No menu items!
19.2 C
Sri Lanka
20 January,2025

අධ්‍යාපනයට නිසි ලෙස මුදල් යොදවා නෑ විගණකාධිපති වාර්තාවෙන් හෙළිවේ

Must read

අධ්‍යාපනය උදෙසා වෙන් කළ මුදල්වලින් මිලියන 90ක් ඊට අදාළ අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා භාවිත කර නොමැති බව 2019 වර්ෂයට අදාළව ඉදිරිපත් කරන ලද විගණකාධිපති වාර්තාවේ සඳහන් වේ. මේ පිළිබඳව අදහස් දක්වමින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පවසා සිටියේ මේ සම්බන්ධව සොයා බලා ඊට වගකිවයුත්තන්ට නිසි දඬුවම් ලබා දිය යුතු බවයි.

■ නිත්‍යා සෙව්වන්දි

රටේ අනාගතය තීරණය කරන්නා වූ එක් මූලික සාධකයක් බවට පත්වන්නේ අධ්‍යාපනයයි. නිදහස් අධ්‍යාපන මූලික අත්‍යාවශ්‍යතාවක් බවට පත් වී ඇත්තේ ද එබැවිනි. එහෙත් අධ්‍යාපනය උදෙසා පරිහරණය කරන සම්පත් දැන හෝ නොදැන අවභාවිතයට ලක් කරන්නේ නම්, එසේ අවභාවිත වන්නේ රටේ අනාගතයයි.
2020 ඔක්තොම්බර් 29 වැනිදා ඉදිරිපත් කරන ලද මෙම විගණකාධිපති වාර්තාවට අනුව අධ්‍යාපන අරමුණු ඉටු කරගැනීම සඳහා පාර්ලිමේන්තුව අධ්‍යාපන අමාත්‍යංශයට රුපියල් මිලියන 325කට නොඅඩු මුදලක් ප්‍රතිපාදන වශයෙන් සලසා තිබුණ ද ඉන් භාවිත වටිනාකම වී ඇත්තේ මිලියන 235ක මුදලකි, ඒ අනුව මුළු ප්‍රතිපාදන මුදලෙන් 27%ක් හෙවත් මිලියන 90ක මුදල් භාවිතය සම්බන්ධයෙන් සඳහනක් නොමැත. එම වාර්තාවට අනුව අධ්‍යාපන අමාත්‍යංශය පැහැර හැර ඇති වගකීම් ගණනාවක් පිළිබඳ දැක්වේ.
ඉන් කිහිපයක් මෙලෙස දැක්විය හැකිය.
සිසුන්ගේ ක්‍රීඩා දක්ෂතා වැඩි දියුණු කිරීම සඳහා ඇස්තමේන්තු කර ඇති රුපියල් මිලියන 18,394.5 කින් භාවිත කර ඇත්තේ රුපියල් මිලියන 237ක මුදලක් පමණි. එමෙන්ම ඊට අදාළ වැඩසටහන් නිසි පරිදි ක්‍රියාත්මක කර නොමැත.
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් 2016-2019 දක්වා කාලය තුළ උසස් පෙළ ධාරාවන්ට අදාළ ඉංග්‍රීසි හැර අනෙකුත් ප්‍රධාන විෂයන් සඳහා පෙළ පොත් 390,000කට අධික සංඛ්‍යාවක් මුද්‍රණය කර තිබුණ ද ඒවා බෙදා නොහැර වෙළඳසැල් හරහා අලෙවි කිරීමට කටයුතු කර ඇත.
ජාතික පාසල් සඳහා ළමුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛ උල්ලංඝනය කරමින් 2017 වසරේදී ජාතික පාසල් 109කට සිසුන් 6337ක් ද, 2018 වසරේ පාසල් 73කට සිසුන් 3339ක් ද 2019 වසරේ පාස්ල් 81 කට සිසුන් 6366ක් ද ඇතුළත් කර ඇති බව විගණනයේ සඳහන් වේ.
මීට අමතරව ගුරුවරුන්ගේ හිඟ වැටුප් නිසි පරිදි ගෙවා නොතිබීම, ගුරු අත්පොත් නිසි කලට බෙදා නොහැරීම, මානව සම්පත් කළමනාකරණය නිසි ලෙස සිදු නොවීම, පෙර පාසල් සම්බන්ධ කටයුතු අධ්‍යාපන අමාත්‍යංශ අධීක්ෂණයෙන් තොරව සිදු කිරීම යනාදි ක්‍රියාවන් පිළිබඳව ද අන්තර්ගත වේ.
රටේ පවතින අධ්‍යාපන ක්‍රියාවලියේ අඩුලුහුඬුකම් මේ වන විට ද මතු වෙමින් පවතී. ඒත් සමඟ ම අධ්‍යාපන ක්‍රියාවලිය උදෙසා වගකිවයුතු බලධාරීන් විසින් ම සිය වගකීම් පැහැර හරමින් සිදු කර ඇති අකටයුතුකම් පිළිබඳව හා ඊට වෙන් කර ඇති ප්‍රතිපාදන සම්බන්ධයෙන් සිදු වී ඇති සැබෑ තත්වය සොයා බලා ඊට වගකිවයුත්තන් නීතිය හමුවට ගෙනා යුතුයි. මන් ද යත් මේ සියල්ලන්ගෙන් ම වියැකී යන්නේ සිසු පරපුරේ අනාගතයයි. රටේ හෙට දවසයි.■

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි