No menu items!
23.3 C
Sri Lanka
22 November,2024

විස්සේ තීන්දුවට ශ්‍රීලනිප කමිටුවක්

Must read

විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහයෝගය පළකරනවාද නැද්ද යන්න තීන්දු කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවෙන් කමිටුවක් පත් කරන බව අනිද්දා කළ විමසීමකදී එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පැවසීය.

මීට පෙර ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්වීමේදී විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය  ගැන තීන්දු කිරීමට සහ යෝජනා ඉදිරිපත් කිරීමට එකඟ වූ බව ඔහු කීය. ඒ සඳහා කමිටුවක් පත් කිරීමටද එම මධ්‍යම කාරක සභා රැස්වීමේදී තීන්දු කළ බව ඔහු වැඩිදුරටත් පැවසීය.

ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවට හා ජනාධිපතිධුරයට තේරී පත්වීමට අවස්ථාව ලබාදීම විසිවැනි සංශෝධනයෙන් යෝජනා කර තිබීම පිළිබඳ විරෝධය පළ කරමින් මහාචාර්යවරයා කර ඇති අදහස් දැක්වීම පිළිබඳ විමසූ අවස්ථාවේ තම පෞද්ගලික මතය ඒ මොහොතේ ප්‍රකාශ කළ බව ඔහු කීය. විසිවැනි සංශෝධනය ගැන එවැනි විවිධාකාරයේ පක්ෂ සහ විපක්ෂ අදහස් ශ්‍රීලනිප නායකයන් අතර පවතින බවත් ඒවා සාකච්ඡාවට ලක් කොට නිල තීන්දුවක් ගන්නා බවත් ඔහු කීය.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග කොට ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් 13 දෙනෙකු තේරී පත් වූ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිව තරඟ කොට යාපනය දිස්ත්‍රික්කයෙන් අංගජන් රාමනාදන් මන්ත්‍රීවරයා තේරී පත් විය.

පසුගිය පාර්ලිමේන්තුව සමයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය වෙත යෝජනා ඉදිරිපත් කිරීම සඳහා ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ නායකත්වයෙන් යුත් කමිටුවක් පත් කළේය. එම කමිටුවේ නිර්දේශ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවලියෙන් විධායක ජනාධිපතිවරයාගේ බලතල සීමා කළ යුතු බව යෝජනා කර තිබුණි.■

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි