No menu items!
19.9 C
Sri Lanka
20 January,2025

පොලීසියට නියෝග දෙන්න කමල්ට බෑ

Must read

සරත් වීරසේකර අමාත්‍යධුරය දරණ මහජන ආරක්ෂක අමාත්‍යාංශයට ලේකම්වරයෙක් නොමැති පසුබිමක එම අමාත්‍යාංශය යටතේ සිටින පොලිස්පතිවරයාට නියෝග දීමේ හැකියාවක් ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් කමල් ගුණරත්නට නොමැති බව හිටපු අමාත්‍යාංශ ලේකම් අශෝක පීරිස් පැවසීය.

ඔහු ඒ බව පැවසුවේ අප කළ විමසීමකදීය.

ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් කමල් ගුණරත්න නොවැම්බර් 30 වැනිදා පොලිස්පති  සී.ඩී. වික්‍රමරත්න වෙත නියෝගයක් නිකුත් කර තිබුණි. ඒ මහර බන්ධනාගාරයේ හටගත් නොසන්සුන් තත්වය පිළිබඳ විශේෂ විමර්ශනයක් සිදු කරන ලෙස දැනුම්දෙමිනි.

අමාත්‍යාංශයක ලේකම්වරුන් සඳහා ව්‍යවස්ථා සංග්‍රහයක් පවතින බව ඔහු කීය. ඒ අනුව අමාත්‍යවරයාට තමන් යටතේ ඇති දෙපාර්තමේන්තුවලට නියෝග දීමේ බලයක් ඇති නමුත්, වෙනත් අමාත්‍යාංශ යටතේ පවතින දෙපාර්තමේන්තුවලට නියෝග දීමේ හැකියාවක් නැති බව ඔහු පෙන්වා දුන්නේය. එසේ නොමැති නම්, වෙනත් අමාත්‍යාංශයක් සඳහා වැඩ ආවරණය කිරීමේ පත්වීමක් ලබා දිය යුතු බව ඔහු කීය.

ජනාධිපතිවරයා පසුගිය මාසයේ පත් කළ තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ජයන්ත ද සිල්වා මහතා පත් කළද, මහජන ආරක්ෂක අමාත්‍යාංශයට ලේකම්වරයෙක් පත් කළේ නැත.

ඊට අමතරව සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ අමාත්‍යවරිය දිවුරුම් දුන් ප්‍රාථමික සෞඛ්‍ය, වසංගත රෝග සහ කොවිඞ් රෝග පාලන රාජ්‍ය අමාත්‍යාංශය ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත් නොකිරීම ගැටලුවක් බවත් ඔහු පැහැදිලි කළේය. යම් අමාත්‍යාංශයක අමාත්‍යවරයෙකු දිවුරුම් දුන්නේ නම්, ඒ සැණින් අමාත්‍යාංශයේ විෂය පථය ඇතුළත් ගැසට් නිවේදනයක් අවශ්‍ය බව ඔහු කීය. එසේ නැති නම්, මෙය හුදු නාමික තනතුරක් පමණක් වන බව ඔහු කීය.

මීට පෙර ආරක්ෂක අමාත්‍යාංශයක් තිබියදී අමාත්‍යවරයෙකු නොසිටි බවත් සිහිපත් කරමින් ඔහු ප්‍රකාශ කළේ, මෙය බරපතල වරදක් බවය.■

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි