No menu items!
21.4 C
Sri Lanka
19 January,2025

අපි කවදාවත් ජාතිවාදී දේශපාලනයට යන්නේ නැහැ

Must read

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂ ද සිල්වා



මහමැතිවරණයට පෙර එජාපයේ ප‍්‍රතිසංස්කරණයක් වෙන්න ඕනෑ බවට ලොකු හඬක් තියෙනවා. සිදුවිය යුතු වෙනස ගැන ඔබේ අදහස මොකක්ද?

පසුගිය ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද යූඇන්පීකාරයන්ගේ ඡුන්ද සජිත් පේ‍්‍රමදාසට ලැබුණු බව පැහැදිළියි. රනිල් වික‍්‍රමසිංහ නායකතුමා ඡුන්දය ඉල්ලූ‍වානම් යූඇන්පීකාරයන් හැමෝගේම ඡුන්ද නොලැබෙන්න ඉඩ තිබුණා. යූඇන්පී ඡුන්දදායකයන් වැඩි පිරිසක් ඇදගැනීමේ හැකියාව සජිත් පේ‍්‍රමදාස මහතාට තමයි තිබුණේ. එහෙත් ජනාධිපතිවරණයේදී අපට ආවේ නැත්තේ අපි පාවෙන ඡුන්ද කියලා හඳුන්වන කොටස. ඒකට හේතු ගොඩක් තියෙනවා. එක් ප‍්‍රධාන හේතුවක් තමයි අපි රටේ ප‍්‍රධාන ජනකොටස වන සිංහල බෞද්ධ ජනතාව එජාපය අමතක කළාද කියන හැඟීම මිනිසුන්ට එන්නත් කිරීම. ජනතාවගේ හිතේ පොඩි චකිතයක් ඇතිකළා. ඒක අපේ ක‍්‍රියාකලාපය නිසා ඉබේ සිද්ධවෙච්ච දෙයක් නෙවෙයි. ඉතාම සංවිධානාත්මකව කළ දෙයක්. ඒ ප‍්‍රචාරයට හරිහැටි උත්තර දෙන්න නායකත්වය අසමත් වුණා.
මම ඒ ගැන එක් කෙනෙකුට දොස් පවරන්නේ නැහැ. සියළුදෙනාට එය කරන්න බැරිවුණා. එහෙත් නායකත්වයට එතැනදී ලොකු වගකීමක් තිබුණා පක්ෂයට පාරවල් වදිනකොට උත්තර දෙන්නට. අසාධාරණ විදියට කරන ගහපු බෞද්ධ විරෝධී ලේබල් ගලවාගන්න ඕනෑ. අපි ගැන සැබෑ තත්වය ජනතාව දකින පැත්තට යොමු කරගන්න ඕනෑ. එවැනි විවේචනවලට හේතුව හොයලා ඒ හේතුව ඉවත් කරන්න ඕනෑ. ඇත්තටම අපේ පක්ෂය සිංහල බෞද්ධ කණ්ඩායමට අඩුවෙන් සලකන පක්ෂයක් නෙවෙයි.

මධ්‍යම පන්තියේ සහයෝගයත් එජාපයට අහිමිවුණා නේද?

මැද පන්තිය අපට නැතිවණේ පෙර මැතිවරණවලදී පොරොන්දු වුණ ඇතැම් දේවල් කළේ නැති නිසා. හොරු අල්ලන කතාව එක් උදාහරණයක්. හොරු අල්ලන්නේ නැතිවෙන්නට අපේ පැත්තෙන් කට්ටිය මැදිහත්වුණා. රාජපක්ෂලාව බේරාගැනීමේ උත්සාහයක් තිබුණා. සමහර ලොකු මිනිස්සුන්ගෙන් පවා එහෙම මැදිහත්වීම් තිබුණා. ඒක තමයි තිත්ත ඇත්ත. මේ පරීක්ෂණ ඉදිරියට ගියේ නැත්තේ මොකද කියන ප‍්‍රශ්නය තිබුණා. හොරු අල්ලන්න ආපු මිනිස්සුන්ට චෝදනා එල්ල වුණා. බැඳුම්කර ගණුදෙනුව පිළිබඳ චෝදනා මුල සිට අවසානය දක්වාම ආණ්ඩුවට පාරාවළල්ලක් වුණා. තවත් පැත්තකින් විපක්ෂය විදියට වත්මන් ආණ්ඩුව ජාතිවාදය ඇවිස්සුවා. පාස්කු ප‍්‍රහාරයත්, ඒක එන්න කලින් 2018 පෙබරවාරි මාසයේදී ඇතිවුණ ජාතිවාදී කලබලත් එක්ක ජාතිවාදී ප‍්‍රවණතා වර්ධනය වුණා. අපි හරියට මේවාට විරුද්ධව පෙනී සිටියේ නැහැ.
එවැනි පසුබිමක ඡුන්දයට මාසයක් තිබියිදී සජිත් පේ‍්‍රමදාසව දාලා ඡුන්දය දිනන්න බෑ. අපි මේවා ගැන සමීක්ෂණ දිගටම කළා. අපි හිටියේ කොහේද කියලා දැනගෙන තමයි මැතිවරණ ව්‍යාපාරය පටන්ගත්තේ. ඇත්තටම සජිත් පේ‍්‍රමදාස මහතාව දාපු නිසා තමයි ඡුන්ද ලක්ෂ 56ක් අරගන්න පුළුවන් වුණේ. ඒ ඡුන්ද ප‍්‍රමාණය සුළු ප‍්‍රමාණයක් නෙවෙයි. මේ රටේ මිනිස්සු තමයි අපටත් ඡුන්දය දුන්නේ. ඇත්තටම මම මේක දකින්නේ සජිත්ගේ පරාජයක් හැටියට නෙවෙයි. යූඇන්පී කණ්ඩායමේ පරාජයක් හැටියට. හිටපු අගමැතිතුමා දිගටම නායකත්වයේ ඉන්න කතාව දිගටම අඩු වැඩි වශයෙන් බලපෑවා. මේක පැරදුණේ මිනිස්සුන්ට එක්සත් ජාතික පෙරමුණ පිළිබඳ තිබුණු විශ්වාසය කඩාවැටුණු නිසා.

පාස්කු ඉරිදා ප‍්‍රහාරයට කලින් ශ‍්‍රී ලංකාවේ ජාතිවාදී ප‍්‍රවණතා වර්ධනය කෙරෙන සිදුවීම් ගණනාවක් වුණා. තෙල්දෙණියේ පහරදීම් මෙන්ම මාවනැල්ලේ බුදුපිළිම කැඞීම් සිද්ධවුණා. ඒ කණ්ඩායම් ගැන නීතිය ක‍්‍රියාත්මක නොකර ආණ්ඩුව ජාතිවාදය ප‍්‍රවර්ධනය කළාද කියලා සැකයකුත් ජනතාව අතර ඇතිවුණා..

මමනම් ඒක පිළිගන්නේ නැහැ. මමනම් හිතන්නේ නැහැ එහෙම කවුරුත් හිතුවා කියලා. මේක හිතාමතා ප‍්‍රවර්ධනය කළා කියලා. මට පෙනෙන විදියට, මම දන්න මට්ටම අනුව ඒක තමයි කිවහැකි අදහස. ඊට වඩා කතාකරන්න බැහැ. මෙවැනි සිදුවීම්වලදී ඒවා වළක්වන්න උත්සාහ ගත්ත බවත් පෙනුණා. එහෙත් සමහර වෙලාවට මිනිස්සු කිව්වේ මීටත් වඩා තවත් ක‍්‍රියාත්මක වෙන්න තිබුණා කියලයි. තව ටිකක් බරපතල විදියට ක‍්‍රියාත්මක වුණානම් ප‍්‍රශ්නය මතුවෙන්නේ නැහැ කියලයි. සංවිධානාත්මකව ජාතිවාදීව ක‍්‍රියාත්මක වුණ මිනිස්සු හිටියා. ඒ මිනිස්සුන්ට දඬුවමක් දෙන්න, අල්ලගන්න බැරිවුණා.
ඒ නිසා කලින් කීවා වගේ මම කිසිම චෝදනාවක් නොකළත්, මිනිස්සු ඔබ කීවා වගේ විවේචන නැගීම සම්බන්ධයෙන් දොස් කියන්නත් බෑ. මම හිතන්නේ, ඒ විවේචනයට හරිහැටි උත්තර දෙන්න හැකියාවක් තිබුණේ නැහැ. අපි මේකට අවශ්‍ය තරම් බරපතල කැපකිරිම කළේ නැහැ. අපි කවදාවත් ජාතිවාදී වුණේ නැහැ. අපේ පක්ෂයේ ජාතිවාදය නැහැ. එහෙත් ඇතැම් වෙලාවට ජාතිවාදී නොවීම පමණක් ප‍්‍රමාණවත් නැහැ. එළියේ ජාතිවාදය ජාතීන් අතර වෛරී ප‍්‍රශ්නයක් බවට පරිවර්තනය වුණා. ඒක හරිම සංවේදී කාරණාවක්. ඒක අපට හරියාකාරව කළමණාකරණය කරගන්න බැරිවුණා. ඒක තමයි ඇත්ත කතාව.

ලෝක මට්ටමෙන් සිංහල ජනතාව සුළුතර ජනකොටසක් සිටිනවායැයි සිංහල ජනතාව අතර හැඟීමක් තියෙනවා. දෙමළ හා මුස්ලිම් ජනතාව ලෝක මට්ටමේදී ශක්තිමත් ජනකොටස් නිසා සිංහලයන් ඒකරාශී විය යුතු බව සමහරු කියනවා. මෙවැනි අදහස් ඉදිරියේ එජාපය කටයුතු කරන්න ඕනෑ කෙලෙසද?

එහෙම හිතුවොත් කවදාවත් ශ‍්‍රී ලාංකික ජනතාවක් කියලා හදන්න බැහැනේ. ශ‍්‍රී ලාංකික ජාතියක් දක්වා එන්න නම් අපි එතැනින් මිදෙන්න ඕනෑ. සිංහල ජනතාව ඉන්නේ මේ ප‍්‍රමාණය විතරයි, ඒ නිසා සිංහල ජාතියට අනතුරක් නොවෙන්න වග බලාගන්න ඕනෑ කියලා හිතුවොත් ශ‍්‍රී ලාංකික ජාතිකවාදය හදාගන්න බැහැ. ඒ මාර්ගයේ ගියොත් අපට විනාශය හැරෙන්න වෙන කිසිවක් නැහැ. අපි මුලින් ශ‍්‍රී ලාංකිකයෝ වෙලා සිංහල මුස්ලිම් දෙමළ කියලා බලනවා හැරෙන්න වෙන වෙන විකල්පයක් නැහැ. මගේ සිංහල බෞද්ධ පදනම ගැන මම අතිශයින් පෞඪ පුද්ගලයෙක්. ඒ ගැන මට කතාකරන්න වචන නැහැ. අපි ඒක ඉතාමත්ම ඕනෑකමින් පිළිගන්නවා. එසේ කියපු පළියට මේ රටේ ජීවත්වෙන අනෙක් ජනවර්ගවලට අයිති පිරිස ගැන අවතක්සේරුවක් කරන්න බැහැ. ඒ අය වෙන කොහේ යන්නද.
මේ ප‍්‍රශ්නයේදී අපි මහජාතිය හැටියට මීට වඩා අනෙක් අයව ඇතුළත් කරගත් සමාජයක් ඇතිකරගන්න ඕනෑ. අනෙක් අයව බාහිරකරණය කළ සමාජයක් මත අපට මේ ප‍්‍රශ්නය කිසිදා විසඳන්න බැහැ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයේදී ඔහු ඍජුව ජාතිවාදී ප‍්‍රකාශ නොකළාට, ඔහුට සහාය පළකරපු උදවිය ඉතාම බරපතල ජාතිවාදී ප‍්‍රකාශ කළා. එම තත්වය දකින්නේ කෙලෙසද?

ගෝඨාභය රාජපක්ෂ කියන පුද්ගලයා කතාකළේවත් නැහැ. ඔහු විවාදයකට ආවේ නැහැ. මාධ්‍ය සාකච්ඡුාවකට ආවේ නැහැ. රැුස්වීමකට ගියත් වචන සීයෙන් දෙසීයෙන් බේරිලා ආවා. මේ ව්‍යාපාරය බැලූ‍වොත් ගෝඨාභය රාජපක්ෂව තනි කරලා වෙනම ව්‍යාපාරයක් ගෙනිච්චා. කෙනෙකුට කියන්න පුළුවන් ගෝඨාභය රාජපක්ෂ කිසි කෙනෙක්ව විවේචනය කළේ නැහැ. ජාතිවාදය කතාකළේ නැහැ කියලා. ඒක ඇත්ත. එහෙත් ඒක තමයි ඔවුන්ගේ ප‍්‍රචාරක ව්‍යාපාරයේ ස්වභාවය. ඇත්තටම මොකක්ද ඒ අය කළේ, කවුද පන්සල්වලට ගියේ, ගෝඨාභය රාජපක්ෂ නොදැනුවත්ව කරපු දේවල්ද කියලා දැන් අපි කතාකරලා පලක් නැහැ. ඇත්තටම එදා තිබුණු මාධ්‍ය හැසිරීම ඔහු දැනගෙන හිටියේ නැද්ද. ඔහුට හොරෙන් මහින්ද හා බැසිල් රාජපක්ෂවරු කටයුතු කළා කියලා හිතන්න තරම් මිනිස්සු මෝඩ නැහැ.
මතුපිටින් එකක් පෙන්නලා යටින් සම්පූර්ණයෙන්ම වෙන ගේම් එකක් ගහපු බව පැහැදිළියි. මම විශ්වාස කරන්නේ නැහැ ගෝඨාභය රාජපක්ෂ මහතා එම ජාතිවාදය නොදන්නවාය කියන තර්කය. ඒක බොළඳ තර්කයක්. ඇත්තටම අපේ මිනිස්සුන්ව ඇන්දුවා. අපේ මිනිස්සු ජාතිවාදියෝ නෙවෙයි. ශ‍්‍රී ලාංකිකයෝ එකට ඉතාම හොඳට ජීවත්වෙනවා. කෙටිකාලීන දේශපාලන වාසිවලට ජාතිවාදය විකුණපු අවස්ථා මීට කලින් තිබුණා. මීට පස්සේත් තියෙයි. ඒ විකිණීම් හරහා කෙටිකාලීන ඡුන්ද ජයග‍්‍රහණය කරන්න කරපු දේවල් නිසා දශක ගණන් අපි දුක් විඳිනවා. පහුගිය මැතිවරණයේදී කරපු වැඩෙන් අපිට ඉස්සරහට දුක් විඳින්න වෙනවා. මේකෙන් එක්කෙනෙක් හෝ කණ්ඩායමක් ගොඩගියා වෙන්න පුළුවන්. පවුලක් බලයට අල්ලාගත්තා වෙන්න පුළුවන්.
මීට කලිනුත් මේ රටේ එහෙම දේවල් වුණානේ. ඒවායින් තවම අපි දුක්විඳිනවානේ. මෙවරත් ජනතාව නොදැන ඒකට අහුවුණ එකයි සිද්ධවුණේ. ජාතිවාදය විකුණලා ඡුන්ද කරලා අපට නම් දිනන්න බැහැ. අපේ දෘෂ්ඨිවාදයේ එහෙම දෙයක් නැහැ. අපේ පක්ෂයේ ව්‍යවස්ථාවේ සියළුම ජනවර්ග සඳහා ඉඩ තියෙනවා. කෙටිකාලීන දේශපාලන වාසියක් ගන්න ජාතීන් අතර සමගිය බිඳදැමීම අපි කරන්නේ නැහැ. අපි දැක්කානේ ඡුන්දයෙන් පස්සේ මීගමුව එජාපය දිනුවාම පොදුජන පෙරමුණට සහාය දුන් අය සමාජ මාධ්‍යවල කීවා මුන්ට බෝම්බ ගහලා මදි කියලා. ඒ වගේ ප‍්‍රකාශ වලින් මොකක්ද කරන්නේ. වගකීමක් එක්කද ඔවුන්ගේ ප‍්‍රචාරක ව්‍යාපාරය කළේ කියන එක ප‍්‍රශ්නයක්. කවුරුහරි කියනවානම් ගෝඨාභය රාජපක්ෂ මහතා එහෙම කළේ නැහැ කියලා. අපව ගොන්නුන්ට අන්දන්න. ප්ලෑන් එකේ කොටස් හැටියට තමයි කළේ. ගෝඨාභය රාජපක්ෂ මහතා ඉතා හොදින් දැනගෙන මේ වැඬේ හිටියා. ඡුන්දය දිනුවා. සමාජයට මොකද වුණේ.

බෞද්ධයන්ව දිනාගන්න බැරිවුණ බව එජාපෙ නායකයන් කිහිපදෙනෙක්ම කියා තියෙනවා. එයින් අදහස් කළේ මොකක්ද?

මම හිතන්නේ අපට ලොකු වැරැුද්දක් වුණා. අපේ නායකත්වයට බැරිවුණා අපේ පක්ෂය සිංහල බෞද්ධ ජනතාව වෙනුවෙන් අපි කරන මහඟු‍ සේවය සහ අපේ දෘෂ්ඨිවාදය මිනිස්සුන් දෙන්නට. ඇත්තටම ඔය සුදු ඇඳගෙන පන්සල්වලට යන සමහර මිනිස්සුන්ට වඩා එජාපයේ බෞද්ධයෝ ඉන්නවා. කාටවත් කියන්න බැහැ සජිත් පේ‍්‍රමදාස මහතා අබෞද්ධයෙක් කියලා. ඔහු බුද්ධාගම වෙනුවෙන් පෙනී ඉන්නේ නැති බව කියන්න බැහැ. ඔහු කොච්චර බුද්ධාගම වෙනුවෙන් පෙනී ඉන්නවාද. ඒ පණිවුඩය හරියට ගෙනියන්න බැරිවුණා. ඔය ගහපු ලේබල් අපි ගලවනවා. ඒවා ගැලවෙන්නේ මේ තියෙන පක්ෂයේ මුහුණුවර වෙනස් වෙනකොට. දැන් තියෙන මුහුණුවර ඒකක ලේබල් ගලවන්න බෑ. ඇත්ත යූඇන්පී එක එළියට එනකොට මිනිස්සුන්ට පෙනේවි එජාපය ගැන අසාධාරණ විදියට මිනිස්සු හිතුව බව.
තමන්ව රැුවැට්ටුව බව මිනිස්සුන්ට වැටහේවි. ඇත්ත එජාපය සිංහල බෞද්ධ ජන කණ්ඩායම සදහා කළ යුතු දේවල් කළ බව පෙන්වන්න පුළුවන්. ඒ කරන අතරවාරයේදී හැමදාම මුස්ලිම්, දෙමළ, කතෝලික මිනිස්සු දන්නවා අපි ඔවුන්ට කුඩම්මාගේ සැලකිලි කරන්නේ නැති බව. අපට මාකට් කරන්න තියෙන්නේ අපේ සැබෑ ස්වරූපය. අපි බෞද්ධයන්ට එරෙහි නම් ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ධර්මිෂ්ඨ සමාජයක් ගැන කතාකරන්නේ නැහැ. එදා ධර්මිෂ්ඨ සමාජයක් ගැන කතාකිරීමෙන් අපට මුස්ලිම් දෙමළ ඡුන්ද නැතිවුණේ නැහැ.
අපි බෞද්ධ කටයුතු අමාත්‍යාංශයක් හදනකොට අපට අනෙක් ආගම්වල සහාය නැතිවුණේ නැහැ. අපි පන්සල්වලට අවශ්‍ය ආධාර උපකාර කරලා බුද්ධ ශාසනය පෝෂණය කරනකොට අනෙක් අය නැතිවුණේ නැහැ. ඒ තමයි ඇත්ත යූඇන්පී එක. ඒක එළියට අරගෙන ගහපු බොරු ලේබල් අයින් කරගන්න පුළුවන් නම් අපට බය නැතිව ඉදිරියට යන්න පුළුවන්. අපට කලබල වෙන්න හේතුවක් නැහැ. අපි ඡුන්ද පැරදුණේ අපි හරියට කළමණාකරණය කරනොගත් නිසා. අපට මාධ්‍යයක් තිබුණේ නැහැ. මාධ්‍ය ඔක්කෝම අපට වටකරගෙන ගැහුවා. ඒ ඔක්කොම නිසයි මේක වුණේ.

