No menu items!
20.5 C
Sri Lanka
19 January,2025

ගෑස් නිකුත් කිරීම නවතී

Must read

ඉඳුවර බණ්ඩාර


ගෑස් නොමැතිකම නිසා පෙබරවාරි 21 වැනිදා සිට මෙම වාර්තාව ලියන පෙබරවාරි 24 වැනිදා දක්වා දින හතරක කාලයක් ලිට්රෝ ගෑස් සමාගම සාමාන්‍ය පාරිභෝගිකයින් සඳහා නිකුත් කරන කිලෝ 12.5 සිලින්ඩර පිරවීම් සිදුකර වෙළඳපළට නිකුත් කර නැත.


එම සමාගම සාමාන්‍යයෙන් කිලෝ 12.5 වර්ගයේ ගෑස් සිලින්ඩර 74,000ක් පමණ පුරවා දිනකට වෙළඳපළට නිකුත් කරන අතර වෙළඳපළට නිකුත් කරන ගෑස් සිලින්ඩරවලින් විශාලම පංගුව වන්නේ එයය.


එසේ වුවද වෙළඳ කටයුතු සඳහා භාවිත කරන කිලෝ 37.5 වර්ගයේ සිලින්ඩරවලට පමණක් ගෑස් පුරවා වෙළඳපළට නිකුත් කරන බව වාර්තාවේ.

එම සිලින්ඩර ප්‍රමාණය විශාල එකක් නොවන අතර එම ප්‍රමාණයේ සිලින්ඩර 3000ක පමණ ප්‍රමාණයක් දිනකට නිකුත් කරන බව වාර්තාවේ.


එසේම සාමාන්‍ය පාරිභෝගිකයින් භාවිත කරන කිලෝ 5 හා කිලෝ 2.2 සිලින්ඩර සඳහාද ගෑස් පිරවීම් සිදුකර නැත. කිලෝ 5 ගෑස් සිලින්ඩර 15,000ක් පමණද, කිලෝ 2.2 සිලින්ඩර 12,000ක් පමණද දිනකට නිකුත් කරමින් පැවතී ඇත.


මේ වනවිට ගෑස් රැගත් නැව් කිහිපයක්ම ගෑස් සැපයීම සඳහා කෙරවළපිටිය අවට මුහුදේ නවතා ඇතත් ඩොලර් නැතිකම නිසා ඒවායින් ගෑස් ගැනීම සිදුකර ගැනීමට නොහැකි වී ඇත.■

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි