No menu items!
20.3 C
Sri Lanka
24 November,2024

පාස්කු ප්‍රහාරය පිටුපස රටේ බලවතාදැයි සැකයි: කාදිනල් හිමි කියයි

Must read

■ ඉඳුවර බණ්ඩාර


පාස්කු ප්‍රහාරය පිටුපස සිටින්නේ මේ රටේ සියලු බලතල සියතට ගෙන සිටින බලවතා නොවේදැයි සැකයක් මතුවන බව කාදිනල් මැල්කම් රංජිත් හිමි පවසයි.


පාස්කු ප්‍රහාරයට වසර තුනක් පිරීම නිමිත්තෙන් එම ප්‍රහාරයෙන් මියගිය අය සැමරීම සඳහා අප්‍රේල් 21 වැනිදා කොළඹ කොච්චිකඩේ දේවස්ථානයේ පැවති සැමරුම් උත්සවයේදී උන්වහන්සේ එසේ ප්‍රකාශ කළහ.


ඒ සම්බන්ධයෙන් උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කරනු ලැබූයේ ජනාධිපතිවරණ වේදිකාවේ තමන් පාස්කු ප්‍රහාරය පිළිබඳ අවංකව සත්‍යය සොයා යුක්තිය ඉටුකරන බවට වේදිකාවේ මොරදෙමින් ඡන්දයට ගිය, අද රට පාලනය කරන නායකයා බලයට පත්වූ පසු එම පොරොන්දු සියල්ල පසෙකලා ජනාධිපති කොමිෂන් වාර්තාවේ බොහෝ කරුණු යටපත් කරමින් එහි නිර්දේශ සියල්ල ඉටු නොකර ඒකපාර්ශ්වීය ලෙස ඇතැම් කරුණු වසන් කිරීමට ක්‍රියා කරමින් කටයුතු කිරීම ප්‍රතික්ෂේප කරන බවයි.


එමෙන්ම පාස්කු ප්‍රහාරයේ මෙතෙක් විමර්ශනයට ලක්කර නැති හෙළිදරව් වූ කරුණු රාශියක් සම්බන්ධයෙන්ද එහිමියෝ එහිදී පැහැදිලි කළෝය. ■

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි