No menu items!
20.4 C
Sri Lanka
25 November,2024

ඩොලර් මි.500ක ණයට දෙන
ඉන්දීය තෙල් ගන්න ඔක්ටේන් 92, 91 කරයි

Must read

ඉන්දියාව ලබාදීමට පොරොන්දු වී ඇති ඩොලර් මිලියන පන්සීයක ණය මුදලට සරිලන ඉන්ධන එම රටෙන් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ඉන්ධන ප්‍රමිතිය සංශෝධනයට ලක්කර ඇත.


මෙය සිදුකර තිබෙන්නේ රට තුළ භාවිත කරන ඉන්ධන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සකස් කර තිබූ ප්‍රමිතිය සංශෝධනය කිරීම මගින්ය. එම ප්‍රමිතිය තුළ මෙතෙක් තිබී ඇත්තේ රට තුළ භාවිත කරනු ලබන පෙට්‍රල් ඔක්ටේන් 92 ප්‍රමිතියෙන් තිබිය යුතු බවය. එහෙත් පසුගිය වසරේ අවසානයේ එම ප්‍රමිතිය සංශෝධනයට ලක්කරමින් පෙට්‍රල් ඔක්ටේන් 91 මට්ටමට පහත දමා ඇත.


එසේ කර ඇත්තේ ඉන්දියාව තුළ භාවිත කරන පෙට්‍රල් ඔක්ටේන් 91 ප්‍රමිතියේ පැවතීම නිසාය. පවතින ප්‍රමිතිය අනුව ඉන්දියාවෙන් ලබාගන්නා පෙට්‍රල් ශ්‍රී ලංකාව තුළ භාවිත කිරීමට නොහැකි නිසා මෙම ප්‍රමිතිය පහළ දැමීම සිදුකර ඇත.


මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති අසංග රණසිංහ හා අධ්‍යක්ෂ ජනරාල් සිද්ධිකා සේනාරත්න දුරකථනය මගින් සම්බන්ධ කරගැනීමට උත්සහ කළද එය අසාර්ථක විය.


පසුව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ඉංජිනේරු ප්‍රමිති අංශයේ අධ්‍යක්ෂ සුනන්ද ප්‍රනාන්දුගෙන් මේ පිළිබඳ විමසීමේදී ඔහු ප්‍රකාශ කළේ පෙට්‍රල් පිළිබඳ ප්‍රමිතිය සංශෝධනයට ලක්කිරීම පසුගිය වසර අවසානයේ සිදුකළ බවයි. එම ප්‍රමිතිය පිළිබඳ වැඩිදුර තොරතුරු එම ආයතනයෙන් ඉල්ලීමක් කර හෝ පුස්තකාලය භාවිත කර ලබාගත හැකි බවයි.


දැනට රටට ආනයනය කරන පෙට්‍රල් ඔක්ටේන් 92 හෝ ඊට වැඩි අගයක පවතින බව මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ඛනිජ තෙල් සංස්ථාවේ නිලධාරියකු පැවසූ අතර, ඔහු වැඩිදුරටත් පැවසුවේ සපුගස්කන්ද පිරිපහදුව තුළද පෙට්‍රල් නිෂ්පාදනය කරනු ලබන්නේ ඔක්ටේන් 92 ප්‍රමිතියට බවය. එමෙන්ම ලෝකයේ රටවල් ඔක්ටේන් අගය ඉහළ මට්ටමකට ගෙන එමින් සිය පෙට්‍රල් මේ වනවිට නිෂ්පාදනය කරමින් පවතින බවද ඔහු පැවසීය.


එමෙන්ම ඔහු වැඩිදුරටත් පැවසුවේ සංශෝධනයට පෙර පැවති ප්‍රමිතිය අනුව ඔක්ටේන් 92කට වඩා අඩු අගයක පෙට්‍රල් විකිණීම තහනම් බවත් අලුත් සංශොධනයත් සමඟ ඔක්ටේන් 91 දක්වා ඊට අඩු අගයක පෙට්‍රල් දැන් රට තුළ විකිණිය හැකි බවත්ය.■

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි