No menu items!
20.9 C
Sri Lanka
19 January,2025

අපේ‍්‍රල් මුල ඡන්දය නෑ

Must read

වත්මන් පාර්ලිමේන්තුවේ සාමාජිකයන් අතරින් තුනෙන් දෙකකට වැඩි අනුමැතියෙන් විසුරුවා හැර සිංහල හින්දු නව වසරට පෙර මහමැතිවරණය පැවැත්වීමේ සැලසුමක් ඇතැයි මාධ්‍යවල ප‍්‍රචාරය වුවද, මැතිවරණ කොමිසමට එම දිනවල මැතිවරණය පැවැත්වීමේ හැකියාවක් නැතැයි දැනුම් දුන් නිසා එම උත්සාහය අත්හැර දමා ඇතැයි වාර්තා වේ.

මේ පිළිබඳව පැහැදිලි කරමින් මැතිවරණ කොමිෂන් සභාවේ ඉහළ නිලධාරියෙකු ප‍්‍රකාශ කළේ පාර්ලිමේන්තුව විසුරුවා හරින දිනයේ සිට මැතිවරණය පවත්වන දිනය දක්වා අවම වශයෙන් දින 52ක්වත් තිබිය යුතු බවය. පෙබරවාරි 20 වැනිදායින් පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ තීන්දුවක් ගතහොත් අපේ‍්‍රල් මාසයේ මුල් සති දෙක ඇතුළත මැතිවරණය පැවැත්විය නොහැකි බව ඔහු කීය.

මේ පිළිබඳව අදහස් දක්වමින් ආණ්ඩුවේ දේශපාලන පක්ෂයක නායකයෙකු පෙන්වාදුන්නේ පාර්ලිමේන්තුව මීළඟට රැුස්වීමට නියමිත දිනය පෙබරවාරි 18 වැනිදා බවත් එදිනම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ යෝජනාවක් සම්මත කරගත නොහැකි බවත්ය. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳ දේශපාලන එකඟතාවක් ඇති කරගෙන එම යෝජනාව සම්මත කරගැනීම පෙබරවාරි 20 වැනිදාට පෙර කළ නොහැක්කක් බවද ඔහු කීය.

2015 සැප්තැම්බර් 01 වැනිදා සිට ක‍්‍රියාත්මක වන වත්මන් පාර්ලිමේන්තුවේ කාලසීමාව අවසන් වන්නේ 2020 සැප්තැම්බර් 01 වැනිදාය. ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් අවසරය ලැබෙන්නේ 2020 මාර්තු 01 වැනිදා සිටය. එදිනට පාර්ලිමේන්තුව විසුරුවා හරින බව ජනාධිපතිවරයා දැනටමත් ප‍්‍රකාශ කර ඇත. පාර්ලිමේන්තුව ඊට පෙර පෙර විසුරුවා හැරීමට නම් මන්ත‍්‍රීවරුන්ගේ තුනෙන් දෙකක අනුමැතියක් අවශ්‍ය වේ.

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි