No menu items!
20.1 C
Sri Lanka
20 January,2025

විපක්ෂයේ පක්ෂ පොදු වේදිකාවකට

Must read

ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවිරෝධී ක්‍රියාවලට විරෝධය දැක්වීම සඳහා විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන පොදු වේදිකාවක සිට අදහස් දැක්වීම සඳහා සාකච්ඡා කරමින් සිටින බව වාර්තා වේ.
ඒ සඳහා ආරම්භයක් ලෙස දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන එක්ව මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබැලීමේ කොමිසමේ නිර්දේශවලට එරෙහිව අදහස් දැක්වීමට යෝජනා කර තිබේ. දේශපාලන පක්ෂයක් නොවන සාධාරණ සමාජයක් උදෙසා ජාතික ව්‍යාපාරයේ මැදිහත්වීමෙන් එම මාධ්‍ය සාකච්ඡාව පැවැත්වීමට යෝජනා කර ඇත.
සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය යන පාර්ශ්වවල නියෝජිතයන් අතර සාකච්ඡා පවත්වා තිබේ. ඊට අමතරව සාධාරණ සමාජයක් උදෙසා ජාතික ව්‍යාපාරය, 43 කණ්ඩායම, මංගල සමරවීර මහතා ප්‍රමුඛ කණ්ඩායම සම්බන්ධ කරගැනීමට බලාපොරොත්තු වේ. සජිත් ප්‍රේමදාස සහ රනිල් වික්‍රමසිංහ අතරද සාකච්ඡාවක් පවත්වා ඇත්තේද ඒ වෙනුවෙනි.
මේ පිළිබඳ අදහස් දැක් වූ නම සඳහන් කිරීමට අකමැති පුද්ගලයෙකු කීවේ වෘත්තිය සමිති, සිවිල් සංවිධාන මෙන්ම පුද්ගලයන්ද එයට සම්බන්ධ කරගැනීමට බලාපොරොත්තුවන බවය.
එහිදී මූලිකවම සාකච්ඡා කර ඇත්තේ එම දේශපාලන පක්ෂ වෙන වෙනම පක්ෂ දේශපාලන කටයුතු කරන අතරතුර එක් දේශපාලන පෙරමුණක් ලෙස යම් යම් ගැටලුවදී අදහස් දැක්වීම පිළිබඳවය. මේ පිළිබඳ කළ විමසීමකදී අනිද්දා වෙත අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න ප්‍රකාශ කළේ තමා සහ රනිල් වික්‍රමසිංහ අතර පැවති සාකච්ඡාවෙන් පසු, ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් සමඟද සාකච්ඡා කළ බවය. ඉදිරි කාලසීමාවේදී ආර්ථික ප්‍රශ්න නිසා ආණ්ඩුව තවත් අසීරු තත්වයකට පත් විය හැකි බවත්, ප්‍රජාතන්ත්‍රවිරෝධී ක්‍රියාකාරකම් සහ මිලිටරිකරණය තවත් වැඩි විය හැකි බවත් රාජිත සේනාරත්න මහතා කීය. එයට එරෙහිව දේශපාලන පක්ෂ වෙන වෙනම කතා කිරීම වෙනුවට එක්ව කතා කළ යුතු බව ඔහු පැවසීය.■

 

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි