ශ්‍රී ලංකාව කොවිඩ් වසංගතයේ දෙවන රැල්ල මැඬලීම වෙනුවෙන් මේ වන විට ගෙන තිබෙන්නා වූ මැදිහත්වීම් පිළිබඳ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ ප්‍රසාදය හිමිව තිබේ. මෙම අවස්ථාවේදී රට මුහුණදී තිබෙන ‘හදිසි සෞඛ්‍යය තත්ත්වය’ තුළ රටේ පොදු ජන සෞඛ්‍යය සුරැකීමේ පරම අභිලාෂය සපුරා ලනු වස්, මහජනතාවගේ සංචරනයේ නිදහස සීමා කිරීම පිළිබඳ කොමිසම තවදුරටත් අවධානය යොමු කර සිටියි. එමෙන්ම වෛරසය පැතිරීමේ භීතිය පුළුල් වශයෙන් ව්‍යාප්ත වනවාත් සමඟම රටේ බොහෝ තැන්හි පුද්ගලයින් විශාල වශයෙන් නිරෝධායන ක්‍රියාවලියට නතු වී ඇති බවත්, එම ක්‍රියාවලියට අඳාළව පැමිණිළි සහ විවිධ ආකාරයේ ප්‍රකාශන ලැබී ඇති බවත් කොමිසමේ නිරීක්ෂණය වී තිබේ.
මෙහිදී කොවිඩ් 19 ආසාදිතයින්ගේ පළමු ආශ්‍රිතයින් නිරෝධායන මධ්‍යස්ථාන කරා නොයවා ඔවුන්ගේ නිවෙස් තුළම නිරෝධායනය කිරීම පිළිබඳ ගෙන ඇති තීන්දුව කොමිසමේ පැසසුමට ලක්ව තිබේ. එම පුද්ගලයින්ට තම නිවෙස්වලම නිරෝධායනය වීමට සැලැස්වීම දැනට ඇති වඩාත්ම හොඳ විකල්පය වනු ඇති බව ඔවුන් තවදුරටත් අවධාරණය කරයි.
රටේ පොදු ජනතාවගේ අදහස් උදහස්වලට නිසි අවධානය යොමු කරමින්, පුද්ගලයින්ගේ නිදහස සීමා කිරීම පිළිබඳ සීමාවන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර මානව හිමිකම් නීතීන්ට අනුකූලද යන්න නිරීක්ෂණය කිරීමට 1996 අංක 21 දරණ පනත යටතේ මානව හිමිකම් කොමිසමට බලය පැවරී ඇත. එකී පැවරීම යටතේ කොමිසම විසින් නිරෝදායන ක්‍රියාවලිය සම්බන්ධයෙන් මාර්ගෝපදේශ මාලාවක් ඉදිරිපත් කර තිබේ.
කොමිසට අනුව නිරෝධායන ක්‍රියාවලිය යටතේ නියාමනයට ලක්ව ඇත්තේ මොනවාද? නිසි අධිකාරිය විසින් බලතල පැවරීමේ විනිවිදභාවයක් පැවතිය යුතුය. එමෙන්ම නම් කරන ලද යෝජිත පිරිස්හි පරීක්ෂණය සඳහා පූර්ණ බලතල ලබා දීම සිදු විය යුතුය. නිරෝධායන මධ්‍යස්ථාන වශයෙන් නම් කර ඇති ස්ථාන සහ එසේ නම් කිරීමේ අධිකාරිය ලයිස්තුගත කළ යුතුය. රෝග ආශ්‍රිතයින්ට අවශ්‍යය වන නිරෝධායන කාල රාමුව විධිමත් ලෙස ඉදිරිපත් කළ යුතුය. නිරෝධායනය කිරීමට හේතුව සහ ඔවුන් නිරෝධායනය කළ ස්ථානය සහ නිරෝධායනය වුණු කාලය කොපමණද යන කාරණා ඇතුළත් පත්‍රිකාවක් නිරෝධායනය අවසන් කරන අය වෙනුවෙන් ලබාදීමේ ක්‍රමවේදයක් සැකසිය යුතුය. නිරෝධායන මධ්යස්ථායන්හි බාහිර පරීක්ෂාව විශේෂයෙන්ම නිසි බලධාරීන් විසින් සිදු කිරීමට කටයුතු කිරීම කළ යුතුය. නිරෝධායනය වන්නන් පිළිබඳ පොදු මතය ඔවුන් අපරාධකරුවන් නොව අවාසනාවන්ත වසංගතයක වෛරයට ගොදුරු වූවන් බව අවධාරණය කළ යුතුය. එමෙන්ම යෝජිත නිරෝධායන පර්යන්තයන් මෙහෙයවන්නන්ට මාධ්‍ය වෙත තොරතුරු ලබාදීම තහනම් කිරීම කළ යුතුය. මෙම නිර්දේශ කොමිසම විසින් ඉදිරිපත් කර තිබේ.
තවද, නිරෝධායන ක්‍රියාවලිය තුළදී ඇති වන දුෂ්කරතා සමනය කර ගැනීම වෙනුවෙන්ද කොමිසම නිර්දේශ ඉදිරිපත් කරයි. එනම් නිරෝධායන කාල සීමාව තුළ එම පුද්ගලයින්ට වැටුප් සහිත රාජකාරී නිවාඩු සැලසිය යුතුය. එමෙන්ම නිරෝධායනයේ යෙදී සිටින කුටුම්භයන් වෙත මූල්‍යමය හෝ වෙනත් ආකාරයකින් ආධාර ලබාදීමට මැදිහත් විය යුතුය. එමෙන්ම පුද්ගලයකු නිරෝධායනට යොමු වීමත් සමඟම ප්‍රදේශයේ ග්‍රාම නිළධාරී වෙන නිල දැනුවත් කිරීම කළ යුතුය. ඉන් පසුව ග්‍රාම නිළධාරී විසින් එම පවුල්වල සිටින අවදානම් සහගත යැපෙන්නන් පිළිබඳව නිසි බලධාරීන් දැනුවත් කළ යුතුයි සහ ඔවුනට සහාය වීමට මැදිහත් විය යුතුය.
තවදුරටත් අදහස් දක්වන කොමිසම අවධාරණය කරන්නේ, රටේ මහජන සෞඛ්‍යය බලධාරීන් විසින් ඉදිරිපත් කර ඇති සෞඛ්‍යය මාර්ගෝපදේශයන්ට පටහැණිව හෝ කොවිඩ් 19 වසංගතය සම්බන්ධයෙන් හෝ පොදුවේ මහජන සෞඛ්‍යයට හානි පැමිණෙන අයුරින් හෝ කිසිදු පුද්ගලයකු මෙම නිර්දේශ භාවිත නොකරනු ඇතැයි කොමිසම අපේක්ෂා කරන බවයි. එමෙන්ම කොමිසම අවසාන වශයෙන් පවසන්නේ, කොවිඩ් 19 ආසාදිත රෝගීන්ගේ පළමු ආශ්‍රිතයින් ඔවුන්ගේ නිවෙස් තුළම නිරෝධායනය කිරීමට බලධාරීන් අවධානය යොමු කිරීම තුළ තමන් ලයිස්තුගත කළ යෝජිත කරුණු බොහෝමයක්ම ඉවත්ව යා හැකි බවයි.
පවිත්‍රා රූපසිංහ