මැද පෙරදිග හැර යුරෝපයේ හෝ වෙනත් රටක සිට පැමිණෙන පුද්ගලයන් නිරෝධායනය වීම සඳහා මුදල් ගෙවා හෝටලයක් වෙන් කරවාගැනීම අනිවාර්ය වී ඇති බව වාර්තා වේ.
අන්තර්ජාලය හරහා ගුවන් ටිකට්පත් වෙන් කර ගන්නා යුරෝපයේ සිට ලංකාවට ඒමට බලාපොරොත්තු වන අයෙක් නම් ගුවන් ගමන සදහා ටිකට් පත ලබා ගන්නේ නම් එම අවස්ථාවේදීම නිරෝධායනය සදහා හෝටලයක් තෝරා ගත යුතු බවත් එම නිසා විශාල පිරිසක් අපහසුතාවට පත් වී ඇති බවත් වැඩිදුරටත් වාර්තා වේ.
මේ පිළිබඳ විමසීමකදී කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ මාධ්‍ය අධ්යක්ෂ ලුතිනන් කර්නල් පී. හෙට්ටිආරච්චි, නොයෙකුත් සමාගම් ඒ ආකාරයෙන් විදෙස්ගත වී මෙරටට පැමිණීමට බලාපොරොත්තු වන ලාංකිකයන් අපහසුතාවට පත් කරන බවත් ගුවන් ටිකට්පත් වෙන් කර ගැනීමේදී තමන් අතේ මුදල් නොමැති බව පවසා නිරෝධායනය වීම සඳහා රජයේ නිරෝධායන මධ්‍යස්ථාන තෝරා ගත හැකි බවත් පැවසීය.■