■ ඇන්තනී වෙරංග පුෂ්පික
ජනාධිපතිවරයාට හූ තැබූ බව සඳහන් සටහනක් මුහුණු පොතේ හුවමාරු කිරීම සිදුකළා යැයි කියන කාන්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවූයේ කුමක් හෝ කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදුකොට ඇත්දැයි කියා සොයා බැලීමට බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව ප්‍රකාශ කරයි.
මිරිහානේ පිහිටි පැල්වත්ත සමාගමේ කිරිපිටි පෝලිමක් අසලින් ජනාධිපතිවරයා ගමන් කරද්දී ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක් පවත්වන බවත් එම කාන්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට
කැඳවූයේ මිරිහානේ සිදුවීමට අදාළ විමර්ශනයකට බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක වැඩි දුරටත් ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරයාට අපහාස කිරීම බරපතළ වරදක් බවත් ඉදිරියට එවන් දේ නොකරන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇයට පවසා ඇති බව ඔහු පැවසීය. මෙලෙස ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවූයේ දෙසැම්බර් 31 වන දිනදීය.■