No menu items!
20.7 C
Sri Lanka
19 January,2025

පීටීඒ අහෝසි කරන්න
මානව හිමිකම් කොමිසම

Must read

අමන්දිකා කුරේ


ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්පූර්ණයෙන් ම අහෝසි කළ යුතු බවට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව රජයට නිර්දේශ කර තිබේ.


පෙබරවාරි 15 වන දින මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණී මාරසිංහගේ අත්සනින් යුතු ලිපියක මේ බව සඳහන් තිබේ.


”ත්‍රස්තවාදය” යන්නට නිශ්චිත නිර්වචනයක් ලබා දී ”ත්‍රස්තවාදී වරද” දණ්ඩ නීති සංග්‍රහයේ වරදක් ලෙස ඇතුළු කිරීම මගින් සාමාන්‍ය නීතිය යටතේ මෙම විමර්ශන කටයුතු සිදු කළ හැකි බව කොමිසම පෙන්වා දෙයි.


අධිකරණ නියෝග නොමැතිව සැකකරුවන් රඳවාගෙන සිටීමට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හරහා අවසර ලබා දී තිබීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් ද වන බව මානව හිමිකම් කොමිසම ලිපියෙන් වැඩි දුරටත් පෙන්වා දෙයි.■

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි