පිටකොටුව ප්‍රදේශයේ සිටි පදික වෙළෙන්දන්, යාචකයන්, ලිංගික ශ්‍රමිකයන්, මුට්ට කරගසන්නන් ඇතුළු 300කට වැඩි පිරිසක් දින දෙකක් තිස්සේ ගුණසිංහපුර බස් නැවතුම්පොළෙහි රඳවාගෙන සිටින බව වාර්තා විය. අනිද්දා කළ විමසීමකදී වේල්ල වීදිය පොලීසියේ ස්ථානාධිපති සී.අයි. අජිත් පේදුරුආරච්චි පැවසුවේ 312 දෙනෙකු එලෙස රඳවාගෙන සිටින බවය.
මේ අතරින් දෙදෙනෙකු කොළඹ ජාතික රෝහලට කොවිඞ්-19 රෝග ලක්ෂණ සමඟ ඇතුළත් කර ඇති බවත්, ඒ අතරින් එක් අයෙකු රෝහලෙන් පැන ගොස් ඇති බවත් වාර්තා වූ අතර අප කළ විමසීමකදී කොවිඞ් 19 සම්බන්ධ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ලූතිනල් කර්නල් හෙට්ටිආරච්චි ඒ බව තහවුරු කළේය.
ඒ අනුව භයානක පැනයක් අප ඉදිරියේ ඇත. කොවිඞ්-19 රෝගය පිටකොටුව වෙත පැමිණියාද යන්න ඒ පැනය වේ. පිටකොටුව ආශ්‍රිතව රෝගය පැතිර ගියහොත්, එය කෙතරම් දුරට පැතිර යනු ඇතිද යන අවදානම බැහැර කළ නොහැකිය. ඒ නිසා වඩාත් විමසිලිමත් වීම යහපත්ය.
මේ තත්වය පිළිබඳව විමසීම සඳහා කොවිඞ්-19 පිළිබඳ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ලූතිනන් කර්නල් හෙට්ටිආරච්චිව සම්බන්ධ කරගත් විට ඔහු පැවසුවේ පිරිසක් එම බස් නැවතුම් පොළෙහි රඳවා තබා ගෙන ඇති බවත් පුද්ගලයන් කීදෙනෙක් සීටිදැයි තවමත් ගණනය කරන බවත් එම ස්ථානයේ කටයුතු භාරව ඇත්තේ නාවික හමුදාව බැවින් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සම්බන්ධ කරගෙන ඉතිරි තොරතුරු ලබා ගන්නා ලෙසත්ය.
නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලූතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණඩාරගෙන් කළ විමසීමකදී ඔහු පැවසූවේ එම ස්ථානයේ රඳවා තබා ගෙන සිටි පුද්ගලයන් පිරිසගෙන් නාවික හමුදාව භාරගත් පිරිස නාවික හමුදාව පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කර ඇති බවත් මේ වන විට එම ස්ථානයේ රඳවා තබා සිටින පුද්ගලයන් පිළිබඳව තමන් නොදන්නා බවත්ය. එබැවින් කොවිඞ් 19 සම්බන්ධයෙන් පිහිටුවා ඇති මධ්‍යස්ථානයෙන් ඒ පිළිබඳව තොරතුරු ලබා ගත යුතු බව ඔහු කීය.
වාර්තා වන ආකාරයට අපේ‍්‍රල් 16 වැනිදා පිටකොටුවේ සිටි පුද්ගලයන් අතරින් 100ක පමණ පිරිසක් මීට පෙර නිරෝධායන කඳවුරුවලට රැුගෙන ගොස් ඇත.
ඒ අනුව පෙනී යන්නේ ඉතිරි වී සිටින පුද්ගලයන්ට කරන්නේ කුමක්දැයි නාවික හමුදාව වගකීමක් නොගන්නා බවය. යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බි්රගේඩියර් චන්දන වික්‍රමසිංහගෙන් මේ පිළිබඳව විමසීමට උත්සාහ කළද, ඔහු සම්බන්ධ කරගැනීමට නොහැකි විය.
වේල්ල වීදීය පොලිසියේ ස්ථානාධිපති සී.අයි. අජිත් පේදුරුආරච්චිගෙන් මේ පිළිබඳව අප විමසීමක් කළේ ඒ අනුවය. ඔහු පැවසුවේ පිරිස කඩිනමින් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යැවීමට සූදානම් කර ඇති බවය. එම ස්ථානයේ පුද්ගලයන් 312ක් මේ වන විටත් රඳවාගෙන සිටින බව ඔහු කීය.
එම ස්ථානයේ සිට රෝහල්ගත කළ පුද්ගලයන්ට කොවිඞ්-19 තිබේදැයි තහවුරු කරගත්තාද නැද්ද යන්න මෙම සටහන ලියන මොහොත වනවිටත් තහවුරු කරගැනීමට නොහැකි විය.
කෙසේ වෙතත් පිටකොටුව ප්‍රදේශයේ සිටින පිරිස් නිරෝධායනයට යොමු කිරීම අවදානම් සහගත තත්වයක් නිසා ගත් පියවරක් බව පැහැදිලිය.
මෙලෙස රඳවා තබාගත් පුද්ගලයන් සුළු රැුකියාවල යෙදෙන පුද්ගලයන්ය. නැතිනම් යාචකයන්ය. සැලකිය යුතු පිරිසකට තමන්ගේ විස්තර තහවුරු කරගැනීමට අදාල ලේඛන සහ ඇඳුම් පැළඳුම් පවා නැත. මෙලෙස රඳවා තබාගත් පුද්ගලයන් වේල්ල වීදිය පොලීසිය හා සෞඛ්‍ය අංශවල මැදිහත්වීමෙන් අපේ‍්‍රල් 17 වැනිදා ජල බවුසර් පාවිච්චි කොට නහවා ඇත. ඉන්පසුව ඇඳුම් පැළඳුම් ලබාදී ඇත.
ඇතැම් විට මෙම පුද්ගලයන්ගේ සමාජ තත්වය නිසා ඔවුන් නිරෝධායන කඳවුරුවල රඳවාගැනීමට යුද හමුදාව හා නාවික හමුදාව අකැමැත්තක් දක්වනවා විය හැකිය.
මෙම පිරිස අතර රෝගය තිබේයැයි තහවුරු කළහොත් ඔවුන් ඇසුරු කළේ කා සමඟද යන්න සෙවීම අසීරු වනු ඇත. රෝගය පැතිර ගියාද යන්න අවබෝධ කරගැනීමත් අසීරු වනු ඇත. මෙම පිරිස එක් තැනක රඳවාගැනීම අසීරු බවද අප සමඟ මේ පිළිබඳව අදහස් දැක්වූ නිලධාරීන් කී කතාවය. ඒ අනුව මේ සියලූදෙනාම පීසීආර් පරීක්ෂණයට ලක් කොට තත්වය නිවැරදිවම අවබෝධ කරගැනීම වැදගත්ය.
තත්වය පිළිබඳව විමසීම සඳහා සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ සම්බන්ධ කරගැනීමට අප ගත් උත්සාහය අසාර්ථක විය.