■ ඉඳුවර බණ්ඩාර
පළාත් පාලන ආයතනවල සභික සංඛ්‍යාව අඩු කළ යුතු බව එම ආයතනවල මැතිවරණ ක්‍රමය සමාලෝචනය සඳහා පත්කළ කමිටුව ඒ සම්බන්ධයෙන් වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට දැනුම් දී ඇත.
එම කමිටුව සැප්තැම්බර් 02 දින පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ එම දැනුම් දීම කළ බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශය නිවේදනය කරයි.
පළාත් පාලන ආයතනවල සභික සංඛ්‍යාවෙන් සියයට 70ක් කොට්ඨාශ පදනම මතද ඉතිරි සියයට 30ක ප්‍රමාණය සමානුපාතික ක්‍රමය මතද තෝරාපත් කළ යුතු බව එම කමිටුව නිර්දේශ කර ඇති අතර පළාත් පාලන ආයතනවල සභික සංඛ්‍යාව නිර්ණය කිරීම සඳහා පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරුන් තෝරා ගන්නා සමානුපාතික ක්‍රමය යොදා ගැනීම නිර්දේශ කර ඇත.
ජයග්රාහි පක්ෂ සඳහා ප්‍රසාද ආසන සංඛ්‍යාවක් හඳුන්වාදීම, පළාත් පාලන ආයතන නියෝජනයක් ලබා ගැනීම සඳහා කිසියම් පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 2.5ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් ලබා ගැනීම, බහු මන්ත්‍රී කොට්ඨාශ සඳහා තෝරා ගන්නා ආකාරය වෙනස් කිරීම එම කමිටුව නිර්දේශ කර ඇති අනෙකුත් යෝජනා බව පාර්ලිමේන්තු සන්නිවේදන අංශයේ නිවේදනයේ සඳහන් වේ.#
පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපතිත්වය අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන දරන අතර සමාලෝචන කමිටුවේ සභාපතිවරයා ලෙස ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් ආර්ඒඒකේ රණවක කටයුතු කරයි. එහි සෙසු සාමාජිකයින් වන්නේ මහාචාර්ය සුදන්ත ලියනගේ හා හිටපු අමාත්‍යාංශ ලේකම් ජයලත් රවී දිසානායකය.■