No menu items!
22.3 C
Sri Lanka
23 November,2024

විෂමාචාර චෝදනා තිබියදී විශාකා විදුහල්පතිනියට සේවා දිගුවක්

Must read

■ අරුණ ජයවර්ධන


කොළඹ, විශාකා විදුහල්පතිනියට, විෂමාචාර චෝදනා යටතේ විනය පරීක්‍ෂණයක් පැවැත්වෙමින් තිබියදී, විශ්‍රාම වයසෙන් පසු ඇයට සේවා දිගුවක් ලබාදීමට අධ්‍යාපන ඇමතිවරයා සහ අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බව වාර්තා වෙයි.
විශාකා විදුහල්පතිනිය වයස 60 සම්පූර්ණ වීම නිසා විශ්‍රාම යෑමට නියමිතව ඇත්තේ නොවැම්බර් 16 වැනිදාය.


2019 සැප්තැම්බර් 25 වැනි දින විදුහල්පතිනි සඳමාලි අවිරුප්පොල මහත්මියට එරෙහිව රාජකාරි පැහැර හැරීම හා/හෝ විෂමාචාරයන්හි යෙදීම පිළිබඳ චෝදනා 15ක් ඇතුළත් චෝදනා පත්‍රයක් රාජ්‍ය සේවා කොමිසමේ අධ්‍යාපන සේවා කමිටුවේ ලේකම් ඒ ඩබ්ලිව් ආර් විමලවීර නිකුත් කර තිබේ. එම චෝදනා සියල්ලකම පාහේ සඳහන් වන්නේ, 2019 වසරේ විදුහලට ඇතුළත් කරගැනීමේ සම්මුඛ පරීක්‍ෂණ මණ්ඩලයේ සභාපති හැටියට හිඳිමින් පාසලට දැරියන් ඇතුළත් කර ගැනීමේදී, ඔවුන්ට ලබාදිය යුතු ලකුණු ප්‍රමාණයට වඩා වැඩි ලකුණු ප්‍රමාණයක් ලබාදීම ඇතුළු අක්‍රමිකතා සිදුකිරීම් ගැනය.


මෙම චෝදනා පිළිබඳ විනය පරීක්‍ෂණය තවමත් අවසන්ව නැත. එහෙත්, විදුහලේ ආදි ශිෂ්‍යා සංගමයේ සහ වෙනත් බලවත් පුදගලයන්ගේ බලපෑමෙන් ඇයට සේවා දිගුවක් ලබාදීම සඳහා අධ්‍යාපන ඇමතිවරයා හා අමාත්‍යාංශය කටයුතු කරමින් තිබෙන බව වාර්තා වෙයි.■

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි