විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට ජනාධිපතිවරයාගේම බලය යොදාගැනීමට ඇති අවශ්‍යතාවය නිසා බව ඔහු පෙන්වා දෙයි.■

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි