■ අනුරංග ජයසිංහ
සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පසුගිය කාලයේ මැරුම් කෑවේ තර්ඩ් ක්ලාස් මාධ්‍යවේදියෝ යැයි කියමින් මාධ්‍යවේදියෙකුට තර්ජනය කරන වීඩියෝවෙන් ජනමාධ්‍යවේදීන් මරාදැමීම සාධාරණය කරන සූත්‍රයක් නිර්මාණය කරන බවත් එම වෛද්‍යවරයා ජනමාධ්‍ය සමාජයෙන් සමාව ගැනීමට යොමු කිරීම සෞඛ්‍ය ඇමතිවරියගේ වගකීමක් බවත් මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනය සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි වෙත යොමු කළ ලිපියක සඳහන් වේ.
එම සංගමයේ ප්‍රධාන ලේකම් ධර්මසිරි ලංකාපේලිගේ අත්සනින් යුතුව ජූනි 06 දිනැති එම ලිපියේ වැඩිදුරටත් මෙසේ සඳහන්ය.
‘ඔබ අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස හඳුන්වාලනු ලබන විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා විසින් 2021 ජූනි 03 දින කැඳවන ලද මාධ්‍ය හමුවකදී නඟන ලද ප්‍රශ්නයක් පිළිබඳව වියරුවෙන් හැසිරෙන වීඩියෝ පටයක් පසුගියදා සමාජ මාධ්‍ය හරහා සංසරණය වීම අප සම්මේලනයේ අවධානයට යොමුව තිබේ.’
‘මහනුවර දිස්ත්‍රික්කයේ ස්පුට්නික් ඪ එන්නත විදීමේදී එන්නත්ලාභීන්ගෙන් ප්‍රකාශයකට අත්සන් ලබාගැනීම පිළිබඳ ව ශ්‍රී ලංකාව තුළ මතු වී තිබෙන ආන්දෝලාත්මක ප්‍රශ්ණය ඔහු විමසා තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශ බලධරයන්ගෙන් විමසා ඒ පිළිබඳව රටේ ජනතාවට නිවැරදිව වාර්තා කිරීම ජනමාධ්‍යවේදීන්ගේ වගකීම වේ. මාධ්‍ය හමුව අවසන් කළ වෛද්‍යවරයා නැවත මාධ්‍යවේදීන් වෙත පැමිණ, “කෝ අර වීරයා”යනුවෙන් ප්රශ්නය විමසූ මාධ්‍යවේදියා වෙත යොමුවෙමින් “තර්ඩ් ක්ලාස් මාධ්‍යවේදියෙක් වෙන්න එපා….පසුගිය කාලයේ මැරුම් කෑවේ තර්ඩ් ක්ලාස් මාධ්‍යවේදියෝ …” යනුවෙන් තර්ජනාත්මකව ප්‍රකාශකර තිබේ.’
‘සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිළධරයෙකු හා විශේෂඥ වෛද්‍යවරයෙකුගේ වෘත්තීය ගරුත්වයට තරම් නොවන එම ප්‍රකාශය හා ඔහුගේ හැසිරීම අප සම්මේලනය දැඩි ලෙස හෙළාදකිනු ලබයි. එමගින් පසුගිය කාලයේ
ජනමාධ්‍යවේදීන් මරාදැමීම සාධාරණය කිරීමට සූත්‍රයක් නිර්මාණය කරන අතර ම, ජනමාධ්‍යවේදීන් වෙත බියකරු තර්ජනයක් එල්ල කරන බව ප්‍රකාශ කරන්නට ද සම්මේලනය මැළි නොවේ. මෙම නිළධාරියා සිදුකරන ලද එම ප්‍රකාශය පිළිබඳව මේ රටේ සමස්ථ ජනමාධ්‍ය සමාජයෙන් සමාව ගන්නනට යොමු කිරීම සෞඛ්‍ය ඇමැතිවරිය වශයෙන් ඔබතුමියගේ වගකීම බව සඳහන් කරන අතර ලිපියේ වැදගත්කම සලකා ජනමාධ්‍ය වෙත යොමු කරන බව ද සඳහන් කර සිටී.’■