දැන් එජාපය බෞද්ධයන්ගේ හිත දිනාගන්න ඕනෑ බව කියමින් ජාතිවාදය වපුරන මැතිවරණ ව්‍යාපාරයකට යොමුවීමේ අවදානමක් තියෙනවාද?

එහෙම දෙයක් නොවෙන තමයි මම කලින් කීවේ. සැබෑ යූඇන්පීය හැදුවේ සියළු ජනවර්ග එකතුවෙලා. පක්ෂ ව්‍යවස්ථාවේ තියෙන්නේ සියළුදෙනාගේ පක්ෂයක් කියලා. මාධ්‍ය පාවිච්චි කරලා අපව කළු යකෙක් වගේ පෙන්වලා තියෙනවා. මේ යකා කළු නැති බව අපට පෙන්වන්න බැරිවුණා. පොරවපු රෙද්ද ගලවගන්න බැරිවුණා. ඒ රෙද්ද ගලවනවා මිසක් අපි කවදාවත් ජාතිවාදී දේශපාලනයට යන්නේ නැහැ. අපි එහෙම තැනකට තල්ලූ‍වෙන්නේ නැහැ. වැරදි රූපය වෙනස් කරගන්න ඕනෑ. එච්චරයි. අපේ තරුණ නායකයෝ, ඉදිරියට එන කණ්ඩායමට සියළු ජනකොටස් සමඟ ගණුදෙනු කරන්න පුළුවන්.

ආණ්ඩු පක්ෂයට තුනෙන් දෙකක අධික බලයක් ලැබී, භයානක තත්වයක් ඇතිවේයැයි ඇතැම් පිරිස් අතර බියක් තියෙනවා. ඉදිරි මහමැතිවරණයට එජාපය ක‍්‍රියාත්මක කළයුතු කෙටිකාලීන වැඩසටහනක් ගැන කල්පනා කරනවාද?

අපට නැතිවුණේ මධ්‍යම පන්තිය. මහ ඡන්දයට කලින් නායකත්වය වෙනස් වෙලා, අපි පෙනී සිටින්නේ මොනවාටද කියන එක පැහැදිළි වෙද්දී ඔවුන්ගේ මතයත් වෙනස් වේවි. අනෙක් පැත්තෙන් මධ්‍යම පන්තියේ ඉන්න පාවෙන ඡුන්දදායකයන් කැමති නැහැ තුනෙන් දෙකක බලයක් තියෙන ආණ්ඩුවකට. ජනාධිපතිවරයා කියන්නේ 19 සංශෝධනය කුඩුපට්ටම් කරනවා කියලයි. ඔය මධ්‍යම පන්තිය තමයි 19 වැනි සංශෝධනය ඕනෑ බව කියලා 2015 දී ඡුන්දය දුන්නේ. 19 අයින් කරලා රාජපක්ෂ පවුලට බලය ගොඩනඟන තැනට පත් කරන්න අපේ ජනතාව සූදානම් නැහැ. කල්පනා කරන මිනිස්සු හරියට හිතලා ඡුන්දය දේවි. අපි එහෙම හේදිලා යන්නේ නැහැ. සමානුපාතික ඡුන්ද ක‍්‍රමයක් තියෙන්නේ. අපට 113කට කිට්ටු ආසන ගාණක් ලැබේවි. පාර්ලිමේන්තුව ගැන අපට බයක් නැහැ. අපට ලොකු විශ්වාසයක් තියෙනවා.
- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි